IMG-LOGO

2024 ඔක්තෝබර් මස 21 වන සඳුදා


බිරියයි - පුතයි මරා දැමූ පියා පෝරකයට

(මනෝප්‍රිය ගුණසේකර)

වෙනත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුණින් පාසල් ගුරුවරියක වූ තම බිරිඳගේ සහ තුන් හැවිරිදි පුතාගේ ගෙල සිරකර මරා ඔවුන්ද සමඟ මසක් වයසැති පුතා නිදි යහනේදීම අමු අමුවේ පුළුස්සා දැමීමේ චෝදනාවන්ට වරදකරු කරමින් පෞද්ගලික ආයතනයක විධායක නිලධාරීකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම අභියාචනාධිකරණය අනුමත කළේය.

රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි විත්තිකරු මෙම අපරාධය කර ඇත්තේ චේතනාන්විතවම බව පරිවේෂණීය සාක්ෂි සහ විද්‍යාත්මක සාක්ෂි මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විත්තිකරුට මරණ දඩුවම් පමුණුවා ඇතැයි මහාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකරු ගොනුකළ අභියාචනය නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේය.

මහාධිකරණ තීන්දුවට එරෙහිව ගොනුකළ අභියාචනය නිෂ්ප්‍රභ කරමින් පිටු 38 කින් සමන්විත තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් මෙලෙස මරණ දඬුවම ස්ථිර කරන ලද්දේ රත්මලාන, කල්දෙමුල්ල, ගොලුමඩම හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි පෞද්ගලික ආයතනයක විධායක නිලධාරීකු වු විජේමුනි මධුර මනුරංග ද සිල්වා (43) නමැත්තාටය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් සහ පී. කුමාරන්රත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ අභියාචන පෙත්සම විභාගයට ගැනීණි. නිදි ඇඳේදීම ඝාතනය කර අමු අමුවේ පිළිස්සු බවට සනාථ වුයේ රත්මලාන, කල්දෙමුල්ල, ගොලුමඩම හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි සචේතනා සඳමාලි ප්‍රනාන්දු (29), විජේමුණි ඉෂාන් චානුක ද සිල්වා (03), සහ කුෂාන් සඳරු ද සිල්වා (මාස 01) නමැති විත්තිකරුගේ බිරිඳ සහ දරු දෙදෙනාය.

දීර්ඝ විභාගයකින් අනතුරුව විත්තිකරුගේ පෙත්සම නිශ්ප්‍රභ කරමින් පිටු 38කින් සමන්විත තීන්දුවක් ප්‍රකාශයක් පත් කළ විනිසුරු මඩුල්ල රත්මලාන, කල්දෙමුල්ල, ගොලුමඩම හන්දිය ප්‍රදේශයේ එකම නිවසක විත්තිකරු සමඟ සචේතනා සඳමාලි ප්‍රනාන්දු (29), විජේමුණි ඉෂාන් චානුක ද සිල්වා (03), සහ කුෂාන් සඳරු ද සිල්වා (මාස 01) නමැති විත්තිකරුගේ බිරිඳ සහ දරු දෙදෙනා පදිංචිව සිට ඇතැයි සඳහන් කළේය.

2012 දෙසැම්බර් 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නිවසේ කාමරයේ නිදාසිටියදී බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ නඩු පවරා තිබු බවත් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා හමුවේ විභාග කළ නඩුවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීමෙන් සාක්කිකරුවන් 14 දෙනෙකු සාක්කි දී ඇතැයිද විනිසුරු මඩුල්ල තීන්දුවේ සඳහන් කළේය.

සිද්ධිය වන විට 31 හැවිරිදි වියේ පසුවු විත්තිකරු පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් හදාරමින් සිටියදී හමුවූ මීගමුව ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන ඇති බව මහාධිකරණ නඩු විභාගයේදී හෙළි වී ඇතැයි තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඩුල්ල ප්‍රේම සබඳතාවක් ඇති කරගත් ජාත්‍යන්තර පාසල් ගුරුවරිය විවාහ කර ගැනීමේ අරමුණින් විත්තිකරු තම බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කර ඇති බව මහාධිකරණ නඩු විභාගයේදී අනාවරණය වී ඇතැයිද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

බිරියයි - පුතයි මරා දැමූ පියා පෝරකයට

ඔබේ අදහස් එවන්න

දියත

බිරියයි - පුතයි මරා දැමූ පියා පෝරකයට
2024 ඔක්තෝබර් මස 20 771 0

වෙනත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුණින් පාසල් ගුරුවරියක වූ තම බිරිඳගේ සහ තුන් හැවිරිදි පුතාගේ ගෙල සිරකර මරා ඔවුන්ද සමඟ මසක් වයසැති පුතා නිදි යහනේදීම අ


ගිණි අවි නිෂ්පාදනය කළ අයෙකු අත් අඩංගුවට
2024 ඔක්තෝබර් මස 20 342 0

සූරියවැව වැවේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිණි අවි කම්හලක් වටලා ටී 56 උණ්ඩ යෙදිය හැකි ලෙස සාදන ලද ගිණි අවි දෙකක් හා උපකරණ කිහිපයක් සමඟ එක් සැකකරුවකු හම්බන


සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති දෙදින සංචාරයකට දිවයිනට
2024 ඔක්තෝබර් මස 20 657 0

සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.


තවත් සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වේ
2024 ඔක්තෝබර් මස 20 2012 0

හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ ප්‍රා


ජනපති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 20 1494 0

පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති පටන් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබ


හොරෙන් එන්න ආ දෙන්නෙක් පිටුවහල් කරයි
2024 ඔක්තෝබර් මස 20 1312 0

ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැකකටයුතු


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 703 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 517 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site