IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා

(හෙන්රි ලයනල්)

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය කඩයට විකුණූ පුවතක් හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

පසුව එම මුදල ලබා ගැනම සඳහා පොලිසියට ගොස් පොලිසියේද මැදිහත්වීම මත එම මුදල ලබා ගෙන ඇත.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම අඹුසැමි යුවළ විවාහක තම මුදල් අවශ්‍යතාවයක් මතු වූ විය. එම දියණියගේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මවත් පියාත් සාකච්ඡා කර ඔවුනට අයත් ඉඩමකින් කොටසක් විකුණා මුදල් ලබාදීමට තීරණය කළහ.

ඒ අනුව එම ඉඩම් කොටස විකුණා එම දෙපළ රුපියල් පහළොස් ලක්ෂයක් ලබා ගත්තේය.

එම මුදල ආරක්ෂාක ස්ථානයක තැබීමට බාර වී ඇත්තේ භාර්යාවටය. රටේ පවතින තත්ත්වය අනුව ඒ මුදල කොතැනක සඟවනවාදැයි එදින රාත්‍රියේ කල්පනා කළ ඇය අවසානයේ තම ස්වාමියාටත් නොදන්වා රුපියල් ලක්ෂ පහළව සිලි සිලි මල්ලක ගැට ගසා නිවසේ තිබූ අඩක් වී පිරවූ ගෝනියක් තුළ සඟවා නින්දට ගොස් ඇත.

පසු දින උදයේ ඇය උයා පියා ගේදොර අතුපතුගා තරමක් දුරින් පිහිටි අසල්වැසි නිවසකට අවශ්‍යතාවයක් සඳහා ගොස් තිබේ.

මේ ආරක්ෂාව ගැන නොදන්නා ස්වාමියා අවදිවී මුහුණ කට සෝදාගෙන උදය ආහාරයද ලබාගෙන මුදල් රැගෙන යෑමට එන දියණියට හොඳට කන්න බොන්න දෙන අදහසින් නිවසට අවශ්‍ය දෑ ගෙන ඒමට වී ටිකක් විකිණීමේ අදහසින් අඩක් පුරවා තිබූ වී ගෝනිය ප්‍රමාණවත් යැයි සිතා එම වී ගෝනිය තම යතුරුපැදියේ තබාගෙන ප්‍රදේශයේ වී කඩයකට ගොස් විකුණා ඇත.

ඉන්පසු ඒ මුදල් ලබාගෙන වෙළඳ සැලකට ගොස් අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගෙන එන අතරවාරයේ නිවසින් බැහැරව සිටි බිරිය නිවසට පැමිණ ස්වාමියා කොයිදැයි බලන විට නිවසේ නොසිටි නිසා නිවස අසල නිවැසියන්ගෙන් විමසීමේදී ඔහු වී මිටියක් අරගෙන යතුරුපැදියෙන් ගිය බව පවසා ඇත.

ඒ සැණින් නිවසට දිවගිය ඇය තමා මුදල් සැඟවූ වී ගෝනිය තිබේදැයි විපරම් කර ඇත. ඇයට දෙවියන් සිහිවුණි.ස්වාමියා රැගෙන ගොස් ඇත්තේ තමා මුදල් සැඟවූ වී ගෝනිය බව දැනගත් ඇය ස්වාමියා ගිය මඟ දිග පිස්සියක මෙන් දිව යන අතරමගදී ස්වාමියා හමුවී ඇත.එහිදී භාර්යාව ස්වාමියාට දොස් නගමින් මුදල් සඟවා තිබුණේ ඒ වී ගෝනියේ බව පවසා ඇත. මේ වනවිට කාලය පැය කීපයක් ගත වී ඇත.

දෙදෙනාම ආපසු වී කඩේට ගොස් ඒ බව පවසා මුදල් ඉල්ලා ඇතත් ඒ ගැන තමන් කිසිවක් නොදන්නා බවත් ගෙනා වීමිටිය තවම වී ගොඩට හැලුවේ නැති බවත් වී කඩේ බලධාරීන් පවසා තිබේ.

තමන් ගෙනා වීමිටිය ලෙහා ඇති බව දැනගත් ඔහු මුදල්ටික ආපසු දෙන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටියත් පලක් නොවූයෙන් එම දෙපළ අවසානයේ හිඟුරක්ගොඩ පොලිසියේ පිහිට පතා ඇත.

එම පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වූ හිඟුරක්ගොඩ පොලිස් නිලධාරීන් සිදු කළ පරීක්ෂණ හා හරස් ප්‍රශ්න කිරීම් හේතුවෙන් එම මුදල සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.

 



අදහස් (0)

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා

ඔබේ අදහස් එවන්න

දියත

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 253 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 991 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 203 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1020 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 398 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1036 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site