(උපාලි ආනන්ද)
උදළු තලයෙන් පහරදී තම මිතුරාට මරා දැමී යැයි සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ පොළොන්නරුව පළාත් බද මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විත්තිකරුට මරණ දඬුවම නියම කළේය.
විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ප‍්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි.
2015 වසරේ නොවැම්බර් මස 01 දින හෝ ඊට ආසන්න දිනයක පොළොන්නරුව මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් කවුඩුල්ලේදී පී.ජී. රන්බංඩා යන අයට උදළු පහර එල්ල කර ඔහු මරා දැමූ බවට නීතිපතිවරයා විසින් ලංකා දන්ඩ නීිති සංග‍්‍රහයේ 296 වන වගන්තිය ප‍්‍රකාරව විත්තිකරුට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණ.
මෙසේ මරණ දඬුවම නියම වූයේ පොළොන්නරුව කවුඩුල්ල පදිංචි ගාමිණි රණවීර නැමැත්තෙකුටය.
විත්තිකාර ගාමිණි රණවීර නැමැත්තා මරණකරුගේ බිරිද සමඟ ඇති කරගෙන තිබූ අනියම් ප්‍රේම සබඳතාවයක් මෙම ඝාතනයට පාදක වී ඇති බව නඩු විභාගයේදී අනාවරණ විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පැවත්විණි.
බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ නිල නිවාසලාභීන්ගේ ජලය සහ විදුලි වියදමවූ රුපියල් එක්කෝටි තිස් හත් ලක්ෂයක් එම විශ්ව විද්‍යාල අරමුදලෙන් ව
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) අමතද්දී, කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් අප්‍රිකාවට අයත් ලෙසතෝ නමැති කුඩා රාජ්
හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහරට රැගෙන ආ අලියකු කෑම දීමට ගිය තරුණයකුට අලියා පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බිරිය සමඟ හාද වී සැමියා මැරූ අනියම් සැමියා පෝරකයට
Nihal Thursday, 13 March 2025 03:51 PM
අධි කාමුක ගැහැණිය පිටතින් සෙවීම ඉතා දුෂ්කරයි. පච්වා කොටලා තරමක් දුරට පුළුවන්...
soma Thursday, 13 March 2025 04:29 PM
පැරණි ග්‍රන්ථවල කාමාධික කාන්තාවන් හඳුනා ගන්න විස්තර තියෙනවා. මේ ලෝකෙ ජීවීන්ගේ පැවැත්ම තියෙන්නේ ප්‍රජනනය මුල්කර ගෙන. කාමශක්ති බව නැත්නම් ජීවීන්ගේ පැවැත්මක් නෑ. ශිෂ්ඨාචාර වුණත් සමහර මිනිසුන් අතර ඇති තිරිසන් ගති පැවැතුම් තමයි අවුලට මුල...
රුවන් Thursday, 13 March 2025 04:29 PM
සත්ව ලෝකයේත් සිදු නොවන තිරිසන් වැඩ මේවා. යාල ජාතික වනෝද්‍යානයේ කොටි මවක් මුව පැටවුන්ට කිරි දෙනවා, ඒකට මිනිස්සු?