(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
මාසිකව විදුලිය ඒකක පනහක් පමණ පාවිච්චි කරන රටේ සමස්ත ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් තුනෙන් එකකට ආසන්න පිරිසකගේ විදුලි බිල මෑතක සිදුකෙරුණු සංශෝධන හේතුවෙන් සියයට 412කින් ඉහළ ගොස් ඇතැයි විදුලි බල මණ්ඩලයේ වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය.
විදුලි ඒකක 50ක් පමණ පාවිච්චි කරන වැඩි පිරිසක් අන්ත දුගී අය බව පවසන මහාචාර්යවරයා විදුලිබිල සංශෝධනය තුළ වැඩිම බලපෑමට ලක්වී ඇත්තේ ආගමික ස්ථාන බවද සඳහන් කළේය.
මසකට විදුලි ඒකක 150 ක් පාවිච්චි කරන ආගමික ස්ථානවල විදුලි බිල සියයට 597කින් වැඩිවී ඇතැයිද ඔහු පැවසීය.
විදුලි ඒකක සීයක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට 203 කින්ද ඒකක 150 ක් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට 163කින්ද විදුලි ඒකක දෙසීයක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට 137 කින්ද විදුලි ඒකක 250ක් පාවිච්චි කරන අයගේ විදුලි බිල සියයට 150 කින්ද විදුලි ඒකක 400 ට වැඩියෙන් පාවිච්චි කරන අයගේ විදුලි බිල සියයට 100 කින්ද වැඩි වී ඇතැයි අතුකෝරල මහතා පෙන්වා දුන්නේය.
එසේම විදුලි ඒකක 200ක් පාවිච්චි කළ කුඩා කර්මාන්තවල විදුලි බිල සියයට 143 කින්ද ඒකක දෙසීයක් පාවිච්චි කළ වෙළෙඳ ව්‍යාපාරවල විදුලි බිල සියයට 195කින්ද වැඩිවී ඇතැයි ඔහු සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය පසුගිය වසරේදී විදුලිය විකුණා රුපියල් කෝටි 39800ක ලාභයක් උපයා ඇතැයි පවසන වසන්ත අතුකෝරළ මහතා ඉන් රුපියල් කෝටි 9600ක්ම උපයා ගෙන ඇත්තේ ගෘහස්ථ අංශයෙන් බවද ප්‍රකාශ කළේය.
මණ්ඩලය ව්‍යාපාර අංශයෙන් උපයාගෙන ඇති මුදල රුපියල් කෝටි 8100ක් බව හෙතෙම පැවසීය.
විදුලිය බිල වැඩි වීමෙන් වැඩිම පීඩනයට ලක්ව ඇත්තේ අඩු ආදායම් ලබන පිරිස් බවත් මේ හේතුවෙන් ඒ අයගේ දරුවන්ට අධ්‍යාපනය සඳහා මුදල් වැය කිරීම ලොකු අභියෝගයක් වී ඇති බවත් මහාචාර්යවරයා කීවේය.
මේ පිරිස ඉදිරියේ දී විදුලිය නැතිව ජීවත්වීමේ අවදානමක් මතුව ඇතැයිද අතුකෝරල මහතා පැවසීය.
සමහර අඩු ආදායම්ලාභීන් සිය කණකර ආභරණ උකස් කර හෝ විකුණා විදුලිය බිල ගෙවන තත්වයක් පවතින බවද ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකාවේ සියලු විදුලි ගිණුම් ප්‍රමාණය හැට නවලක්ෂ තිස් හය දහස් හත් සිය තිස් පහක් බවත් ඉන් සියයට 86ක් ගෘහස්ථ පාරිභෝගිකයන්ට අයත් ඒවා බවත් මහාචාර්යවරයා පැවැසීය.
විදුලිය ගෙවන ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ ගිණුම් සංඛ්‍යාව පනස් නව ලක්ෂ හැත්තෑ දහස් තුන්සිය විසි හයක් බව වසන්ත අතුකෝරාල මහතා සදහන් කළේය.
මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන බීමත් අයියා මලෝ දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බීමතින් පොලිස් කැබ් රථයක් ධාවනය කර ත්‍රිරෝද රථයක හප්පා පලා ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවි නාමය කිසිදු ලේඛනයක සඳහන් නොකරන ලෙස එම අමාත්‍යාංශයේ ජ
පෙබරවාරි මාසයේදී ගෙන්වන වාහන වල මිල’’ චුට්ටක්’’ වැඩිවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාරසහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නාගොඩ කැප්පිටියාගොඩ අඟුරුවාවල පාලමෙන් මෝටර් රථයක් ඇලට වැටි ඇල්පිටිය මහජන බැංකුවේ කළමනාකරු අද සවස මියගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බිල වැඩිවීමෙන් වැඩිම විදුලි සැර දුප්පතුන්ට
uween Saturday, 04 November 2023 02:39 PM
ආගමික ස්ථානවලට ලැබෙන සල්ලි කෝ? අපි කැටේට දාන සල්ලි ඕවට තමා වියදම් කරන්න ඕනේ නැතුව defender, iphone ගන්න නෙමෙයි
sugath Saturday, 04 November 2023 04:37 PM
LED සහ CFL තාක්ෂණයෙන් යුතු විදුලි බල්බ් රටේ ප්‍රචලිත කළයූතුයි.
Lal Saturday, 04 November 2023 05:59 PM
මේ රිසර්ච් එක කරලා තියෙන්නේම ජෙප්පෙක්... මෙයාට ආර්ථික විද්‍යාව ගැන අදහසක් නැති කෙනෙක්...!
චන්දන Saturday, 04 November 2023 06:23 PM
අස්වැසුම තමයි පිළියම...