IMG-LOGO

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා


බීජිං සම්මුතියට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාලව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස නීති පැනවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මරණයක්, බරපතල ශාරීරික තුවාල කිරීමක් හෝ බරපතල හානියක් සිදු කිරීම සඳහා සිවිල් ගුවන් යානාවක් භාවිත කිරීම, යම් කිසි ජෛව විද්‍යාත්මක, රසායනික භෝ න්‍යෂ්ටික අවියක් හෝ ද්‍රව්‍යයක් මුදා හැරීම සඳහා සිවිල් ගුවන් යානාවක් භාවිත කිරීම, යම් කිසි ජෛව විද්‍යාත්මක, රසායනික හෝ න්‍යෂ්ටික අවියක් හෝ එවැනි සමාන ද්‍රව්‍යයක් ගුවන් යානාවක් තුළ හෝ සිවිල් ගුවන් යානාවකට එරෙහිව භාවිත කිරීම වැනි ක්‍රියාවන් අපරාධ වශයෙන් නම් කරමින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාළව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය ( බිජිං සම්මුතිය, 2010) 2010-09- 10 දින බීජිංහි පැවති ගුවන් නීතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී සම්මත කර ගනු ලැබ ඇත. 

එවැනි අපරාධ දැනට මෙරට බලාත්මක 1996 අංක 31 දරන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වල නිරුපද්‍රිත භාවයට එරෙහි නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමේ පනතේ විධි විධාන වලින් ආවරණය නොවන බැවින්, බීජිං සම්මුතිය බලාත්මක කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2022-05-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

 එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකි වන පරිදි වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව  අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

බීජිං සම්මුතියට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

දියත

ගුරු - විදුහල්පති වැටුප් ඉහළම ශ්‍රේණි දහය අතරට
2025 පෙබරවාරි මස 25 54 0

විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළම ශ්‍රේණි දහය අතරට ගෙනවිත් තිබෙන බව අග්‍රාමාත්‍ය , අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හර


ජනපති - යුද හමුදා ප්‍රධානී හමුවක්
2025 පෙබරවාරි මස 25 95 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.


දිළිඳු බවට තිත තියන්න ’’ප්‍රජා ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 25 75 0

දිළිඳු බව තුරන් කිරීම සඳහා බහු විධ ප්‍රවේශ ඇතුළත් ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් ’’ ප්‍රජා ශක්ති’’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියල දී ඇත.


’’යහපාලන සමයේ අසත්‍ය චෝදනා යළි ගෙන එනවා’’
2025 පෙබරවාරි මස 25 218 0

යහපාලන ආණ්ඩුව සමයේ චෝදනා ඉදිපත්කර ඔප්පු කිරීමට නොහැකිව ඉවත දමා තිබු අසත්‍ය චෝදනා නැවත ප්‍රෝඪාකාරී ලෙස ගෙන එන එමින් එම පක්‍ෂයේ පාක්ෂිකයා සතුටු කිරීමට


අන්තර්ජාතික ගුවන් සම්මුතියකට අපේ කැබිනට්ටුවත් එකඟ වෙයි
2025 පෙබරවාරි මස 25 157 0

අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතිය සඳහා වන සංශෝධනයට අදාළ Article 3 bis සන්ධාන පත්‍රය වෙත ප්‍රවේශ වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී


සංජීව ඝාතනයට 30කගෙන් ප්‍රකාශ ගනියි
2025 පෙබරවාරි මස 25 312 0

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 30 කගේ පමණ ප්‍රකාශ සටහන් කර ඇති බව පොලිස් මාධ්‍


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 260 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 439 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 183 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site