(අංජුල මහික වීරරත්න)
මෙරට බීඩි කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් හදුන්වා දෙන්නට රජය තීරණය කර තිබේ.
ජනපති උපදෙස් අනුව කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ සියළු පාර්ශව සමඟ සාකච්ඡාවක් පැවැති අතර ඒ අනුව අදාල ප්‍රතිපත්තිය සැකසීම මුදල් අමාත්‍යාංශය වෙත පවරා ඇත.
දැනට බීඩි කොළ කිලෝවක් සඳහා අය කරන රුපියල් 5000 ක සෙස් බද්ද ඉවත් කිරීමට ද එම සාකච්ඡාවේදී යෝජනා වී තිබේ.
බීඩි කොල ආනයනයේදී අය කරන රුපියල් 5000 ක සෙස් බද්දට අමතරව එක් බීඩියකින් රුපියල් දෙකක මුදලක් ද රජය අය කර ගනු ලබයි.
සුරා බදු දෙපාර්තමේන්තුව මෙි ක්‍රමය හඳුන්වා දී ඇති නමුත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ද ඉහත සාකච්ඡාවේදී හෙළිදරව් වී තිබේ.
බීඩි කොල කිලෝවකට අය කරන සෙස් බද්ද හේතුවෙන් හොර පාරෙන් රටට විශාල වශයෙන් බීඩි කොළ පැමිණෙන බවට ද මෙහිදී තොරතුරු වාර්තා වී ඇත. එම නිසා බීඩි කාර්මාන්තය විධිමත් කරමින් සුරා බදු දෙපාර්තමේන්තුවේ කටයුතු ද විධිමත් කිරීමට මෙහිදී තීරණය වී තිබේ.
බීඩි කර්මාන්තයේ 700 ක පමණ පිරිසක් මේ වන විට යෙදී සිටින බැවින් බීඩි කොළ ගෙන්වීමේදී අය කරන සෙස් බද්ද ඉවත් කොට එක් බීඩියකින් අය කරන බදු මුදල රුපියල් 3.50 දක්වා ඉහළ දැමීමට ද තීන්දු වී තිබේ.
සෙසු බද්ද ඉවත් කළ ද ලැබෙන ආදායම කිසි ලෙසකින් අඩු නොවන ලෙස මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇත. මුදල් ඇමතිවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉහත ප්‍රතිපත්ති මාලාව සාකච්ඡා කොට එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නිට්ටඹුව පොලිස් වසමේ දඹුටුව පාසල අසල අල්ගම ඔයේ දියනෑමට ගිය පුද්ගලයෙකු අද (26) දහවල් දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් කෙසේ වෙතත් ඉන් සීමිත හානියක් සිදුවූ බවත් ඉරාන ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය නිවේදනයක් නික
ඉරානයට එල්ල කළ ප්‍රති ප්‍රහාරය සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
රටේ ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරන
ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ඉකුත් දෙසැම්බරයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රී ලාංකි
හිටපු මැති ඇමතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ බංගලා පහසුකම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සොයා බැ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
බීඩි සෙස් බද්ද ඉවතට
සුපුන් Saturday, 21 October 2023 12:28 PM
පේනවනේ 2048 රට සුරපුරයක් කරන්න ගත්තු ඉතා හොඳ තීරණයක්. දැන් රට සුරපුරේ වෙන එක නවත්තන්න කාටවත් බෑ...!
sanath Saturday, 21 October 2023 03:17 PM
හොඳ තීරණයක්.
Nimal Saturday, 21 October 2023 03:44 PM
ඊළඟට කුඩු වලටත් මේ දේම කරමු .මිනිස්සුන්ට මොනවා උනත් කමක් නෑ
Kumar Sunday, 22 October 2023 06:07 AM
බීඩි වලින් තරුණ පරපුරේ පෙනහළු වලට සිදුවන හානිය ගැන තැකීමක් නැතුව වගෙයි...!