(යොහාන් භාසුර)
බීමත්ව රියපැදවීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
රියදුරන් බීමත්ව රියපැදවීම බහුලව දැකිය හැකි වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දඩුවම් වැඩි කළ හොත් මෙම තත්වය පාලනය කළ හැකි යැයි විශ්වාස කරන බවත් එම නිලධාරියා කීය.
පොලිසිය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන රථවාහන වැරදි කරන රියදුරන් නීතියේ රැහැනට හසුකරගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක බව කී එම නිලධාරියා අද (26) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 395 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව ද සඳහන් කළේය.
එම පැය 24 ක කාලය තුළ අපරීක්ෂාකාරී සහ අනතුරුදායක ලෙස රිය පැදවීමට රියදුරුන් 50 කට, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 120 කට, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1,262 කට, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 682 කට සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5,441 කට ලෙස රියදුරන් 7,950 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව ද එම නිලධාරියා කීය.
මෙම මස 20 වැනිදා ආරම්භ කළ එම මෙහෙයුම තව දුරටත් ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් දෝෂාභියෝගයෙන් පාරජයට පත්කර ධුරයෙන් නෙරපිමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කළ අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද(27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වීය.
නීති විරෝධි ගිනි අවියක් සන්තකයේ තබාගෙන විල්පත්තුව වන උද්‍යානයේ දඩයමේ ගිය දඩයක්කරුවෙකු අඹගහවැව ප්‍රදේශයේදි ඊයේ (26) අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිස
බස් රථයක් විකිණීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පලකර පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000 ක මුදලක් ලබාගෙන බස් රථය ලබා නොදුන් ගුවන් හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව
කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ වෙළදසැලක් අවහිර කර යතුරු පැදියක් නවත්වා තැබීම සම්බන්ධයෙන් තුවක්කුවක් එල්ල කර මරණ තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සැකපිට අ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
බීමත්ව රිය පැදවුවහොත් අවුරුද්දක තහනමක්
Mihiranaga. Thursday, 26 December 2024 11:44 PM
තවදුරටත් නෙමෙයි හැමදාමත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
කමනි Friday, 27 December 2024 08:57 AM
අවුරුද්ද නං මදි. මේ අයව චෙක් කරනවාත් මදි... කට්ටිය කිසි බයක් නැතුව බීලා එලවනවා. අනිත් අය ජීවිතයෙන් වන්දි ගෙවනවා.