( ජේ.ඉඳුරුවගේ )
බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.යන්ත්‍රය සහ තවත් වෛද්‍ය මාපකයක් අද (22 ) අලුයම බෙන්තොට රෝහල ඉදිරිපිට බිමදමා ගොස් තිබියදී සොයාගත් බව බෙන්තොට පොලීසිය කියයි.
ඉකුත් 18 දා රාත්‍රී අටට පමණ මෙම යන්ත්‍ර සොරාගෙන යාම පිළිබඳව රෝහලේ රාත්‍රී සේවයේ යෙදී සිටි හෙද නිලධාරිනියක විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබූ බව පොලීසිය පැවසීය.
මෙම යන්ත්‍ර සොරකම ගැන ඇල්පිටිය පොලිස් කොට්ඨාස ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් සමග පරීක්ෂණ පවත්වමින් සිටියදී එම යන්ත්‍ර පොලිතීන් දවටනයකින් ඔතා කිසිවෙකු විසින් අද මෙලෙස රෝහල ඉදිරිපිට දමා ගොස් තිබූ බව පොලීසිය පැවසීය .
ඇල්පිටිය කොට්ඨාස ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් පැමිණ මෙම යන්ත්‍ර ඔතා තිබූ දවටන ඉවත්කර එහි ඇඟිලි සළකුණු ලබාගත් බව පොලීසිය පවසයි.
ගැඹුරු මුහුදේදී බිලී කටුවක් අතේ ඇගිල්ලක ඇමිණීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ධීවරයෙක් නාවික හමුදාවේ විජයබාහු නෞකාව තුළදී සැත්කමක් සිදුකිරීමෙන් අනතුරු
විදෙස් ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු විසින් ගෝලයින් යොදවාගෙන කලක් තිස්සේ කැළණි ගගේ හංවැල්ල යකාබැම්ම ප්‍රදේශයේ අනවසරයෙන් වැලිගොඩ දමමින් සිටිය
මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යපෘතිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දි
ඇමෙරිකාවේ තැනින් තැන මතුවන අභිරහස් ඩ්‍රෝන යානා හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23 ක සහ නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30 ක අනවසර ඩ්‍රෝන ගුවන්ගත කිරීම තහනම
එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අැතැයි කියන රත්තරන් සොයා
රෙදි කැබැල්ලකින් ඔතා මාර්ගයේ දමාගොස් තිබූ දින 2ක් පමණ වන බිලිඳියක දෙමටගොඩ පොලිසිය විසින් සොයාගෙන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතු
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
රෝහලෙන් සොරකම් කළ ඊ.සී.ජී.යන්ත්‍රය දින තුනකට පසු ගෙනත් දාලා