IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


බෙහෙත් ගන්න සල්ලි නැතිව මව දරු දෙදෙනා සමග ළිඳට පනී

(පැතුම් දර්ශන සහ හේමන්ත රණසූරිය)

කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේ මවක් සියදිවි හානිකර ගැනීමේ අරමුණින් සිය ආබාධිත පිරිමි දරුවන් දෙදෙනකු සමග අද(05)  නිවසේ ළිදට පැන ඇති බව කැබිතිගොල්ලැව මුලස්ථාන පොලිසිය කියයි.

මෙම සිදුවීමෙන් එක් දරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මව සමග අනෙක් දරුවා බරපතළ තත්ත්වයෙන් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වව්නියාව රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව කනුගහවැව ප්‍රදේශයේ පදිංචි සුනිල් ශාන්තගේ රවිදු මිහිරංග නැමැති විසි එක් හැවිරිදි තරුණයකු වන අතර බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කොට ඇත්තේ මිය ගිය තරුණයාගේ 48 හැවිරිදි මව සහ නව හැවිරිදි දරුවකුය.

සිද්ධියෙන් මියගිය විසිඑක් හැවිරිදි රවිඳු මිහිරංග පූර්ණ ආබාධිත සහිත අයකු බවත් රෝහල් ගත කොට ඇති ඔහුගේ සහෝදරයා පූර්ණ කථන අපහසුතාවක් ඇති කන් නොඇසෙන බිහිරි තත්වයේ පසුවූ අයෙකු බවත් පොලිසිය පවසයි.

පැවැති ආර්ථික අපහසුතා නිසා ආබාධිත දරුවන් දෙදෙනාගේ ප්‍රතිකාර කටයුතු සිදු කැර ගැනීමට මුදල් නොමැති කමින් මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමග ළිඳට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

සිවිල් ආරක්ෂක භටයකු වන දරුවන්ගේ පියා අද(05) අළුයම රාජකාරියට ගොස් ඇති බවත් පසුව උදෑසන ආහාරය සඳහා පෙරවරු 10 ට පමණ නැවත නිවසට පැමිණ බලන විට බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවසේ පෙනෙන්නට නොසිටි නිසා වටපිටාව විපරම් කර බලද්දී බිරිඳ සහ දරුවන් දෙදෙනා ළිඳ තුළ වැටී සිටිනු දැක ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (9)

බෙහෙත් ගන්න සල්ලි නැතිව මව දරු දෙදෙනා සමග ළිඳට පනී

චින්තක Sunday, 05 March 2023 07:09 PM

සුනිල් ශාන්තගේ රවිදු මිහිරංග කිව්වම මටනම් පුදුමයක් වුනා ඉංග්‍රීසි ජාතීන්ගේ හා අපේ සහෝදර දෙමළ ජනතාව තමන්ගෙ වාසගම ලියන ආකාරයට තමයි ඔවුනුත් නම් ලියා තියෙන්නෙ සාමාන්‍යයෙන් සිංහල වාසගම් ලියන්නෙ පියාගෙ නම පුතාගෙ වාසගම ලෙසට නොවෙයි නේද ඒක නොදන්නා කෙනෙකුට පුවත්පත් වල නම් වෙනස්කිරීම් වලින් තේරුම් ගන්න පුළුවන්

:       1       0

nanda Sunday, 05 March 2023 07:36 PM

රටට වෙලා තියෙන දෙයක්... පාලකයින් බොරු සිහින මවමින් බලයේ දිගටම ඉන්නේ කොහොමද කියලා හිතනවා මිසක් මහපොළවේ දුප්පත් මිනිස්සු විඳින දුක දිහා බලන්නේ නැහැ...

:       0       0

anuranga Sunday, 05 March 2023 11:14 PM

සතෙන් සතේ රුපියලෙන් රුපියල හොරන් කරල හොරකන් කරල මුන්ටික අපිට ඉතුරු කරපු රට.

:       0       2

SL Monday, 06 March 2023 12:43 AM

බෙහෙත් ගන්න තියෙන සල්ලි වලින් කොමිස් කඳු පිටින් ගහල ඒවායින් ආතල් ගන්න ඇමතිලා, ලොකු ලොක්කෝ ......න් ට මොනා හිතෙනවා ඇතිද ???? මේ රටේ budjet එකෙන් බිලියන ගානක් වෙන්කරත් බෙහෙත් පෙත්ත හරියට බදු ගෙවන මිනිස්සු අතට යන්නේ නැත්තේ ඒ මුදලින් අවම වශයෙන් 50%ක් වත් ඇමතිගේ ඉඳ ල පහලම සෞඛ්ය් සේවයේ ඉන්න කම්බ හොරු පිරිසක් මාටියා ගහන නිසා. නැතිනම් රුපියල් 2 පෙත්ත 200 ට ගන්න පුවත් අපිට අහන්න ලැබෙන්නේ නැහැ

:       0       2

ravin Monday, 06 March 2023 07:34 AM

රටේ තියෙන සම්පත් හූරාගෙන කන අයට වැහි නැති හෙනම තමයි...!

:       0       0

harsha Monday, 06 March 2023 10:40 AM

74 වසරක් පුරාවට බූරු පාලකයන් අපට උරුම කල රට... සමාජ ආරක්ෂණය ?

:       0       2

nalin Monday, 06 March 2023 11:23 AM

රාජපක්ශල ඇතුලු 75 වසරක් රට පාලනය කරපු කාලකන්නි පාලකයො රට ගෙනල්ල දාපු තැන තමයි ඕක. අයියෝ අහින්සක ජීවිත

:       1       1

nanda Monday, 06 March 2023 02:22 PM

අද අපේ රට ඉතියෝපියාවටත් අන්ත තත්වෙට පත්වෙලා මෙහෙම ගියොත් ලෝකයේ දුප්පත්ම රට වෙන්න වැඩි කල් යන්නෙ නැහැ.

:       0       1

රංජිත් Monday, 06 March 2023 02:59 PM

වසර 75ක් රට පාලනය කල රට මේ තැනට ඇදලා දාපු දේශපාලුවන්ටයි නිලධාරීන්ටයි මේවා සාප වෙනවා....

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අධි යතුරු පැදි ධාවනය කළ හයක් සැකපිට
2024 ඔක්තෝබර් මස 28 118 0

මාර්ගවල ධාවනය කිරීමට අවසර නොමැති අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි අධි වේගයෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් සිටි තරුණයන් හත් දෙනකු යතුරු පැදිද සමග අත්


කුලියාපිටියේ OIC අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 28 1298 0

කුලියාපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී වගඋත්තරකරුට පහරදීමට තැත්තකළ බව කියන සිද්ධියක් සම්බ


රේගුවෙන් ඇල්ලූ වාහන 637 ක් දිරන්න ඇරලා
2024 ඔක්තෝබර් මස 28 608 0

ශ්‍රී ලංකා රේගුව මගින් අත් අඩංගුවට ගන්නා ලද විවිධ වර්ගයේ වාහන 637 ධාවනයට නුසුදුසු වන ලෙස දිරාපත්වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.


ජනාධිපති අනුරට දෝෂාභියෝගයක් ගේනවා
2024 ඔක්තෝබර් මස 28 1393 0

අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම


රෝද තුනෙන් ළමුන් 11 ගෙන ගිය රියදුරු අල්ලයි
2024 ඔක්තෝබර් මස 28 387 0

බේරුවල නාගරික ප්‍රදේශයේ පාසලක් වෙත සීමාව ඉක්මවා ළමුන් එකොළොස් දෙනෙකු හා ගුරුවරියක්ව ප්‍රවාහනය කළ ත් ත්‍රී රෝද රථ රියදුරෙකු බේරුවල පොලිසියෙ රථවාහන


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක්
2024 ඔක්තෝබර් මස 28 250 0

පානදුර දුම්රිය සථානයෙන් අද (28) පෙරවරු 9.15 ට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේදී පිලී පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක දුම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 231 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 998 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 593 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site