IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බේබද්දෙක් මගීනුත් එක්ක ගලේවෙලදී බසයක් පැහැරගෙන

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක්  ආහාර ගැනීම සඳහා ගොස් සිටියදී බීමතින් සිටි පිටස්තරයකු බස් රථය පණ ගන්වාගෙන ඉබ්බන්කටුව  සුසාන භූමිය  අසල අතහැර දමා පලා ගොස් ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

පිටස්තර පුද්ගලයකු බස් රථයට ගොඩ වී එය පණ ගන්වා ගෙන ධාවනය කරගෙන යද්දී එහි සිටි සෙසු මගීන් බියට පත් වී මර ලතෝනි දී ඇතැයි ද වාර්තාවේ.

කොළඹ සහ ත්‍රිකුණාමලය මුතූර් අතර ධාවනය වන මෙම පෞද්ගලික මගී බස් රථය මුතූර් බලා ධාවනය වන අතරවාරයේ පෙරේදා රාත්‍රි නමයට පමණ පහළ වැව හෝටලය අසල ආහාර ගැනීම සඳහා නතර කර ඇත.

රියැදුරා කොන්දොස්තරවරයා ඇතුළු  බස් රථයේ  සිටි මගීන්ගෙන් කොටසක් තේ පානය කිරීම සඳහා හෝටලයට ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඒ අවස්ථාවේ ඉබ්බන්කටුව ප්‍රදේශයේ පුද්ගලයකු හෝටලය අසලදී රියැදුරා සහ කොන්දොස්තරවරයා සමග ආරවුලක් ඇතිකරගෙන ඇතැයි  පැවැසේ.

බීමතින් සිටි බව කියන මොහු හෝටලයෙන් පිටවී බස් රථයට ගොඩ වී එහි තිබූ යතුරෙන් බස් රථය පණ ගන්වාගෙන මගීන් ද සමග බස් රථය පැහැරගෙන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මේ බව දුටු බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරා ත්‍රී රෝද රථයක ගොඩවී බලහත්කාරයෙන් රැගෙන යන බස් රථය  හඹා යන අවස්ථාවේ ඉබ්බන්කටුව සුසාන භූමිය අසල බස් රථය නතර කර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඒ වනවිටත් බස් රථය කිලෝමීටර් හතරකට වැඩි දුරක් ධාවනය කරගෙන  පැමිණ ඇති බව පොලිසිය පැවැසීය.



අදහස් (6)

බේබද්දෙක් මගීනුත් එක්ක ගලේවෙලදී බසයක් පැහැරගෙන

Lalla Thursday, 30 May 2024 08:23 AM

යතුරු වාහන තුළ තබා යන රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කිරීම වැදගත්. හිමිකරුට සිදුවන අගතියට රියදුරන් වගකියන්න ඕනැ. තමන් හම්බ කරගෙන ජීවත්වන වාහනය ගැන රියදුරන් සහ කොන්දොස්තර වරු සළකන විදිය කණගාටුදායකයි. මේක තමා ලංකාවට ගොඩ එන්න බැරි එක හේතුවක්.වෘත්තීය ගරුත්වය නෑ.

:       2       47

ThilinaThursday, 30 May 2024 05:35 PM

නොදන්නා කම නිසා උත්තර දෙන්න හිතුව.මේවා දුරගමන් සේවා බස් රථ. වායුසමීකරණය කරලා තියෙන්නේ .රාත්‍රි නවත්වන්නේ කැමති අයට කෑම කන්න. යතුරු දාලා යන්නේ බස් එකේ ඉන්න අයට ඒසී දාලා තියෙන නිසා

:       1       1

Janindu Perera Thursday, 30 May 2024 10:29 AM

යතුරු කටේ හරි යතුර තිබ්බ එක ගැන සතුටු වෙන්න. ලංකාවේ සමහර මගී ප්‍රවාහන බස් ස්ටාට් කරන්නෙ වයර් දෙක මූට්ටු කරලා

:       1       13

Bunny Preena Thursday, 30 May 2024 10:47 AM

මෝඩ නිද්‍රාශීලි සහ විනයක් නැති රියදුරන් නිසා බොහෝ මගීන් හැම දිනකම අපහසුතාවන්ට පත්වෙනවා

:       0       4

Chandana ,Mohotty Thursday, 30 May 2024 01:00 PM

පාදඩ මිනීමරු කම්බ හොරු වන බේබද්දන් අපේ මව් බිමෙන් මකබෑවේවා.

:       0       1

චාන්දනි Friday, 31 May 2024 12:30 PM

මෝඩ මිනිස්සුත් ඉන්නවා. හොඳ අයත් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 609 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 495 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1728 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site