IMG-LOGO

2025 මාර්තු මස 26 වන බදාදා


බොරැල්ල ආයුර්වේදයේ අටමහල් ගොඩනැගිල්ලේ වැඩ මේ වසරේ අවසන්

(අංජුල මහික වීරරත්න)

බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල් පරිශ්‍රයේ අට මහල් ගොඩනැගිල්ලේ වැඩ මේ වසරේ අවසන් කොට එහි ප්‍රතිකාර සේවා අරඹන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.‍

දැනට වසර දහයකට පමණ  පෙර මෙහි ඉදිකිරීම් ආරම්භ විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණය කළ අතර අදාල ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා රජය  රුපියල් මිලියන 450 ක මුදලක්  වෙන් කර තිබූ අතර මෙවර අයවැයෙන් ද  රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කෙරිණි.

මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඇඳන් ධාරිතාවය 340 කි. මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ ඉහළ පහසුකම්වලින් සමන්විතව ස්ථාපිත කර ඇති කාමර ගණන 82 ක් වන අතර  ශල්‍යාගාර, ඖෂධ නිෂ්පාදනාගාර, පංචකර්ම ඒකක, යෝග අභ්‍යාස ඒකක ද මෙයට ඇතුළත් ය.

 

යාපනය, නැගෙනහිර, කොළඹ සහ  යක්කල  යන විශ්වවිද්‍යාල වලින්  ආයුර්වේද, සිද්ධ, යුනානි යන වෛද්‍ය කර්මයන් සදහා අධ්‍යන වල නිරත වන උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයන් 600 ක්  වෙනුවෙන් සායනික පුහුණු වීම් සදහා පසුකම් ද   මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ   සැලසෙනු ඇත.

 

1929 වර්ෂයේ දී ආරම්භ කරන ලද  බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මේ වනවිට ඇඳන් ධාරිතාවය 216 කි. එහි වාට්ටු සංඛ්‍යාව 11 ක් වන අතර ගෙවන කාමරවලින්  ද යුක්ත වේ.



අදහස් (3)

බොරැල්ල ආයුර්වේදයේ අටමහල් ගොඩනැගිල්ලේ වැඩ මේ වසරේ අවසන්

Anura Monday, 24 March 2025 01:16 PM

අටමහල් ගොඩනැගිල්ලට අපේ සුබ පැතුම්

:       0       4

විමල් Monday, 24 March 2025 07:32 PM

මෙහි දිනකට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව හොයලා කියන්න පුළුවන්ද? මගේ යාලුවෙක් නැවතිලා හිටියා. ඇඳන් බාගෙට බාගයක් හිස්ලු. මහ බොරුවක් කෙරෙන්නේ කියලා කිව්වා. මම දන්නේ නෑ. මට කිව්ව දෙයක්...!

:       2       0

රෙක්ස් Tuesday, 25 March 2025 08:46 AM

ඇත්ත කතාවනම් ආයුර්වේද දොස්තරලා 99% ක්ම තමන්ගෙ පුද්ගලික ඩිස්පෙන්සරිවල දෙන්නෙ ඉංග්‍රීසි බේත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

උණ්ඩයක් රැගෙන ජනපති කාර්යාලයට ආ සෙබළා මාට්ටු
2025 මාර්තු මස 26 149 0

තම බෑගයේ උණ්ඩයක් සඟවාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට තැත් කළ යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ජනාධිපති ආරක්ෂක අංශය නිලධාරීහු පවසති.


විදුලි ඇමැතිගෙ ගමෙත් දින හතරක් ලයිට් නෑ
2025 මාර්තු මස 25 335 0

සිව් දිනකට ඉහතදී හමා ගිය සුළඟක් සමග ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසක කිලෝ මිටර් 4 ක පමණ දුර ප්‍රමාණයක විදුලිය ඇණ හිටීමත් සමඟම නැවත යථා තත්වයට පත් කිරිමට විදුල


ගම්මන්පිල බ්‍රිතාන්‍යයෙන් ප්‍රශ්නයක් අහයි
2025 මාර්තු මස 25 1228 0

රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 989 0

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතුයි
2025 මාර්තු මස 25 521 0

ශ්‍රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කතුන්ගෙන් 90% පොදු ප්‍රවාහනයේ දී හිංසනයට
2025 මාර්තු මස 25 562 0

කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මෙනවිය


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 315 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 604 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1269 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site