IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


බෝරා සමුළුවට උපරිම සහාය

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

වාර්ෂික බෝරා සම්මේලනය ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදී  රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේය.

පාකිස්තානයේ කරච්චි නගරයේ මෙවර පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූලි මස  7 වැනිදා සිට 16 දක්වා  බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින්  මෙම බෝරා සම්මේලනය  පැවැත්වේ. 

මෙම සම්මේලනය සඳහා ඉන්දියාව ඇතුළු  රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත බැවින් ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුලු  සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. 



අදහස් (5)

බෝරා සමුළුවට උපරිම සහාය

රංබොඩ Tuesday, 25 June 2024 02:47 PM

රටට ආදායමක් වශයෙන් කටයුතු කළාටනම් ගැටලුවක් නෑ. අවිද්‍යාත්මත මත වලින් අටව ගත්තු එක එත දේවල් වලින් අනිත්.මිනිසුන් ගෙ ඔළු කුරුවල් නොකර.හතු පිපෙන්නා වගේ දැන් එක එක ආගමික කණ්ඩායම් බිහිවෙන්නෙ.

:       6       18

Hafeel Tuesday, 25 June 2024 05:08 PM

බෝරා ප්‍රජාවගේ ඡන්ද ගන්න උත්සාහයක් මේක. නමුත්බෝරා ප්‍රජාවගේ ඡන්ද කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. රනිල්ට පරාජය නියතයි. රනිල් කවදත් පරාජයි.

:       4       8

පාඨකයෙක් Tuesday, 25 June 2024 07:06 PM

බෝරා ප්‍රජාව ඉන්දියාවේ සිට මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත්විජිතයක් ලෙස පැවති සමයේය. ඒ වෙනත් කිසිවක් සඳහා නොව ව්‍යාපාරික කටයුතුවල නියැලීමටය. මෙරට දකුණු පළාතෙන් කොළඹට සංක්‍රමණය වී දියුණු වූ සිංහල අය මෙන් මොවුන් ද දැඩි උත්සාහයෙන් ජීවිතය ජය ගත් පිරිසකි. ඔවුන්ගෙන් අදටත් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉමහත්ය. නම් වශයෙන් මෙහි සඳහන් කළ නොහැකි නමුත්, බිළිඳු සබන් කැටයේ සිට පාසල් සහ කායර්යාල ලිපි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දක්වා ද තේ, පොල් ආදී බෝග අපනයන ද ඇඟලුම් කර්මාන්ත සහ සංචාරක හෝටල් ක්ෂේත්‍රවල ද ප්‍රමුඛ ආයතන රැසක් ද මෙම ප්‍රජාවගේ උත්සාහවන්තභාවයේ ප්‍රතිඵල වේ. ඔවුන් යටතේ සේවය කරන පිරිසගෙන් බහුතරයක් සිංහල සහ දෙමළ අය වීම ද සුවිශේෂත්වයකි. අවුරුදු 30කට අධික කාලයක් ඔවුන් යටතේ සේවය කරන්නෝද සිටිති. මාගේ පාසල් සමයේදීත්, ඉන් පසුවත් මට ඇසුරු කිරීමට ලැබුණු මිත්‍රශීලී මෙන් ම අතිශයින් ම නිරහංකාර පිරිසකි.

:       1       18

de silva Tuesday, 25 June 2024 10:40 PM

අහක යන සර්පයෝ රෙද්ද අස්සේ දමාගෙන පස්සේ කනවා , කනවා කියන්න එපා . ඕක ලෝකේ තිබෙන මුස්ලිම් රටක තියාගන්නේ නැතුව මේක අස්සේම තියාගන්න හදන්නේ , ලෝක මුස්ලිම් ප්‍රජාව සමග මේ නිකායට අවුලක් ඇති , සල්ලි නොවේ වැදගත් ඉදිරි අනාගතේ රටට අනවශ්‍ය ප්‍රශ්න දමන්නේ නැතුව ඉන්න එක .

:       0       3

sanath Tuesday, 25 June 2024 10:47 PM

ටයි කෝට් දමාගෙන මූලාසනේ ඉන්න ලොක්කට බොරු කාරයෙකුට කියල බෝර් එක හොඳට ලොකු කරවගන්න පුළුවන් හොඳ අවස්ථාවක් , සාගල නෙමේ මොන ගල් බෝර දැම්මත් චන්දෙ නම් දිනන්න බැහැ ,

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ශිෂ්‍යත්ව පේපරේ වට්ස්ඇප් යැවූ ගුරන් තිදෙනකු පන්නයි
2024 සැප්තැම්බර් මස 19 793 1

අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප


අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 1224 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 1133 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 464 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 1146 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 293 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 43 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site