IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බෑ.. බෑ.. කියන ගොවියන්ට ලග්ගල ගොවියෙක්ගෙන් මෙන්න උත්තරය

(කාංචන කුමාර ආරියදාස)

සම්පූර්ණ සියයට සියයක් කාබනික පොහොර යොදා වගා කිරීමට නොහැකි බවට බොහෝ දෙනා පවසද්දී සියයට සීයක් කාබනික පොහොර යොද් සාර්ථක ආදර්ශමත් ගොවිපලක් ලග්ගල ගුරුවෙල ප්‍රදේශයේ පිහිටා තිබේ.

මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ 2010 වසරේ මෙම ආදර්ෂ ගොවිපල ස්ථාපිත කොට ඇත. මේ වන විට එහි කාබනික පොහොර යොදා ගෙන වගාවන් සිදුකරයි. 

කාබනිකව වගා කර ගන්නේ කෙසේ දැයි යන්න ඕනෑම අයකුට දැක බලා ගැනීමට හැකි බව ගොවිපල කළමනාකරු යු.වී . සරත් චන්ර්ද්‍ර රත්න මහතා පැවසීය.

එක් සේවකයකු යොදාගෙන ඔහුගේ වැටුප් පමණක් වියදම ලෙස දරා මසකට අක්කර භාගයක පමණ වූ ආදර්ශ ගෙවතු වගා භූමියෙන් රුපියල් තිස් දාහක් තිස්පන්දහක් අතර මුදලක් උපයා ගන්නා  බව ඒ මහතා සඳහන් කළේය.

මෙම අක්කර භාගයක ආදර්ශ ගෙවතු වගාවේ ස්ථිර බෝග මෙන්ම දීනපතා අවශ්‍යතා සහිත බෝග ආදී වශයෙන් වෙන් වෙන් කොට ඉතාමත් අලංකාරව තනිකරම සියයට සියයක් කාබනික පොහොර යොදා ගෙන එමෙන්ම ඉර හද සහ කාලය පිළිබඳව නිසි අවබෝධයෙන් යුතුව වගා කිරීම සිදුකර ඇතැයි කළමනාකාරවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම ආදර්ශ ගොවිපොළේ තවත් සුවිශේෂී කටයුත්තක් වන්නේ ගැඩවිල්ලන් යොදාගෙන පොහොර නිපදවා ගැනීමය . ගව මුත්‍රා එළු මුත්‍රා ආදී සත්ව පෝර ද මෙම ගොවිපළෙන් නිෂ්පාදනය කර ගැනීම තවත් සුවිශේෂී වූ කරුණකි.

පසුගිය කාලයේ අක්කර කාලෙන් පංගුවක් කහ වගා කොට රුපියල් ලක්ෂ හතහමාරක පමණ ආදායමක් පෙන්වා දීමට සමත් වූ බවද ගොවිපල කළමනාකාරවරයා දැඩි සතුටෙන් යුතුව ප්‍රකාශ කළේය.

මේ මේ දිනවල මොරගහකන්ද කළු ගඟ ජලාශ යෝජනා ක්‍රමය යටතේ ආරම්භ කරන ලද ගුරුවෙල නව ආදර්ශ ගොවිපළේ කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රමවේදය යුහුසුලුව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම ස්ථානය ඕනෑම අයෙකුට නරඹා අත්දැකීම් ලබාගෙන තම ගොවිපළේ ගෙවත්තේ කාබනික පොහොර නිපදවා ගැනීමට හැකියාව පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය.

බොහෝ දෙනා වම්බටු බණ්ඩක්කා ආදී පණුවන් සහ විවිධ රෝග කඩිනමින් එන එළවළු වගා කොට තිබේ. ගොවිපල කළමනාකරු චන්දරතන මහතා කියා සිටියේ මෙම පණුවන් සහ කෘමින්ගෙන් හානි වන වගාවන් ඉතාමත් සාර්ථකව සිදු කොට ඇත්තේ විනාසකාරී කෘමීන්ට අහිතකර සතුන් විනාශ නොකෙර ගොවිපලේ තබාගැනීම නිසාවෙන් බවය.

 

 

 



අදහස් (14)

බෑ.. බෑ.. කියන ගොවියන්ට ලග්ගල ගොවියෙක්ගෙන් මෙන්න උත්තරය

smc Monday, 23 August 2021 10:16 AM

සියලු දේ ට කලින් "බෑ " ලෙස පටන් නොගෙන. පරීක්ෂණ දැනුම අපේ ගොවිතැනට යොදාගනී නම් අප මිට වඩා ඉහල තැනකට යනු ඇත .

:       4       54

Dimuthu Monday, 23 August 2021 10:36 AM

හැම ගොවියෙක්ටම අක්කර ගණන් ඉඩම් තියෙනවද? ජීවිතේට වගාවක් නොකළ මනුස්සයෙක්ට නිවුස් එකක් ලියන්න පුළුවන්. ඒත් හැමෝටම කාබනික පොහොර හද හද ඉන්න හැකියාවක් නෑ. එක්කෝ කාබනික පොහොර ගන්න තැනක් තියෙන්න ඕනෑ. දැන් වම්බටු වගාවට වෙලා තියෙන හානිය ආවොත් පෙන්නන්න පුළුවන්. ලොකු ගෙඩි පිරිලා තිබුණු ගස් දැන් විනාශ වෙලා තියෙන්නේ. පිටි මකුණා ඉඳන් සත්තු එක පොකුරට එන්නේ. රසායනික පොහොර ගෙන්වන එක නැවැත්තුවාට කමක් නෑ. ඒත් විකල්පයක් දෙන්න ඕනෑනේ. හොඳ දේවල් දකින එක හොඳයි. ඒත් දහස් ගණනක් වගාවන් විනාශ වෙලා ඉඳිද්දී ඒවා ගැනත් කතා කරන්න. තවත් මාස 4 කින් 5කින් බලන්නකෝ... මේ රටට එළවළු, පලතුරු රටින් ගෙන්වන්න වෙනවා. මොන දේශපාලකයෙක්වත් මේවා දකින්නේ නෑ. ඔක්කොම එකයි. ලංකාවේ මිනිස්සුන්ගේ කරුමය තමයි...

:       39       71

DarshanaMonday, 23 August 2021 12:35 PM

සැම දෙයක් ගැනම අසුභවාදීව බලන අයෙක් .......

:       54       44

Raveendra Monday, 23 August 2021 10:57 AM

ඔබතුමාගේ වගාවන් තවතවත් දියුණුවේවා...!!!

:       4       63

Raveendra Monday, 23 August 2021 11:15 AM

රබර් ,තේ වගාව සහ අනිකුත් බෝග වර්ග වානිජ මට්ටමෙන් වගා කරද්දි කොහොමද කියල කියන එකට උත්තරයක් දෙනවා නම් ප්‍රශ්නයක් නෑ..ගොබ්බ ඇමතියන්ට සහ නිලධාරීන් තේරුම් නොගන්නෙත් එයමයි.කාබනිකව වගා කරන්න බෑ කියල කිසිම ගොවියෙක් කියල නෑ..මෙතන කිසිම දේශපාලනයක් නෑ..

:       12       38

කිරි පුතා Monday, 23 August 2021 11:40 AM

ඕනෑම දෙයක් තමන් වැඳ නමස්කාර කරගෙන ඉන්න දේශපාලන පක්ෂයෙන් නෙවෙයි නම් ඒක වැරැදියි. අන්න එතනයි වැරදුණු තැන... ලංකාවම කාබනික පොහොර වගාවට යා යුතුයි. ලෝකයේම ඉහළ ඉල්ලුමක් තියෙනවා ඒ ඵලදාවට...

:       17       35

gomes Monday, 23 August 2021 12:32 PM

මෙතන තියෙන එළවළු වර්ග වලට නම් විශේෂයෙන් පෝර ඕනේ නෑ තමයි. මේ වල් මිරිස් එහෙම නිකන් කැලේට වැවෙනවා. තුඹ කරවිල කැලේ වැවෙන්නේ..

:       19       33

fairoos Monday, 23 August 2021 12:34 PM

බයියෙක් සොයාගිය ගමනක්... මේක 2010 ඉඳන් කරගෙන යනවා. අනිත් එක අක්කර භාගයයි.. මහාපරිමාණව කරන අයට මෙහෙම එක පාරටම කරන්න බෑ..

:       27       45

බද්රානි Monday, 23 August 2021 04:32 PM

ගොවියෙකුගේ මුහුණට වඩා බයියෙකුගේ මුහුණක් තමයි මට නම් දිස් වන්නේ. අපිට මේ ගෙදර මල් පැලයක් වවා ගන්න බැහැ ඉටි පනුවෝ වහනවා. පුදුමේ කියන්නේ බයියන්ගේ ගොවිපොළවල් වලට පනුවොත් එන්නේ නැති එකනේ?

:       9       15

මුණසිංහ Monday, 23 August 2021 05:04 PM

තම තමන්ගේ ගෙවතු වගාවට කාබනික පොහොර පාවිච්චි කරන්න පුළුවන් නේද? මගේ ගෙදර මිරිස්, බණ්ඩක්කා, තුඹ, බතල, වම්බටු ආදී විවිධ වගාවන් කරන්නේ එහෙමයි. පෝච්චිවලත් ඉතා හොඳින් මිරිස්, බණ්ඩක්කා, වම්බටු, තුඹ වගේ ඒවා හදන්න පුළුවන්... ගෙදර ඉන්න අයට ප්‍රමාණවත්...

:       0       17

Chandi Monday, 23 August 2021 05:56 PM

කාබනික නයිට්‍රජනීය පොහොර භාවිතය වැඩි දියුණු කිරීමට උත්සාහ ගන්නා පුද්ගලයින් නයිට්‍රජන් චක්‍රයේ මූලික කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. සමහර කාබනික පොහොර නිපදවීමට ගන්නේ ද රසායනික පොහොර යොදා වගාකළ ද්‍රව්‍යයි. රසායනික පොහොර නොමැතිව කාබනිකව පමණක් නයිට්‍රජන් තිරකිරීම ඉල්ලීමට ප්‍රමාණවත් නොවේ. මන්දයත් ගැටලුවක් විසඳිය හැකිවන්නේ ගැඹුරු විද්‍යාත්මක කරුණු මගින් මිස අපැහැදිලි තර්ක, සනාථ කළ නොහැකි සාධක හෝ ප්‍රතිනිර්මාණය කළ නොහැකි පර්යේෂණ මගින් නොවන හෙයිනි.

:       3       14

ගමේ එකාලා Monday, 23 August 2021 06:14 PM

උත්සාහයත්, ඕනෑකමත්... තියෙනවා නම් අපිට කරන්න බැරී දෙයක් නැහැ.. පුලු පුලුවන් විදියට අපිත් වැව්වොත් ඒකෙන් ප්‍රයෝජනේ අපිටමයි...

:       1       13

Shammi Perera Tuesday, 24 August 2021 08:34 AM

අක්කර භාගයක්, ආරම්භය වසර 2010 දී. ඔව් මුලුමනින්ම කාබනික වගාවට හුරුවන්නට සැලකිය යුතු කාලයක්.

:       0       0

Liyanage Tuesday, 24 August 2021 10:25 AM

ගෙවත්තක් වගාකළාට කාබනික පොහොර වලින් වාණිජ වගාවක් කරන්න බෑ... එදාවේල හොයාගන්නත් අමාරුයි..

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1564 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1350 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2110 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2415 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 567 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1146 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35899 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site