IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


භික්ෂූන්ගේ - සිල්මෑණියන්ගේ පාස්පෝට් එකට ගෞරව නාමයක්

(යොහාන් භාසුර)

භික්ෂූන් වහන්සේගේ සහ සිල්මෑණියන් වහන්සේලාගේ ගුවන් ගමන් බලපත්‍රයේ සහ ජාතික හැදුනුම්පතේ විශේෂ ගෞරව නාමයක් යෙදීමට තීරණය කළ බවත් ඒ අනුව භික්ෂූන්වහන්සේලා සඳහා ‘ VENERABLE ’ ලෙස සහ සිල්මෑණියන් වහන්සේලා සඳහා ‘ REVEREND ’ ලෙස යෙදීමට නියමිත බවත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යය පැවසීය.

මෙරට සංඝ නිකාය පාර්ශ්වයන්හි ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේලා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර එම අමාත්‍යාංශයේදී පැවති  සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (13)

භික්ෂූන්ගේ - සිල්මෑණියන්ගේ පාස්පෝට් එකට ගෞරව නාමයක්

Lalla Saturday, 09 March 2024 08:45 AM

ඕක සෑම ආගමකටම පොදු විදියට භාවිතා කරන්න ඕනෑ නේද?

:       3       32

කමලා ලියනගේ Saturday, 09 March 2024 09:02 AM

ඉංග්‍රීසි දන්න කෙනෙක් නම් ‌දන්නවා මේ දෙක අර්ථ දෙකක් බව. පුරුෂ පක්ෂය විතරක් "වන්දනීය" හා "ගෞරවනීය" වෙලා ස්ත්‍රී පක්ෂය "පැවිදි" වුණේ කොහොමද? ඔන්න අපේ රටේ කෙරුවාව...!

:       0       25

නිලන්ති Saturday, 09 March 2024 05:27 PM

කමලෝ අතීතයේ හිටපු බමුණෝ ජනතාව මහාබ්‍රහ්මයාගේ කටිනුත් තවත් තැන්වලිනුත් මිනිස් සත්වයා උපන්නා කියලා මතයක් හදාගෙන තිබුණා. කාන්තාවන් බමුණන්ට වහලියන් වගේ පිරිසක් වුණා. සමහරක් ගෝත්‍රික ජනතාව තවමත් එහෙම කාන්තාවන්ට කෙනෙහිලි කරන තත්වයක් ලෝකයේ තියෙනවා. අපේ මිනිස්සුන්ගේ වුණත් අතීතයේ පැවැති ජානගති සමග පවුල් පරම්පරාවේ ජන්ම ගති එලෙසම රැකගෙන අප්පලා කළ දේවල් නොකර නොට්ටිගේ පුතාලා වෙන්න අකැමැති නිසා කාන්තාවන් කොන්කරන්න අර අඳිනවා. මෙතැන තියෙන්නේ එහෙම දෙයක්ද කියලා සොයන්න පුළුවන් නම් හොඳයි... කාන්තාවන් වෙනුවෙන් දිනයක් වෙන්කර ඇතත් වැඩ එහෙමයි. පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතයෙක් රට කරන තැනදීම තිත්ත කෑලි සහිත කතා කියනවානම් තවත් මොනවා කියන්නද?

:       4       6

දර්ශන Saturday, 09 March 2024 08:23 PM

මා දන්නා තරමින් භික්ෂුණි ශාසනයක් ලෝකේ දැන් නැහැ. දස සිල් මාතාවන් පමණයි වැඩ ඉන්නේ. භික්ෂූන් වහන්සේ සහ දසසිල් මාතාවන් අතර ලොකු වෙනසක් තියනවා.

:       0       0

CHINTHANA Saturday, 09 March 2024 09:50 AM

ඒ මොකද දෙකක්...?

:       2       16

ලුම්බිණි Saturday, 09 March 2024 10:33 AM

කරන්නේම මෝඩ වැඩ.

:       2       31

thilan Saturday, 09 March 2024 11:33 AM

ගොඩක් අයට දාන්න වෙන්නේ ඕක නෙවෙයි...!

:       0       12

Sathyapala Saturday, 09 March 2024 12:03 PM

සියුරේ පාට කහ නිසා, කහ පාට පාස්පෝර්ට් එකක් නිකුත් කරන්න වෙනම මැෂින් එකක් ගෙනෙන්න පුළුවන් නම් කෝටි 50-60 ගියත් කමක් නෑ. ඡන්දේ ළඟ නිසා සිංහල බෞද්ධ ඡන්ද තොග පිටින් ලැබෙයි. කන්න නැතුව මැරුණත් නෑ.... කහ පාස්පොර්ට් තියෙන එකම රට නිසා. සාදු සාදු සාදු !!!

:       1       21

පැරකුම් Saturday, 09 March 2024 01:35 PM

හරියට වැඩක් කරගන්න අමන පාලකයින්ගේ අනිත් වැඩත් ඔහොම තමයි. ඔවුන්ගේ උපදේශකයින් ඊට හපන්.

:       1       24

Chandima Sunday, 10 March 2024 01:24 AM

ඡන්ද කඩාගන්න ගහන බයිලා. උප්පැන්නේ තියෙන නම මිසක් වෙන නම් පාස්පෝට් එකට දාලා අන්තිමේ වෙන රටවලදී කරදර විඳින්නත් වෙන්න පුළුවනි. ඔයිට කළින් අර පිනාගේ පාස්පෝට් එකට නමට ඉස්සරහින් පිනා කියලා දැම්මානම්...?

:       0       0

ඉන්දික Sunday, 10 March 2024 01:38 PM

අදහස් දැක්වීම් පිළිබඳ දුකයි!!! ලංකාවේ ඉන්නේ දසසිල් මාතාවන්! එතුමියන් උපාසිකාවන් මිසක් භික්ෂු භික්ෂුණියන් නොවෙයි! එතුමියන් බ්‍රහ්මචාරීව දස සිල් සමාදන් වෙලා තියන්නේ! මෙම වෙනසේ සඳහන් කර ඇති සත්‍යය එයයි...!

:       0       0

පොඩි මොලෙ Sunday, 10 March 2024 02:41 PM

ඔන්න අප්පේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න?

:       0       0

මලලසේකර Sunday, 10 March 2024 02:48 PM

මේ උපදේශකයෝ කොහෙන්ද දන්නේ නෑ හොයාගත්තේ... අනිවාර්යයෙන් මහාචාර්ය පට්ටමක් ඇති. නැත්නම් ඔය වගේ මෝඩ වැඩ කරන්නේ නෑ. දැක්කනේ ගෝඨාභය ලොක්කාගේ බුද්ධි බලකාය කරපු ගොන් වැඩ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 26 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 546 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 619 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 252 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 700 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1953 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site