(රෝහණ චන්ද්‍රදාස)
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය හෙට (11) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අනුරාධපුරේ දී අද (10) සවස රැස් වූ එහි පාලක සභාව ගනු ලැබූ තීරණ දැනුම්දෙමින් පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරිණි.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය එම පාලක සභා රැස්වීම අනුරාධපුරේ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ දී අද (10) සවස රැස්වී ගනු ලැබූ තීරණ අනුව සියලුම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ භික්ෂු විශ්ව විද්‍යාලයීය පර්ශ්‍රයෙන් හා නේවාසිකාගාරවලින් හෙට (11) දහවල් 12ට පෙර ඉවත්විය යුතු බවට ද දැනුම් දුන්නේය.
භික්ෂු විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යය කනත්තේගොඩ සද්ධාරතන නාහිමියන්ගේ ක්‍රියා කලාපයන්‍ට එරෙහිව ශිෂ්‍ය භික්ෂූහු පසුගිය 07 වැනිදා සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නියැළෙති.
ශිෂ්‍ය භික්ෂූන්ගේ ක්‍රියා කලාපයන් ගිහියන් තරමටවත් නොගැළපෙතියි පාලක සභාව අවධාරණය කර සිටී. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් දස නමකගේ ශිෂ්‍යභාවය තහනම් කර ඇත්තේ විනය කමිටුවේ තීරණ මත බව ද ඒ සඳහා මහෝපාධ්‍යය හිමියන් කිසිදු බලපෑමක් ද කර නැති බවත් එවැනි තීරණ ගැනීමට ඒ හිමියන්ට භික්ෂු විශ්ව විද්‍යාල පනතින් ඉඩක් නැතැයි ද පාලක සභාව සඳහන් කරයි.
රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස
පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ
හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
භික්ෂු විශ්ව විද්‍යාලය තාවකාලිකව වහයි
ළයනල් සිල්වා Friday, 10 January 2025 05:48 PM
මාලිමාවට ජයවේවා…. ඕක වහලාම දාන්න. ලන්කාව දෙවියන්ගේ දේශයක් කරන ගමන වේගවත් කරමු
Janitha Friday, 10 January 2025 07:12 PM
දැන්නම් නිවට නියාලු තත්වය රටේ පවතින්නේ. ඇයි එක කණ්ඩායමකට විතරක් මෙවැනි දේවල් සිදුවන්නේ...?
sam Saturday, 11 January 2025 06:21 AM
ඔය සමහරක් ශිෂ්‍ය භික්ෂූන් හැසිරෙන්නේ මැරයින් වගේ. කොණ්ඩෙ වවාගෙන, රැවුල වවාගෙන... මේ ගොල්ලන්ව විනයානුකූල කරන්න. හැසිරෙන්න දන්නේ නැති අය ශාසනෙන් පන්නා දමන්න.
PRASANNA Saturday, 11 January 2025 03:04 PM
මේවා අස්සේ ඉන්නේ මාලිමාවේ අවතාර.., මොවුන්ට කිසිම විනයක් නැහැ. සත්තු වගේ හැසිරෙන්නේ...