IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


භික්ෂු විශ්ව විද්‍යාලය තාවකාලිකව වහයි

(රෝහණ චන්ද්‍රදාස)

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය හෙට  (11) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අනුරාධපුරේ දී අද (10) සවස රැස් වූ එහි පාලක සභාව ගනු ලැබූ තීරණ දැනුම්දෙමින් පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරිණි.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය එම පාලක සභා රැස්වීම අනුරාධපුරේ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ දී අද (10) සවස රැස්වී ගනු ලැබූ තීරණ අනුව සියලුම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ  භික්ෂු විශ්ව විද්‍යාලයීය පර්ශ්‍රයෙන් හා නේවාසිකාගාරවලින් හෙට (11) දහවල් 12ට පෙර ඉවත්විය යුතු බවට ද දැනුම් දුන්නේය.

භික්ෂු විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යය කනත්තේගොඩ සද්ධාරතන නාහිමියන්ගේ ක්‍රියා කලාපයන්‍ට එරෙහිව ශිෂ්‍ය භික්ෂූහු පසුගිය  07 වැනිදා සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නියැළෙති.

ශිෂ්‍ය භික්ෂූන්ගේ ක්‍රියා කලාපයන් ගිහියන් තරමටවත් නොගැළපෙතියි පාලක සභාව අවධාරණය කර සිටී.  ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් දස නමකගේ ශිෂ්‍යභාවය තහනම් කර ඇත්තේ විනය කමිටුවේ තීරණ මත බව ද ඒ සඳහා මහෝපාධ්‍යය හිමියන් කිසිදු බලපෑමක් ද කර නැති බවත් එවැනි තීරණ ගැනීමට ඒ හිමියන්ට භික්ෂු විශ්ව විද්‍යාල පනතින් ඉඩක් නැතැයි ද පාලක සභාව සඳහන් කරයි.



අදහස් (2)

භික්ෂු විශ්ව විද්‍යාලය තාවකාලිකව වහයි

ළයනල් සිල්වා Friday, 10 January 2025 05:48 PM

මාලිමාවට ජයවේවා…. ඕක වහලාම දාන්න. ලන්කාව දෙවියන්ගේ දේශයක් කරන ගමන වේගවත් කරමු

:       0       1

Janitha Friday, 10 January 2025 07:12 PM

දැන්නම් නිවට නියාලු තත්වය රටේ පවතින්නේ. ඇයි එක කණ්ඩායමකට විතරක් මෙවැනි දේවල් සිදුවන්නේ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට
2025 ජනවාරි මස 10 418 0

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලෙ


ගොවීන් දෙන්න තිබූ කෝටි 116ක වව්චර අවලංගු වෙලා
2025 ජනවාරි මස 10 155 0

පොහොර නිකුත් කිරීම සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ගොවීන් නිශ්චිතව හඳුනා ගත නොහැකි වීම හේතුවෙන් රුපියල් කෝටි 116කට වැඩි වටිනා වව්චර පත් දෙලක්ෂ එක


යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි
2025 ජනවාරි මස 10 222 0

අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්


ආහාර විස වී ළමුන් 13ක් රෝහලේ
2025 ජනවාරි මස 10 136 0

ආහාර විස විමක් හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත පාසල් ළමුන් 13 දෙනෙකු අද (10) දින පස්වරුවේ ඇතුලත් කර ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.


උදයංග වීරතුංග රිමාන්ඩ්
2025 ජනවාරි මස 10 1018 2

බටයකින් ඇන පුද්ගලයෙකුට බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නමැත


ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිනිය හමුවෙයි
2025 ජනවාරි මස 10 413 0

නව පත්වීම් ලැබූ බශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීහු රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 99 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 505 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 266 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site