IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


භූ කම්පන වලට හේතු හොයන්න පෙර හුණුගල් හෑරීම නැවැත්විය යුතුයි

 

(විනීතා එම් ගමගේ )
         

දිගන ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනය වික්ටෝරියා ජලාශ නිම්නයේ දිගින් දිගටම සිදුවන හුණුගල් හෑරිමේ ප්‍රතිපලයක් විය හැකි යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල  අබේරත්න මහතා පැවසීය.
         

මීට දෙමසකට ඉහත දී ද මෙවැනිම භූ කම්පනයක් මේ ආශ්‍රිත ප්‍රදේශයක සිදුවූ බවත් මේ භූ කම්පනවලට හේතුව සෙවීමට පෙර වහා වික්‍ටෝරියා නිම්නයේ හුණුගල් හෑරීම සම්පූර්ණයෙන් නතර කළ යුතු බවත් අනතුරුව සිදුකරන අධ්‍යයනයකින් මෙම භූ කම්පනවලට හේතුව සොයා පිළියම් කළ හැකි බවත් අබේරත්න මහතා කීය.


මේ වනවිට වික‍්ටෝරියා ජලාශ නිම්නයෙන් සියයට පණහක වපසරිය  ඇත්තේ හුණුගල් බවත් එහි විශාල වශයෙන් හුණුගල් හාරන බවත් මේ කටයුත්ත නැවැත්විය යුතු බව තමන් මීට පෙර සිදුවූ භූ කම්පනයෙන් පසුව ද බලධාරින්ට දැන්වූ බවත් හෙතෙම කියා සිටියේය.


 රිච්ටර් මාපකයේ 2.2 ක් සදහන් කරමින් ඊයේ සිදුවු කම්පනයය මෙන්ම මීට දෙමසකට පෙර සිදුවු කම්පනය ද භූමි කම්පා ලෙස ගිනිය නොහැකි යැයි පෙන්වා දුන් මහචාර්යවරයා මේවා සුළු කම්පන (COLAPSE QUAKE) ලෙස හැඳින්වෙන බව ද කිය.


සාමාන්‍යයෙන් හුණුගල් කාලයකදී දිරායන්නේ යැයි ද එවිට පොළව තුළ දෝනා සැකසෙන්නේ යැයි ද කී අබේරත්න මහතා මේ ප්‍රදේශය පුරා එසේ ඇති වූ උමං ගංගා ද පවතින බව අනාවරණය කළේය.

මෙවන් කම්පන සුළු කොට තැකිය නොහැකි යැයි ද, මධ්‍ය කඳුකරයේ පවතින විශාලතම ජලාශය වන වික්ටෝරියා ජලාශයට මෙයින් බලපෑමක් නැතැයි බැහැර කළ නොහැකි යැයි ද පැවසූ ඔහු ඉක්මණින්ම මෙම ප්‍රදේශයේ හුණුගල් හෑරිම නතර කිරීමට රජය පියවර ගත යුතු යැයි ද සදහන් කළේය.

මහාචාර්ය අබේරත්න මේ අදහස් පළ කළේ මහනුවර සිදුවු භූ කම්පනය ගැන විද්වත් මතය කුමක් දැයි ලංකාදීප ඔහුගෙන් කළ විමසුමක දීය.
         
         
         



අදහස් (3)

භූ කම්පන වලට හේතු හොයන්න පෙර හුණුගල් හෑරීම නැවැත්විය යුතුයි

Kahandawala Wednesday, 18 November 2020 11:47 AM

මෙතුමාගේ අදහස දෙස පහන් සිතින් බලත්වා.

:       0       0

සෙනෙවිරත්න Wednesday, 18 November 2020 04:16 PM

ඒ කියන්නේ මෙම මධ්‍ය ප්‍රදේශය ඈත අතීතයේදී මුහුදින් මතුවූ ප්‍රදේශයක් බවයි. මෙවැනි වෙනස්කම් භූතලයේ නිරතුරුව සිදුවන බැවින් හෙට දිනයේදීද එවැන්නක් සිදු නෙවන බව කාට කිව හැකිද?

:       0       0

අබිලින් සිංඤෝ Thursday, 19 November 2020 02:12 AM

රටට සම්පතක් වූ වික්ටෝරියා ජලාශයද, නැත්නම් ව්‍යාපාරිකයින්ගේ හුණුගල් වැඩපොලවල්ද කියා තීරණය කරන ආකාරය බලාසිටිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 355 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 126 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 823 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 124 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 271 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2211 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 615 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site