(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැක්කකු පොතක් ලියා ඇති බවත් තමා සහ ශවේන්ද්‍ර සිල්වා හිටපු යුද හමුදාපතිවරයා කුමන්ත්‍රණයක් කළේ යැයි සඳහන් කරමින් ජනතාවගේ ඔළුවලට විසබීජ ඇතුළු කිරීමට ඔහු එමගින් කටයුතු කර ඇති බවත් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
මේ කුමන්ත්‍රණය පිටුපස ඇමරිකානු තානාපතිවරියද සිටින බව මැක්කා සඳහන් කර ඇතැයි පවසන මන්ත්‍රීවරයා ශවේන්ද්‍ර සිල්වා තමා සමග කතා කළ හෙයින් ඔහු ඉවත් කරන ලෙසට මැක්කා ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය.
අරගල සංකල්පය නැවත ගොඩනැගිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ බදු පනත් පිළිබඳ විවාදයේදීය.
සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.
ජනතාව සතුටින් සිටින බවක් පේන්නෙ නැහැ. අපිට නම් පේන්නේ ලොකු කරදරයක සිටින බව. මේ රටේ දරුවන් ගෙන් සියයට 15 කට මන්දපෝෂණය. දරුවන්ගෙන් සියයට පනහකට හරියට කෑම බීම ලැබෙන්නේ නැහැ. විරැකියාව වර්ධනය වෙනවා. ව්‍යාපාර වැසීගෙන යනවා. හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හල වහලා දාලා තියෙනවා. දහස් ගාණකට රැකියා නැතිවෙලා. මේ සංවර්ධනය ජනතාවගේ ඇඟට දැනෙන්නේ නැහැ. කොහේවත් හංගගෙන කරන සංවර්ධනයකින් රටට වැඩක් නැහැ. සංවර්ධනය අපිට දැනෙන්න ඕන.
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මැක්කකු ලියූ පොතක් ගැන ෆොන්සේකා කියයි
BATA Thursday, 25 May 2023 04:16 PM
මැක්කකු ලියූ පොතක් ගැන කලවැද්දෙක්ට ඩෝන් ගිහිං...!
විපරමා Thursday, 25 May 2023 04:39 PM
ඔය කියන මැක්කා ගැන පොතක් ලියන්නත් අපිට කරුණු කාරණා ඕනෑ හැටියේ තියෙනවා...
Aravinda Monarawila Thursday, 25 May 2023 04:53 PM
බල්ලා මැරී ඇති නිසා මැක්කා දැන් අනාථ වී ඇති බැවින් සුදුසු සුනඛ පෝතකයන් සොයමින් ඉන්නවා එල්ලෙන්න.
Mahasen Thursday, 25 May 2023 04:59 PM
මැක්කගේ පොත ගැන කුක්කා ඔච්චර උඩු බුරලන්නේ ඇයි? ගෝනියේ සියඹලා නැතුවම නෙවේ වගේ...
සත්‍ය ගවේෂී. Thursday, 25 May 2023 05:02 PM
මැක්කෙකු ලියූ පොතක්.. ගැළපෙනම නිර්වචනය. හහ් හහ් හා..
Surain Thursday, 25 May 2023 05:09 PM
ඔය කියන මැක්කා කළ වැරැදි වලට හොර ගමන් බලපන් හැදුවට සිටිය යුත්තේ බිත්ති හරරෙන් වටවූ තිඹිරි ගෙදරයි...
මහසෙන් Thursday, 25 May 2023 05:48 PM
මෙයත් කොහෙන් ගියත් අන්තිමට එන්නේ අරගලයක් ඕනෑ කියන තැනට. ඒකත් ඉතින් ඔය කියන මැක්කගේ කතාව වගේ තමයි. මැක්කගේ දේශපාලන භාවිතය ගැන බරපතල විවේචන තිබුණත් මේ මහත්මයා ඒ කියන කරුණු වලට තාම පිළිතුරු දුන්නෑ. මෙයත් අනික් අය වගේ එකම තැටිය තමා. මේ තවත් වෙන්න ජනපති කෙනෙක් අරගලෙන් ගොඩ යන්න හදපු...
ගමේ එකාලා Thursday, 25 May 2023 06:20 PM
අසූචි ගොඩක වහලා ගොඩගිය නිලමැස්සා ගැන වෙන්න ඇති ඔය කියන්නේ?...
thantreehamu Thursday, 25 May 2023 06:29 PM
මැක්කන් කනකොට කුක්කන්ට රිදෙනවා...
Yogananda D.N. Thursday, 25 May 2023 08:44 PM
මහරජ, ඒ මැක්කාත් මේ මැක්කාත් හැර තවත් මැක්කෙකු සිටීද? එසේය ස්වාමීනි, ඒ බලු මැක්කාය.
රනුල් Thursday, 25 May 2023 09:03 PM
අරගල විහිලුව හරහා බලයට එන්න දැඟලුව හොඳ කුක්කෙක් තමයි.
සසර Friday, 26 May 2023 07:26 AM
දේශපාලන සම්ප්‍රප්පලාප ප්‍රධාන මාධ්‍ය දාරාවන් තුල දැමීම හෙලා දකිමි. මෙවැනි හිස් පුවත් නිසා තරුණ ලමා මනස් දූෂණය වේ.
Senarath Friday, 26 May 2023 12:12 PM
සිංහයෙක් දේශපාලනයට ඇවිත් මැක්කෙකුටත් වඩා බලුවන හැටි දකිනකොට අපොයි කියලා හිතෙනවා.