(අජන්ත කුමාර අගලකඩ)
කල් දමනු ලැබූ පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මස විසිපස් වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති නමුත්,මැතිවරණය තවදුරටත් කල් යනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි
මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා ඇතත් ,මෙතෙක් එම මුදල් නිදහස් නොකිරීම හේතුවෙන් මැතිවරණය කල් යනු ඇති බව එම ආරංචිමාර්ග වලින් පැවසේ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදුසුම දිනය ලබන අප්‍රේල් මස 25 වැනි දා බවට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා රැස්වී තීරණය කළේය.
මේ අතර, පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 28 වැනිදා සිට 31 වැනි දා දක්වා දින හතර තුළ සිදු කිරීමට ද කොමිෂන් සභාව තීරණය කර ඇත .
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව මුලින් තීරණය කර තිබුණ ද, මුදල් ප්‍රතිපාදන සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන්,එය කල් දමනු ලැබීය.
මේ අතර, මැතිවරණය සඳහා අයවැයෙන් වෙන්කරන ලද මුදල් නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ඉකුත් දා අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.
තත්වය එසේ වුවද මුදල් අමාත්‍යාංශය අදාළ මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිකුත් කර නොමැති බව දැනගන්නට තිබේ.
මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා,රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා ඉකුත්දා කොමිෂන් සභාවට කැදවනු ලැබුවද ඊට සහභාගි වූයේ පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය පමණි .
ආරක්ෂක මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන බැවින් ,තමා ඊට සහභාගී නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පියවර ගන්නා ලෙස කොමිෂන් සභාවේ සභාපතිවරයා රජයේ මුද්‍රණාලයාධිපතිනියට දැනුම් දී ඇති අතර ඇය සඳහන් කර ඇත්තේ මුදල් ලබා දෙන්නේ නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ හැකි බවය.
මේ අතර රජයේ මුද්‍රණාලයාධිපති නිය ඉකුත් බදාදා මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත්තේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය රුපියල් කෝටි 30ක මුදලක් ලබා දෙන ලෙසය.
ඒ සමගම ඇය පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබුණේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙසටය.
එසේ වුවද පවතින තත්වය හමුවේ ඇතිව තිබෙන කඹ ඇදිල්ල හේතුවෙන් මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වීමට නොහැකි වනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.
රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්‍රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්‍රික් ටොන් මිලි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැකො සූදානම් වුවත් ඡන්දය කල් යන හැඩ
Lal Saturday, 11 March 2023 06:18 PM
කරුණාකර ඡන්දයක් නම් එපා...!
පැරකුම්Saturday, 11 March 2023 07:34 PM
හොඳයි, ඡන්දයක් තිබ්බයි කියමුකෝ ආණ්ඩුවට අන්ත පරාජයක් ලැබේවි.. ඊට පස්සේ ආණ්ඩුව වෙනස් වෙනවාද? අලුත් ආණ්ඩුවක් එනවද? එහෙම නැත්නම් රටේ ප්‍රශ්න විසඳෙනවද? ඔය එකක්වත් වෙන්නේ නැහැනේ. එහෙනම් ඒ ඡන්දෙ තියන සල්ලිවලින් රටට යමක් කරලා කවුරුත් එකතුවෙලා මේ වෙලාවේ රට ගොඩගන්න බලමු. ඊට පස්සේ ඡන්ද තියලා ආණ්ඩුව පරද්දලා හොඳ ආණ්ඩුවක් තියාගමු දැන් මේ වෙලාවේ රට ගැන හිතලා වැඩකරමු.
sachithSaturday, 11 March 2023 09:12 PM
ඔබතුමා හිතනවද "ඡන්දෙ තියන සල්ලිවලින් රටට යමක් කරලා කවුරුත් එකතුවෙලා මේ වෙලාවේ රට ගොඩගන්න බලමු" කිව්වට මේ දේශපාලුවන් ඕක කරයි කියලා...
Ashan Sunday, 12 March 2023 03:38 AM
මේ මැතිවරණයෙන් ලෝකයට පේනවා මේ ජනාධිපතිටත්, ආණ්ඩුවටත් මිනිස්සු අකැමැති බව. එතකොට අනිවාර්යයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා මහජනතාව කැමැති රජයක් පිහිටුවන්න වෙනවා. නැත්නම් ලෝක ආධාර නොලැබෙන්න පුළුවන්. අනික ඔබ කියනතරම් මුදලක් මේකට වැයවෙන්නේ නෑ. මැතිවරණය කියන්නේ රටේ පාලනයට ජනතාවට සහභාගි වියහැකි එකම අවස්ථාවයි. ඒක නොදීම ජනතා අයිතිය උදුරා ගැනීමක්. මැතිවරණ වියදම දකින ඔබ මැති ඇමැතිලාගේ වියදම්, නිදහස් දින උළෙල, ජනරජ පෙරහැර ජනාධිපතිගේ බොරු නඩත්තු වියදම්, දූෂණ, නාස්තිය නොදැකීම කණගාටුවක්. රට ගොඩගන්න නවත්වන්න ඕන ඒවා මිසක් ජනතාවගේ අයිතිය නොවෙයි...
SenakaSunday, 12 March 2023 05:48 AM
මේ ජේපී මෝඩයින්ට බිලියන දහයට බින්දු කීයද කියලා තේරෙන්නෙ නෑ. රුපියල් කෝටි 1000ක්. කෝටි 1000ක් වියදම් කරලා ඡන්දයක් තියලා ආණ්ඩුවේ වෙනසකුත් නොවී නිකන් ආසාවට විනාශකරලා දාන්න තරම් පුළුවන් වෙලාවක්ද මේක...? විපක්ෂයේ ඉන්න මෝඩ නායකයින් ටික දැන්වත් රට ගොඩනඟන්න සමඟියෙන් වැඩ කරන්න ඕනෑ වෙලාවක් මේක. විගඩම් නටන වෙලාවක් නෙමේ.
C.K.LankaputhraSunday, 12 March 2023 11:30 AM
පැරකුම්බා මහරජතුමනි, මේ ඡන්දෙත් සල්ලි හිඟකම නිසා තියන්නේ නැහැයි කියමුකෝ. සල්ලි නැහැ කියලා මහ ඡන්දෙත් තියන්නේ නැහැයි කිව්වොත් අපේ මහරජතුමා මොකද කියන්නේ... බම්බු ගහනවද?
AkilaSunday, 12 March 2023 06:55 AM
මැතිවරණ එපා කියන මොඩයින්ට ත්රෙන්නේ නැතිවුණාට, මෙතන වෙන්නේ රට බංකොළොත් කරපු පිනා සහ හොර නඩය ජනතාවගේ අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තමයි මේ නැතිකරන්නේ...
නිහාල් Saturday, 11 March 2023 06:23 PM
නව කොංගෝ ජනරජයක් පිහිටුවෙන ලකුණු...!
විජිත් Saturday, 11 March 2023 06:31 PM
මේ කොන්ද පණ නැති මැතිවරණ කොමසාරිස්ලා.. කොන්ද පණ තියෙන මම නම් අනිවාර්යයෙන්ම රජයට අභියෝග කරනවා " දූෂිත රජයන්වල ඡන්ද පැවැත්වීම සඳහා ආධාර කරන විදේශීය ආයතන වලින් මුදල් ලබාගෙන ඡන්දය පවත්වන බවට...!!!
මහින්දසිරි Saturday, 11 March 2023 07:08 PM
කුඹුරක් අදයට වැඩ කරන ගොවියෙක් හැටියට ජීවත්වන මගේ පවුලේ ආහාර සඳහා ගෙදර වී ඇටයක් නැහැ අස්වැන්න ලැබුණොත් කුඹුරු අයිතිකරුට පහෙන් එකක් පමණක් දෙන්නම වෙනවා... මේ අතර දරුවන්ට අධ්‍යාපන අවශ්‍යතා සඳහා මුදලාලිගෙන් වී කිලෝ 500ක් දෙන්න පොරොන්දුවෙලා පොරොන්දු පත්‍රයක් මත ණයක් ගන්නවා.. එහෙම තියෙද්දී කුඹුරට ගංවතුර ඇවිල්ලා ටිකක් සේදී ගියා වල්අලි ඇවිල්ලා ටිකක් විනාශ කළා.. ගොයම් කපා අස්වැන්න බැලුවාම වපුරපු බිත්තර වී ටිකට අමතරව ඉතිරිවුනේ ගෙදර අයට කන්නයක් කෑමට හා කුඹුරු හිමියාගේ හිමිකම් ගෙවීමට මදිතරමේ වී ටිකක් පමණයි. ඔය අතරේ මට එන්තර්වාසියක් එවන මුදළාලි වහාම වී කිලෝ 500 නොදුන්නොත් එහි වටිනාකම හා නඩුගාස්තු ඉල්ලනවා.. මම කරන්න ඕනෑ මොකක්ද කියන්න...?
gunarathnaSunday, 12 March 2023 06:05 AM
කඩෙන් අරන් කෑවානම් හරිනේ... මට කුඹුරු අඟලක්වත් නෑ. නමුත් මම තුන්වේලම කන්නේ බත් තමයි.
මහින්දසිරි Monday, 13 March 2023 07:44 AM
ගුනේ අයියා මගේ අදහස උඹලා වගේ නූගත් එවුන්ට තේරුම් ගන්න බැහැ කියලා උඹේ අදහස අනුව පේනවා මම කියපුදේ නුවනැත්තෝ 26 දෙනෙක් තේරුම් ගෙන තියෙනවා 69 ලක්ෂයේ 41 ක් සමග නුඹත් විරුද්ධව ඉන්නවා කමක් නැහැ බං ලංකාවෙ මිනිසුන්ගේ නුවනත් ලංකාවේ අනාගතයත් කොහොමද කියලා මෙයින් පැහැදිලි වෙනවා
වර්ණකුලසූරිය Saturday, 11 March 2023 07:35 PM
දේශපාලන බලපෑම් වලට යටත්ව තම වගකීම පැහැර හරින රජයේ උසස් නිලධාරින් අධිකරණයට අපහාස කර ඇත. බලයට පත්වෙන නව රජයක් මේ නිලධාරින්ට අමතක නොවන දඬුවමක් ලබාදිය යුතුව ඇත. මහ ලොකුවට රටක් ගොඩ දමන්නට පුරසාරම් දොඩවන වර්තමාන ජනාධිපතිවරයා මේ මුදල ලබා නොදුන්නත්, ඉන්දියාවේ ගෞරවනීය යාචක මහත්වරුන්ට කීවා නම් පිං තකා ඔවුන් මේ මුදල සපයා දෙනවා සිකුරුයි. බලයට මෙතරම් කෑදර දේශපාලකයින් ගැන ඇත්තටම ලැජ්ජා සහගතයි.
Hasthi Saturday, 11 March 2023 08:12 PM
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුයි, තව ටිකකුත් ඕනේ...!
Deepal Nirosh Saturday, 11 March 2023 08:30 PM
මේ වර්ෂයේ මැතිවරණයක් නො පැවැත්වෙන බවට ජනාධිපතිවරයා ඉඟි පළ කර තිබිය දී ප්‍රකාශිත මැතිවරණය පැවැත්වෙන මැතිවරණයක් නොවෙයි. හැබැයි ඒ දැන දැනත් මැකො සභාපති දින නියමකරමින් ප්‍රකාශිත මැතිවරණය පැවැත්වීමට උත්සාහ කිරීම අගය කළ යුත්තක්. ඊළඟ වෙට්ටුව පළාත් පාලන සභික සංඛ්‍යාව අඩක් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවයි. රටේ ජනාධිපති පාර්ලිමේන්තු බහුතරයක් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු හැමෝම සමඟ මෙසේ හැල හැප්පීමට නම් මැකො සභාපතිට හොඳ කශේරුකාවක් තිබිය යුතුමයි.
Demuni Uduwara Monday, 13 March 2023 05:14 AM
යහපාලන ආණ්ඩුව යටතේ තමයි ප්‍රාදේශීය සභාවල සංයුතිය වැඩි කළේ රනිල් වික්‍රමසිංහ විසිනි!
සමන් පෙරේරා Saturday, 11 March 2023 08:33 PM
මේ වෙලාවේ රටට චන්දයක් අවශ්‍ය නෑ.
Ranaja Saturday, 11 March 2023 09:33 PM
රජයට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ මූල්‍ය ප්රශ්නය නිසා මැතිවරණය කල් දැමීමට (එය එසේ නොවේ) එය නිසි ක්‍රමවේදයකට කළ යුතුයි , රාජ්‍ය නායකයා විහිළුකාරයෙකු ලෙස ඒහෙමත් නැතිනම් මැරයෙකු ලෙස නොහැසිී .
ජගත් ලියනගේ Saturday, 11 March 2023 09:59 PM
කවුරුත් මේක හොඳින්ම මතක තියා ගන්න . ලංකාවේ මීට පසුව කිසිම ඡන්දයක් පවත්වන්නේ නැත".
මොහොට්ටාල Sunday, 12 March 2023 05:28 AM
අපි අවුරුදු 75 ක් එහෙට පෙරළුවා... මෙහෙට පෙරළුවා... එහෙ මෙහෙ හැපිලා 48 තිබුණාට වඩා දැන් බෝලයක් වෙලා... දැන් තවත් වේගයෙන් පෙරලන්න කණ්ඩායම් සියයක් විතර ඉන්නවා. එකෙකුටවත් තමන්ගේ බඩ ගැන මිස රට ගැන හැඟීමක් නැහැ. ඒබව සත්‍ය අදහස්වලට වැඩියෙන් අන්ලයික් දැමීමෙන් පේනවා. ලංකාවේ අකුරු කියවීමේ හැකියාව වැඩියි කිව්වට දුරදිග බැලීමේ හැකියාව හා කල්පනා ශක්තියක් නම් ඇත්තේම නැහැ කියලා පැහැදිලියි..
Rohana Sunday, 12 March 2023 07:10 AM
අරගල කරලා අන්තිමට කොහේවත් හිටපු ඡන්දයක්වත් නැති ඒකාධිපතයෙකුට රට දෙන්න වුණා. ඒකාධිපතියන් මැතිවරණ විශ්වාස කරන්නේ නෑ. ඕකනම් තියෙන ඡන්දයක් නොවෙයි. පොහොට්ටුවකට රැවටිලා ඡන්ද කොල්ලකාගත් රටකට සිදුවුණු දේශපාලන විනාශයක තරම කියා නිමකළ නොහැකිය..
ගලපර Sunday, 12 March 2023 07:14 AM
රට බංකොළොත් කරපු කාලකණ්ණි දේශපාලුවන් නිසා අද ජනතාව ජීවත්වෙන්න පොළවේ පස්කනවා. මේ හොරුන්ට තවමත් ලැජ්ජාවක් නැහැ. ඡන්ද නොතියමින් තවමත් උජාරුවට ඉන්න තමයි කල්පනාව. ඇමැතිලා V8 වල පාවෙනවා. ඒ අයට ඡන්දෙ දුන්නු අය පයින් ගාටනවා. මේ රටේ මිනිසුන්ට මේවා කවදා තේරෙයිද? ඉදිරියේදී පැමිණෙන අලුත් ආණ්ඩුවක් කළයුතු පළමු රාජකාරිය වියයුත්තේ, රට මේ තත්වෙට ඇද දාපු පොහොට්ටු අලි හොරුන්ට සහ ඔවුන්ට සම්බන්ධ ව්‍යාපාරික හොරුන්ට නීතියෙන් දඬුවම් දෙන එකයි.
sunil Sunday, 12 March 2023 09:13 AM
හිස උදුම්මවාගත් ආත්මාර්ථකාමීන්...
සමරජීව Sunday, 12 March 2023 10:25 AM
රනිල්, ගඩාෆි ගිය පාරේ යන්නයි හදන්නේ...
fairoos Sunday, 12 March 2023 01:30 PM
බයිවහල්ලුන්ට දැන් සැපද?
BamunuarachchiWednesday, 15 March 2023 06:50 AM
කව්ද සැපද කියලා අහන්නේ? ගෙදර අය දුකින්ද ඉන්නේ ?.
rocky Sunday, 12 March 2023 02:02 PM
මොකක්ද මේ හැංගිමුත්තන් කෙළිය...? මේ රටේ වගකිවයුතු නායකයෙක් නැද්ද? ඡන්දෙ තියන්නේ නැතිනම් ඇයි ඒක කෙළින්ම කියන්න බැරි...?
නිශාන්ත Sunday, 12 March 2023 02:33 PM
මේකේ අදහස් දක්වන්න පිරිස වැහිවැහැලා
sampath Sunday, 12 March 2023 09:13 PM
ප්‍රාදේශීය සභාවකට ගොස් එකවරකින් තමන්ගේ නිවාස සැලසුමක් අනුමත කරගත් අය සිටීනම් අටපට්ටමට කියන්න ඕනේ... එහෙව් අකාර්යක්ෂම ආයතන වලට කොමසාරිස් වරයෙක් පත්කරනවා හැර මොන ඡන්දද? ඡන්දයක් තියනවා නම් මහ මැතිවරණයකුයි අවශ්‍ය...