IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


‘‘මොඛා‘‘ චණ්ඩ වේ

බස්නාහිර,සබරගමුව, මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100කට වැඩි තද වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඌව සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වැසි වාර කීපයක් ඇති වේ.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට පැයට කිලෝ මීටර් 40 -45 අතර තද සුළං ඇතිවිය හැකියි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘‘මොඛා‘‘ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වි මැයි 11 වැනි දින 23.30 වන විට 12.70 N iy 88.10 E ආසන්නයේ කේන්ද්‍රගතව පැවැතිණි. එම සුළං පද්ධතිය උතුරු දෙසට ගමන් කරමින් ඉදිරි පැය 6 තුළදී මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල  ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝ දුරට  ඉඩ ඇත. තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට ගමන්කරන මෙම පද්ධතිය මැයි 14 වන දින දහවල් පමණ ගිනිකෝන දිග බංගලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු අක්ෂාංශ 03-20ත් සහ නැගෙනහිර දේශාංශ 85-100ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහුදින ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාපත සිට පුත්තලම,මන්නාරම,මුලතිවු සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.



අදහස් (0)

‘‘මොඛා‘‘ චණ්ඩ වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 256 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 198 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 72 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 499 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 710 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site