(නිමන්ති රණසිංහ)
කල් ඉකුත් වූ රුධිර පෙරන කට්ටල විනාශ කිරීමෙන් වැලකී සිට ‘දූෂණය‘ නම් වරදක් සිදුකළ බවට චෝදනා ලැබූ ජාතික ලේ දීමේ සේවයේ හිටපු අධ්‍යක්ෂිකා වෛද්‍ය මංගලිකා බින්දුසාර සහ රජයේ වෛද්‍ය චම්පා සුබෝදිනි මංචනායක මහත්මින්ට එරෙහිව පැවැති අල්ලස් නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (07) නියෝග කළේය.
අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ 186 වගන්ති ප්‍රකාරව නැවත නඩු පැවරීමේ පදනම මත මෙම චූදිතයන් දෙදෙනා එම නඩුවෙන් නිදහස් කිරිමට අධිකරණය එලෙස නියම කළේය.
චුදිතයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥවරුන් වන ප්‍රසන්න ඩී. අල්විස් මහතා සහ ශවේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම චෝදනා ගොනුකර ඇති ආකාරය අනුව එම නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බැවින් ඔවුන් නිදහස් කරන ලෙසය.
මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ගංගා හෙයියන්තුඩුව මහත්මිය සදහන් කළේ කාර්ය පටිපාටියේ ඇති දෝෂයක් පදනම් කරගනිමින් නඩුවක් තවදුරටත් පවත්වාගෙන යා නොහැකි යන පදනම පිළිගත නොහැකි බවත්, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත්ව ඇති බවත්ය.
වර්ෂ 2008ක් වූ අප්‍රේල් මස 01 වන දින සිට ජුලි මස 09 වන දින දක්වා වූ කාලය තුළ රජයේ සේවකයකු වූ ජාතික ලේ දීමේ සේවයේ අධ්‍යක්ෂවූ පළමුවැනි චූදිත සහ රජයේ වෛද්‍යවරියක වූ දෙවැනි චූදිත ගබඩාවේ ඉතිරිව තිබූ 2008. 03. 31 දිනට කාලය ඉකුත් වූ බැස්ටර් ආයතනයේ නිෂ්පාදිත ඊඑස් 3000 යන්ත්‍රයේ භාවිතයට ගන්නා තෙරපියුටික් ප්ලස්මා එක්ස්චේන්ජ් හා ඇම්කස් යන්ත්‍රයේ භාවිතයට ගනු ලබන ඒ පෙරසීස් කට්ටල ආණ්ඩුවට හෝ රෝගීන්ට හා රුධිර දායකයින්ට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩුවක් බව දැන දැනම විනාශ කිරීමෙන් වැලකී සිටීමෙන් “දූෂණය” නම් වරදක් සිදුකළැයි අල්ලස් කොමිසම චූදිතයන්ට එරෙහිව චෝදනා 03ක් යටතේ නඩු පවරා තිබුණේ ඉකුත් 2016 වසරේ මාර්තු මස 09 වැනිදාය.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මංගලිකා බින්දුසාර