IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මගේ පැමිණිල්ලට පරීක්ෂණ ඕනේ නෑ - හර්ෂ

(සුජිත් හේවාජුලිගේ)

තමාට ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව හර්ෂද සිල්වා මහතාගේ එම ඉල්ලීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දන්වා ඇත.

හර්ෂද සිල්වා මහතා තමාට ජීවිත තර්ජනයක් ඇති බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය. මේ අනුව එම ජීවිත තර්ජනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබිණ. පරීක්ෂණයක් අවශ්‍ය නැති බව ඔහු දැනුම් දී ඇත්තේ ඒ අවස්ථාවේදීය.

පරීක්ෂණයක් ආරම්භ කිරීම ගැන මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්තූතිය ස්තුතිය පුද කරන බවත් තමාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව පාර්ලිමේන්තුවේදී කළ එකක් බවත් මන්ත්‍රීවරයා දැනුම්දී ඇත

තමා සම්බන්ධයෙන් දැනට එවැනි විමර්ශනයක් අවශ්‍ය නොවන බවත් එසේ අවශ්‍ය වන්නේ නම් නැවත දැනුම් දීමට කටයුතු කරන බවත් හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් පවසා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

හර්ෂද සිල්වා මහතා පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ තමා පාරේ මරා දැමුවොත් මෙම ගනුදෙනුව පිටුපස සිටින අය එහි වගකීම බාරගත යුතු බවයි.

" මේගොල්ලන් මට කියන්නෙ මොකක්ද. දුෂණ වහන්නද කියන්නේ. මෙහෙම තර්ජන කරන්න පුළුවන්ද" යනුවෙන්ද ඔහු එහිදී සඳහන් කළේය.

හර්ෂද සිල්වා මහතාට ජීවිත තර්ජන එල්ල වී ඇති හෙයින් ඒ ගැන විමර්ශන කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුද කතානායකවරයාගෙන් එහිදී ඉල්ලා සිටියහ.

හර්ෂද සිල්වා මහතාට" තමුසේ මේවා හොයන්න එපා" යනුවෙන් තර්ජනය කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව මුජීබර් රහුමන් මහතා පැවසීය.

 



අදහස් (19)

මගේ පැමිණිල්ලට පරීක්ෂණ ඕනේ නෑ - හර්ෂ

Sirisena Monday, 10 June 2024 05:32 AM

හර්ෂද සිල්වාගේ මන්ට්‍රිවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව පාර්ලිමේන්තුවේදී කළ එකක් බවත් මන්ත්‍රීවරයා දැනුම්දී ඇත. පාර්ලිමේන්තු "වරප්‍රසාද වලට මුවාවී" පක්ෂ විපක්ෂ මැති ඇමති අති බහුතරයක් බොරු කියන බව රටේ පුරවැසියන් දනී. හර්ෂද සිල්වා ඒ බව ප්‍රසිද්දියේ පිළිගෙන ඇත

:       0       0

Perera Monday, 10 June 2024 07:03 AM

මොවුන් ඔක්කෝම ජනතාව පිනවන නාට්‍යෙය් කොටස්කරුවෝ... සහාය නළු නිළියෝ.

:       0       0

වර Monday, 10 June 2024 07:14 AM

සියලු වරප්‍රසාද වලින් විකාර කරනවා...!

:       0       0

සෙනෙවිරත්න Monday, 10 June 2024 07:30 AM

මොකද රනිල් කිව්වද අපේ පැත්තට එන්න ඉන්න නිසා බයවෙන්න එපා කියලා? මොනවද මේ විහිළු? පාර්ලිමේන්තුවේදී හොටු පෙරාගෙන පපුවට ගහගෙන මග මරාගන්න ඉන්න ගානට දොඩවලා දැන් මේ කියන කතා? මෙහෙම ආර්ථික කමිටු සාමාජිකයින් එක්කද වාද කරන්න කියන්නේ..? ඔන්න බලාගන්න සජිත්ගේ ආර්ථික කමිටුවේ අයගේ හැටි. සජිත් එයා ප්‍රවේශම් කරගන්න ළඟදීම එයා ඔයා දාලා යනවා.

:       0       0

චන්දිම Monday, 10 June 2024 07:44 AM

මල්ලි මේක තමයි කියන්නේ ඔය එක එක කාලෙට නිකම් අඬ අඬා එක එක කතා කිව්වාට අන්තිමට මේ දෙගොල්ලෝ ඔක්කොම එකට එකතුවෙලා තමයි ගහන්නේ කියලා. නැත්නම් ඉතින් පරීක්ෂණයක් තියලා තක්කඩි ටික අල්ලන්න එපාද? අපි හැමදාම රැවටෙනවා.

:       0       0

marsha Monday, 10 June 2024 07:58 AM

පරීක්ෂණ ඕනේ නැතිනම් මොන මගුලකටද පැමිණිලි කලේ? මෙතනින් ලැබ ප්‍රසිද්ධියක් ගන්නයි මෙය හදන්නේ ..කයිය මිසක වැඩ නැති තවත් වැටකොළු පතෝල දේශපාලකයෙක් තමයි මෙයත් . ඉන්දියාවෙන් රනිල් මහතාට ලබාදුන් සුවසැරිය වැඩසටහන කළමනාකරණය කිරීමට රනිල් මහතා මොහුව පත්කලා නමුත් අනිතිමට මොහු කයිවාරු ගැසුවේ එම වැඩසටහන ඔහුගේ සංකල්පයක් ලෙසයි . මෙයත් දැන් මිනිසුන් අතරේ පිළිකුල් චරිතයක් පමණයි .

:       0       0

මුදිත් Monday, 10 June 2024 08:18 AM

මෙච්චර කාලෙකට විහිළු සැපයුවේ නායකතුමා විතරයි. දැන් ඔයත් !!!!!

:       0       0

sam Monday, 10 June 2024 08:31 AM

ඒ කියන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා බොරු කිව්වා කියන එක නේද?

:       0       0

primeshika Monday, 10 June 2024 08:48 AM

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා මෙයා කරන අනෙක් ප්‍රකාශවලත් තත්වය ඔය.

:       1       0

Chamila Monday, 10 June 2024 09:10 AM

එහෙනම් මොන මගුලක්ද කිව්වේ. මුන් ඔක්කොම එකයි. කාලය කන්න හොදයි. කාලකන්නි.

:       1       0

Shashi Monday, 10 June 2024 09:43 AM

රට ගිනි තියන සජිත්ගේ ආර්ථික කමිටු ලොක්කා. හිරිකිතයි.

:       1       0

අරවින්ද මොනරවිල Monday, 10 June 2024 10:02 AM

කවුද අනේ හිතුවේ කිව්ව ගමන් සී.අයි.ඩී. එකෙන් එයි කියලා, මට මේ දවස්වල ඇඩෙන්න රිදිලා තියෙන්නේ, එක පැත්තකින් නාලක කියනවා මගේ බ්ලු ප්‍රින්ට් එක නොවෙයිලු පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති කියලා, අනිත් පැත්තෙන් රංජිත් කියනවා ආණ්ඩුවෙන් සල්ලී ගත්ත එක වැරදියි එ ගැන හොයන්න ඕනා කියලා, තවත් පැත්තකින් නලින්ද කියනවා හර්ෂ එක්ක විවාද කරලා වැඩක් නැහැ තව කොච්චර කාලයක් හර්ෂ ස.ජ.බේ. ඉන්නවාද ෂුවර් නැහැ කියලා මෙහෙන් පොහොට්ටුවෝ මාව මරන්කන්න හදනවා වීසා කේස් එක අල්ලාගෙන. ඉතිං මම මගේ දුක චොකා නායකයට හැර වෙන කාට කියන්නද ?

:       1       0

sam Monday, 10 June 2024 10:42 AM

එහෙනම් පට්ට බොරුවක් කරලා අනුකම්පා ගන්න හදන්ඩ ඇති

:       0       5

Pinjana Monday, 10 June 2024 12:09 PM

"පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් " ?????? නිසා විමර්ශන අවශ්‍ය නැත..??? යකෝ මුන් ඒ වරප්‍රසාද උඩ මොන තරම් කෙබර ගහනවා ඇතිද?

:       0       6

Jagath Monday, 10 June 2024 01:06 PM

හෙට අනිද්දට රනිල් ළඟට පනින්න ඉන්න තමුන්ට කාගෙන් ජීවිත තර්ජන එන්නද?

:       1       8

Rata Perata Monday, 10 June 2024 01:54 PM

මේකත් පොඩි සංදර්ශනයක් වගේ

:       0       7

Hafeel Monday, 10 June 2024 02:18 PM

එහෙම නම් මෙයා කලේ රඟපෑමක්ද? දැන් මෙයාට තිබිච්ච කීර්තිනාමයත් නැතිවී ගෙන යනවා. මෙයා කිසිම පදනමක් නැතුව අනවශ්‍ය විදියට මාලිමාව විවේචන කරනවා. සාධාරණ පදනම් සහිතව විවේචන කළා නම් කමක් නැහැ. ළඟදී මෙයා කියා තිබුණා කවුරු බලයට අවොත් දූෂණ, වංචා, හොරකම් නැති කරන්න බැරිලු.

:       2       6

Nimal Monday, 10 June 2024 04:14 PM

පාඨලී වගේ මෙයත් පච වෙන්න ළඟයි. අපි මේ දෙන්නාටම රැවටුන එක ගැන දුකයි..

:       0       0

kotiya Wednesday, 12 June 2024 05:12 AM

මොවුන්ට ඔස්කාර් සම්මානේ දීලත් මදි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 698 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3609 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1297 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2245 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site