IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


‘‘මගී බස් ධාවනයට නව බලපත්‍රයක්‘‘

(නිමල කොඩිතුවක්කු)

දිගින් දිගටම සිදුවන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් මගී ප්‍රවාහන බස් රථ සඳහා නව රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව බර වාහන රියදුරු බලපත්‍රය ලබාගැනීමෙන් පමණක් මින් ඉදිරියට මගී ප්‍රවාහන බස් රථ ධාවනය කළ නොහැකි බවත් ඒ වෙනුවට මගී ප්‍රවාහන රියදුරු බලපත්‍රයක් අලූතින් හදුන්වාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සියලුම මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ට සති දෙකක පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව මෙම නව රියදුරු බලපත්‍රය ලබා දෙන බවත් ඔහු කියයි.

ලංකා ගමනාගමන මණ්ඩලය, ආරක්ෂක අංශ එක්ව මෙම වැඩපිළිවෙළ සකස් කරන බවත් අමුණුගම මහතා කියා සිටියේය.



අදහස් (12)

‘‘මගී බස් ධාවනයට නව බලපත්‍රයක්‘‘

kasun subashana Sunday, 21 March 2021 08:31 AM

ඉතා හොද තීරණයක්

:       8       26

gamnunu Sunday, 21 March 2021 02:23 PM

රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමතිට යමක් කිවයුතුවේ. එනම් නව රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීම පමණින් සහ රියදුරන් පුහුණු කිරීමෙන් පමණක් මෙම අනතුරු අඩුකරගැනීමට නොහැක. නව රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීම සහ මාර්ගවල ධාවනයට සුදුසු බස්රට යෙදවීම සහ එම බස්රථ මගිප්‍රවහනයට යෝගයද කියා mechanical diagnostic test කිරීමක් වසරකට දෙවරක් රජයේ ආයතනයක් මගින් සිදුකිරීම නිවර්ය කලයුතුවේ. එමෙන්ම මාර්ග අවහිරත්වයන් සියල්ලද නිරාකරණය කිරීමද සිදු කළයුතුවේ.

:       0       14

Gunda Sunday, 21 March 2021 09:32 AM

බලපත්‍රය නෙවෙයි ප්‍රශ්න අධික වේගයෙන් ධාවනය කිරීම

:       4       18

බන්දුල Sunday, 21 March 2021 10:32 AM

කාලෝචිත පියවරකි ඇමතිතුමනි.

:       10       8

විපරමා Sunday, 21 March 2021 11:36 AM

බලපත්‍රයක් නම් ගන්න ක්‍රම සහ විදිද නැත්තේ? .ප්‍රස්නේ තියෙන්නේ රියදුරන් අතේ. සමහරු තරගෙට ඉගිල්ලෙන්ඩ හදනවා. කිසිම චාරයක් නැති ,බීලා රිය පදවන අය නැතුව නෙවෙයි .

:       1       9

sugath Sunday, 21 March 2021 11:42 AM

මෙයට නියම පිළියම රටේ නගරබද ප්‍රදේශ වලින් පිට ඇති මාර්ගවල උපරිම වේගය 60 දක්වා සීමා කිරීමයි.

:       1       5

තිලක් Sunday, 21 March 2021 12:36 PM

ආරක්ෂක අංශ ? හිමින් නීතිගරුකව බස් රිය පදවන ආරක්ෂක අංශ සාමාජිකයින් කවුරුත් දැක තිබේද? කොරෝනා රෝගීන් හෝ නිරෝධයනයට ගෙන යන්නන් පටවාගන, ලාම්පු දල්වාගෙන, නොනවත්වා නලා හඩවමින් අධික වේගෙයෙෙන් බස් පදවන හමුදා නිලධාරින් හැමතැනම. කීයක් අනතුරු වුනාද?

:       1       10

අයන්ත Sunday, 21 March 2021 01:36 PM

හොදවැඩක්. යුරෝප රටවල බස් රථ පැදවීමට හා කුලීරථ පැදවීමට වෙනම පාඨමාලාවක් කර බලපත්‍රයක් ලබාගතයුතුය. අලුතින් ලයිසන් ගත්විට ලකුනු 20 ක් ලැබේ. තමන් කරන වැරදිවල සභාවය අනුව සලකුනු 20 සිට කැපීගෙන ගොස් අවසානයේ ලයිසන් ඒක අහිමිවෙ. එවිට නැවත ලයිසන් ගැනීමට රියදුරුපාසලට ගොස් ආධුනිකයෙක් වාගෙ අවුරුද්දකට වැඩිය කාලයක් සහ මුදල් වැයවෙ. ඊට අමතරව බීමතින් රිය පදවා අසුවුවහොත්. මධ්‍යසාර පතිශතය අනුව ලයිසන් ඒක අහිමි වීම සිට පැදවූ රථය රාජ්‍යසන්තක වීම දක්වා විහිදෙයි. ලයිසන් අලුතින් ගැනීමට අවුරුදු 2 කට පසුව රුධිර පරික්ෂණයකට යොමුවි අවසන් මාස 6 රුධිරයේ මධ්‍යසාර බින්දුවට පවත්වා ඇත්දැයි තහවුරු කර අවස්ථාව ලබාදෙයි. ලංකාව ටත් මෙ නීති ගෙන ඒම අවශ්‍යය.

:       0       11

Rohana Sunday, 21 March 2021 05:05 PM

තරගකාරී ලෙස බස් ධාවනය කරන බස් රථ රියදුරන්ගේ විකෘති වූ මනස නිවැරදි කිරීමේ මානසික ප්‍රතිකාරද පුහුණුවට ඇතුළත් විය යුතුමයි.

:       0       0

Senaka Sunday, 21 March 2021 06:08 PM

ඔයා කතා කරන්නේ පළවෙනි පාර වගේ... මේවා හැමදාම සිද්ධ වෙනවා මොනවා හරි වුණාම වේදිකාවට ඇවිල්ලා චණ්ඩියෙක් වගේ මොනවාහරි කියනවා.

:       0       0

chithrananda Monday, 22 March 2021 01:09 AM

අධ්‍යාපන ලයිසන් එකට වඩා වැදගත් යම් අධ්‍යාපන මට්ටමක් තියෙන,ආකල්ප හොද රියැදුරන් තෝරාගන්න ක්‍රමයක් තිබ්බා නම්

:       0       0

Kodi Monday, 22 March 2021 05:51 AM

ලොරි චැසිවලට ටකරන් තහඩු ගැසූ බස්රථ වහාම ඉවත් කර මගී ප්‍රවාහනය සඳහා ජාත්‍යන්තරව භාවිතා කරන බස් රථ ගෙන්වීම ආරම්භ කළ යුතුමයි. රියදුරු බලපත්‍රයට ලකුණු ලබා දීමේ ක්‍රමයක් අවශ්‍යමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 24 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 170 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 208 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 63 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 709 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 1501 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 416 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1321 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 697 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site