IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


මැජෙස්ටික් සිටි සංකීර්ණයට SLT MOBITEL ෆයිබර් තාක්ෂණ සේවා

ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT MOBITEL ආයතනය, කොළඹ මැජෙස්ටික් සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ හිමිකාරීත්වය දරන CT ලෑන්ඩ් ඩිවලොප්මන්ට් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹුණි. එම ගිවිසුම යටතේ මැජෙස්ටික් සිටි සංකීර්ණයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් නැංවීම සඳහා SLT MOBITEL දායකත්වය පිරිනැමීමට නියමිත ය.

කොළඹ කොටුව, ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතාගේ සහ CT ලෑන්ඩ් ඩිවලොප්මන්ට් සමාගමේ අධ්‍යක්ෂිකා මියෝනි පෙරේරා මෙනවියගේ සහභාගීත්වයෙනි. ආයතන දෙක නියෝජනය කරන වෙනත් නිලධාරීහු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සම්පාදනයේ ප්‍රමුඛයා වන SLT MOBITEL වෙතින් දුරකථන සන්නිවේදන සේවා, ෆයිබර් තාක්ෂණයෙන් බලගැන්වුණු අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සබඳතා මෙන්ම නවීන ටෙලිවිෂන් අත්දැකීමක් සමීප කරන PEO TV වැනි සේවා රැසක් මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණයට හිමි වනු ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ නගර මධ්‍යයේ පිහිටි නවීන සුහුරු ගොඩනැගිල්ලක් බවට මැජෙස්ටික් සිටි සංකීර්ණය පත්වනු ඇති අතරම, ඒ වෙත ගමන් කරන පාරිභෝගිකයන්ට ද ඩිජිටල්කරණය වූ ජීවන රටාවක අත්දැකීම් විඳගැනීමේ සුවිශේෂී අවස්ථාවක් උදාවනු ඇත.



අදහස් (0)

මැජෙස්ටික් සිටි සංකීර්ණයට SLT MOBITEL ෆයිබර් තාක්ෂණ සේවා

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 173 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 188 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 24 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


රනිල් ගෙන් ජනපතිට අභියෝගයක්
2024 නොවැම්බර් මස 05 700 3

තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන


කෝටි 10 ක අයිස් සමඟ විදෙස් කතක් මාට්ටු
2024 නොවැම්බර් මස 05 386 0

රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්


ගම්පහ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 05 176 0

ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 402 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1306 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site