IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


මෝටර් රථ වංචාවක් එළියට

(ඉන්දිකා රාමනායක)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වාහන අංක  හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර ඒ වෙනුවෙනට වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කරමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපැයු එහි ලේඛනාගාරයේ සේවකයකු අද  (10) නාහාහේන්පිට දී පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු  භාවිතා කළ රුපියල් කෝටි  2 ට ආසන්න වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය බාරයට ගෙන ඇත.
භාවිතයට නොසුදුසු බවට නිර්දේශ කරමින්  ධාවයෙන් ඉවත් කරන වාහන අංක වලට   නියම හිමිකරුවන්ගේ නම්  ඉවත් කර   වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කිරීමෙන් කාලයක සිට එහි සේවකයන් පිරිසක් විසින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලිසිය පවසයි.
ශ්‍රි ලංකාවේ ධාවනය  වන වාහන 400 ට අධික ප්‍රමාණයක අයිතිකරුවන් වශයෙන් මොටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ ව්‍යාජ පුද්ගලයන්ගේ නම්  බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.  



අදහස් (4)

මෝටර් රථ වංචාවක් එළියට

විපරමා Thursday, 10 August 2023 05:29 PM

මෝටර්රථ ප්‍රවාහන දෙපර්තමේන්තුව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සුලු සේවකයා පටන් ඉහළ නිලදාරීන් ගෑණු පිරිමි භේදයක් නැහැ. ඉන්නේ පගාකාරයෝ.

:       0       0

නිමල් Thursday, 10 August 2023 07:44 PM

සේවකයින් මේ බඩපිනුම් ගසන්නේ තොරතුරු තාක්ෂණ ආරක්ෂණ controls නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන දැන හෝ නොදැන අසමත් හෙයින්. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාර්තා වූ ප්‍රථම පරිගණක දත්ත නිරවද්‍යතාව කඩවීම මෙය නොවෙයි...

:       0       0

සෙනෙවිරත්න Thursday, 10 August 2023 07:46 PM

කෝ මුරපද, පියන්ලාටත් දෙනවාද සිස්ටම්වල පාස්වර්ඩ්? මරු ආයතන... මෙහෙමවත් රටක් තියෙනවා ඇති...

:       0       0

කරුණාරත්න කිරිඇල්ල Friday, 11 August 2023 06:13 AM

2015 වර්ෂයේ යතුරු පැදියක් හිමි අයෙක් මියගියා .ඉතින් මියගිය කෙනාගෙ බිරිඳගේ සහෝදරයා එම යතුරු පැදිය පාවිච්චියට ගෙන ගියා. මිය ගිය අයගේ පුතා අවුරුදු 18සම්පූර්ණ වෙලා .යතුරු පැදිය ඉල්ලුවා. ඒ වෙලාවෙ බලනකොට අප්‍රසිද්ධ රක්ෂණ ආයතනයක් ව්‍යාජ ලිපියක් සකසා යතුරු පැදිය පදින්න ගෙන ගිය පුද්ගලයා නමට හරවා තිබුනා. RMV මෙහෙම නම් ඇත්තටම තවත් කාලයක් ගියානම් යතුරු පැදිය හොරෙන් විකිණීමට කිසිම ගැටලුවක් නැහැ. ලියාපදිංචි වාහන හිමියන්ට ආදායම් බදු පනවා කියන නිසා මේවා තවත් වෙන්න පුළුවන් ඇත්තටම රටේ ඉහළම ආදායම් ලබන පුද්ගලයින් සුඛෝපභෝගී වාහන පදිනවා දරුවන්ට ශිෂ්‍යත්ව ආධාර හා රජයේ ආධාර ගන්නවා ඒවාට මෙහෙම දේවල් හේතුවක් වෙනවා ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 181 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 220 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 479 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 1722 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1755 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 244 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 410 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1417 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site