IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීමයි

(ඩයනා උදයංගනී)

"මිනිසුන් අවුස්සන දේශපාලනයට හසු නොවී අනාගත පරපුර වෙනුවෙන් පෙළගැහෙන්න” යැයි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පැවසීය.

තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත් ඒ වෙනුවෙන් නොබියව තීරණ ගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ කිසිවකට බිය නොවන බව කී ජනාධිපතිවරයා තමා ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට බවත්, තමා ඔවුන් තැබූ විශ්වාසය කඩ නොකරන නිසා ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගත යුතු බවත් පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට 
අද (23) පෙරවරුවේ එක්වෙමිනි.

පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළ අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳ සොයා බැලීය.  

අනතුරුව වගාබිම් වෙත පැමිණි ජනාධිපතිවරයා එහි වගා කර තිබූ එළවළු සහ අනෙකුත් වගාවන් මෙන්ම කාබනික පොහොර යොදා පස සකස් කරන ආකාරය ද නිරීක්ෂණය කළේය. 

ගැඩවිල් පණුවන් යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානය මගින්  මාසිකව පොහොර ටොන් 12ක් පමණ නිෂ්පාදනය කරන අතර අක්කර 13ක පමණ වූපොල් ඉඩමක ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු දගෝවා, බීට්රූට්, බටානා වැනි එළවළු ද කහ වගාවක් සහ ආදර්ශ වී වගාවක් ද කාබනික පොහොර යොදාගනිමින් සිදු කරයි. 

තමාගේ අපේක්ෂාව ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් දේශපාලන නායකයන් නොගන්නා අසීරු තීරණ ගැනීමට සූදානම් බවද කීවේය. එදා යුද්ධයට අත ගහන්න එපා යැයි බොහෝ දෙනා ඉල්ලා සිටියදීත් 30 වසරක යුද්ධය අවසන් කළාක් මෙන් කුමන බාධාක හමුවේ වුවත් හරිත කෘෂිකර්මාන්තය ජය ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය. 

ජනතාව තමන් නායකයා ලෙස තෝරා පත් කරගත්තේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
 උඩුබද්දාව ප්‍රාදේශීය සභාව භූමියේ ඇතිකසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය ද ජනාධිපතිවරයා නිරීක්ෂණය කළේය. 

මහාමාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණපාල රත්නසේකර, යූ.කේ. සුමිත්, සමන්ප්‍රිය හේරත්, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය  අතුල විජේසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (37)

මට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීමයි

ajith Saturday, 23 October 2021 07:34 PM

ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේ සිටින ජනතාව කැමතිම ඇමතිවරුන් දෙදෙනාම සමග ජනධිපති කුලියාපිටියට...!

:       2       29

opathaSunday, 24 October 2021 02:52 PM

ප්‍රීතියි පුරෝහිත ප්‍රීතියි...

:       1       25

NM Saturday, 23 October 2021 08:14 PM

කාබනික පොහොර සදහා ගොවියන් උනන්දු කල යුතු වේ. නමුත් මේ දිනවල රටේ පවතින උග්‍ර පොහොර හිඟයට පිලියමක් වශයෙන් නැනෝ තාක්ෂණය අනාගත පරම්පරාවේ භාවිතය වනු ඇති බව ඉන්දියාවේ සිටින ලංකාවේ මහා කොමසාරිස් වරයා කියා සිටි.

:       1       15

NM Saturday, 23 October 2021 08:17 PM

ගොවියන් දැනගතයුතු කරුණ වන්නේ පත්‍ර වල පුටිකා හෝ stomata තිබෙනුයේ ශාක පත්‍රයේ යටි පැත්තේය. පුටිකා පිහිටා තිබෙනුයේ ශාකයට අවශ්‍ය වාතය ලබා ගැනීම සදහා මිස ආහාර ලබා ගැනීම සදහා නොවේ. ආහාර ලබාදීම සදහා සහ වාතය ලබාගැනීම සදහා සොබාදහම මගින්ම ශාකවලට සහ සතුනට ක්‍රමවේද ලබාදී ඇත. ලෝකයේ ආදී සීතල රටවල මාස තුනක් වැනි කෙටි කලකදී වගාවන් සදහා විශේෂයෙන් එළවලු සදහා නැනෝ නයිට්‍රජන් පොහොර හෝ යුරියා ද්‍රව පසට එකතු කරනුයේ කෙටි කාලයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සදහා වේ. නමුත් කිසිදු ආකාරයකට මහා පරිමාණ ගෝවීන් පලිබෝදනාශක හැර කිසිදු පොහොර වර්ගයක් ඩ්‍රෝන යාත්‍රා මගින් විසුරුවාහැරීමක් නැත. නැනෝ තාක්ෂණය අනාගත පරම්පරාවේ භාවිතය සහ අලු‍ත් පැති සමාජ ආර්ථික පරිවර්තනයකට කලයුතුවන්නේ කෙසේද කියා හොදින් අවබෝද කර ගතයුතුවේ. අනාගත පරම්පරාවේ භාවිතය සහ අලු‍ත් පැති සමාජ ආර්ථික පරිවර්තනය සොබා දහමට විරුද්දව නොයා යුතුවේ.

:       1       15

Ruwan Saturday, 23 October 2021 10:16 PM

වෙන වැඩක් නැත්නම් හොඳයි මේවා

:       9       31

ana Saturday, 23 October 2021 11:21 PM

ලෝකයේ රට රටවල් දියුණු කළ නායකයින් සිටියා ඔගස්ටස් සීසර්,ඇන්ජෙලා මර්කර්,ජුලියස් නියරේරේ,ලී ක්වාන් යූ, මහාතීර් මොහොමඩ් ඔවුන් සියලු දෙනා තම පවුලේ එක්කෙනෙක්වත් පාලනයට ලං කර ගත්තේ නැහැ.

:       6       41

Sena Sunday, 24 October 2021 12:53 PM

එක නෙවෙයි මට තියෙන බය. චන්දෙ ඕන නැහැ කියන්නේ චන්දෙ නොතියාම රට පාලනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද දන්නේ නැහැ

:       7       48

SamanayaSunday, 24 October 2021 05:51 PM

සිංගප්පූරුවේ ලී ක්වාන් යූ විශ්‍රාම ගියේ පුතාව අගමැති කරලා. අදත් ඔහු සිංගප්පූරු අගමැති. අපේ අය ලංකාව, සිංගප්පූරුව වගේම පවුල් වාදයෙන් තොරව දියුණු කරනවා කියනකොට ලී ක්වාන් යූ පුතාව අගමැති කරපු හැටි මතක් කරන්නේ නෑ, එක්කෝ දන්නේ නෑ. ආසියා, අප්‍රිකා සහ දකුණු ඇමරිකා සංස්කෘති දේශපාලන පවුල් වාදයෙන් තමයි ගොඩක්ම යන්නේ. උතුරු ඇමරිකානු, ඕස්ට්‍රේලියානු සහ යුරෝපීය කලාපවල ඒ තත්වය අඩුයි. නමුත් නැත්තෙම නෑ. අපේ ලංකාව ගැන හොඳට හිතුවොත් සේනානායක, බණ්ඩාරනායක පරම්පරාවන් පටන් ගත්ත පවුල් වාදය එක දිගටම රජකරනවා. ප්‍රේමදාස මහතාගේ පුතා සජිත්, ගාමිණී දිසානායක පුතුන් වන නවීන් සහ මයන්ත, ජයලත් ජයවර්ධන පුත් කාවින්ද, රාජිත පුතු චතුර, මගේ අම්මෝ බලන් ගියාම ලංකා දේශපාලනයේ පවුල් ගස් නොවෙන්නේ කවුද කියලා හොයන එක ලේසියි. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න තුනෙන් එකක්වත්, කාගේ හරි දැන් ඉන්න හරි කලින් හිටපු හරි කෙනෙක්ගේ පැටියෙක් නෙවෙයි නම් මොකෙක් හරි තමයි. ජුලියස් නියරේ සහ ලී ක්වාන් යූ පවා අන්තිමට එහෙමයි. ඇමරිකාවේ කෙනඩිලත්, බුෂ්ලාත් එහෙමයි. දැන් කියනවා ඔබාමාගේ බිරිඳත් ඉස්සරහට ඡන්දෙ ඉල්ලයි කියලා. එංගලන්ත පාර්ලිමේන්තුවේ පවා ඕවා තියෙනවා.

:       9       11

වික්‍රමMonday, 25 October 2021 03:14 AM

දේශපාලනයක් මම දන්නේ නෑ .මීට වසර කිහිපයකට ඉස්සෙල්ල වකුගඩු රෝගයෙන් පිඩා විදින ගමකට වලට ලක්ෂ 14ක් වියදම් කරලා වතුර පෙරනයක් ප්‍රධානය කරන්න ලංකාවට ආපු වෙලාවේ , ගොවියෝ කියපු හැටියට වැවක වතුර පොදක් බොන්න බැරි තරමට , එකේ ඉන්න මාලුවෙක් කන්න බැරි තරමට වැව් දුෂණය වෙලා රසායනික පොහොර නිසා. ඔවුන් කියපු දේ තමා රු 350පොහොර දෙන නිසා , ගොවියෝ විශාල මාත්‍රා වලින් පොහොර ගහන විත්තිය. මම හිතන්නේ කවුරු හරි මේ වැඩේට තිත තියන්න ඕනේ , කොයි තරම් අමාරු උනත්.

:       0       1

Ashoka senarath bandara Sunday, 24 October 2021 12:07 AM

ආඩම්බරයි ජනාධිපතිතුමා අපි දන්නවා අපිට විස්වාසයි ඔබතුමා අපිව බලා ගන්නවා කියලා. බුදු සරණයි

:       64       14

sandagalathenna Sunday, 24 October 2021 12:43 AM

ඇමෙරිකාවේ ජනතාවටද.?

:       12       41

sebasthiyan Sunday, 24 October 2021 12:48 AM

හාල් පරිප්පු අඩු කරන්න නෙමෙයි මයෙ දෙය්යො.... අර හිරේ ඉන්න මිනී මරු ගෝලයෝ නිදහස් කරන්නයි.. මරණ දඬුවම ලැබිච්ච ගෝලයෝ පාර්ලිමෙන්තු දිවුරුම් දෙව්වන්නයි. පුලුවන් නන් රටේ සම්පත් ටික විකුනලා නිරූපමාලා වගේ පැන්ඩෝරා වලට අහු නොවී පිට රට බැන්කු වල දාගන්නයි... ආ අමතක උනා...අර නඩු ටික...එව්වත් ඉල්ලා අස් කරවා ගන්නයි.

:       8       51

ගොවි රජා Sunday, 24 October 2021 12:49 AM

මට මතක්වුනා කපුටා සහ කේජු කෑල්ලේ කතාව. 2021 ජිවත්වන එකම එක ගොවියෙක්වත් ඔබගේ බොරු වලට රවටෙන්නේත් නැහැ. ආයේ ඡන්දෙ දෙන්නෙත් නැහැ. ඡන්දෙ හිගාගෙන අපේ ගෙවල් පැත්තේ බඩගාන්නත් එපා. ඡන්දෙ දිනන්න දෙන්නෙත් නැහැ. රාජපක්ෂලා ඔක්කොම උන්ගේ හෙන්චයියොත් සමගම මීළඟ ඡන්දෙදි ගෙදර අරිනවා පමණක් නොවෙයි... තව තව වැඩ තියේවි.

:       12       43

hesaSunday, 24 October 2021 11:48 AM

මේ සේරම 3% සහ ටෙලි ෆෝන් කතා. ඒවා අහන්නෙත් කියන්නෙත් එයාලම තමා. කොච්චර බන කිව්වත් මැතිවරණයකින් පස්සෙ අකුලන් යනවනෙ

:       39       15

Kumara Sunday, 24 October 2021 04:17 AM

මේ ගොවිපලේ නිෂ්පාදනය කරන දේවල් විකුණන මිල ගණන් දැම්මා නම් තමයි කාටත් බලාගන්න පුළුවන් කී දෙනෙක්ට මේවා මිලදී ගන්න පුළුවන් කම තියනවද තියලා. මේ කරන විකාරය නිසා වෙන දේ හිතාගන්න බැරි තරමට බයයි.

:       6       37

saku Sunday, 24 October 2021 04:48 AM

රටේ ජනාධිපතිතුමා ඡන්ද ගැන නොසිතා තීරණයක් අරන් තියෙනවා. ඒ සදහා උදාහරණ ඔනිතරම් පේන්ඩ තියෙනවා . හොද දෙයක් කරන්ඩ ගියාම එක කරන්ඩ දෙන්නේ නැතිව දියව් දියව් කණ්ඩායම පෙළපාලි යනවා. මිනිස්සු ඒකට විරුද්දව පෙළ ගස්සනවා. ඊට අස්සේ අහනවා අවරුදු 74 ක් මොනාද කරේ කියල. අවරුදු 74ම කරන්ඩ දෙන්නේ නැත්තේ ඇයි කියල දියව් දියව් කණ්ඩායමෙන් අහන්ඩ කව්රුත් නැ.

:       42       17

Hafeel Sunday, 24 October 2021 05:24 AM

ඔන්න පට්ටපල් බොරුවක් කිව්වා. තිස් වසරක යුද්ධය අත ගාන්න එපා කියල බොහෝ දෙනා කියලත් එක අවසන් කරාලු. යුද්ධය දිනන්න සැලුම් කලේ සහ යුද්ධය මෙහයවුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ යුද්ධය කලේ මේ රටේ දුප්පත් රණවිරුවන් බව කව්රුත් දන්නා කතා. නමුත් මෙයා 1990 දී යුද්ධයත් සහ රටත් දාල ඇමෙරිකාවට ගියා.

:       9       44

wickrama Sunday, 24 October 2021 06:16 AM

ජනාධිපතිතුමනි, ඔබේ දෙපා පස්සට ගන්න එපා. ඔබ කුමක් කරන්නද යන්න සියල්ලන්ටම වැටහෙනු ඇත. නමුත් ගොවීන්ට අමාරුයි ඔවුන්ට යම් උපකාරයක් ලබා දෙන්න ඔවුන් සතුටු වෙනවා. සියලුම කණ්ඩායම (පාර්ලිමේන්තුවේ) ජනාධිපතිවරයා මෙන් සිතිය යුතුය.

:       38       13

දාස Sunday, 24 October 2021 07:13 AM

ඒක හින්ද වෙන්න ඇති මිනි මරුවො නිදහස් කරල රජයේ තානාන්තර පිරිනමන්නෙ.

:       4       45

kamal Sunday, 24 October 2021 07:13 AM

ලංකාව හැමදාම ගල් යුගයේ තියාගෙන ගොනාට අන්දගෙන අධිරාජ්‍යවාදී බිල්ලා පෙන්නලා වාසිය කාටද.?

:       4       30

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 24 October 2021 08:02 AM

ගරු ජනපති තුමනි, කොම්පෝස්ට් පොහොර යෙදීමෙන් කෙරෙනා වගාව ඉතා හොඳයි. එහි කිසිදු විවාදයක් නැහැ. ඒත්, රසායනික පොහොර එකදිගටම යෙදීම නිසා පාංශු ජීවීන් විනාශවී ඇති පස ක්ෂණිකව කොම්පෝස්ට් යොදා යථා තත්ත්වයට පත් කරන්න අමාරුයි. එය ක්‍රමානුකූලව කළයුතු දෙයක්. එසේ එක්වර කරන්නට යෑමේ අහිතකර ප්‍රතිඵල තමයි අද ගොවියා අත්විඳින්නේ. මේ තත්ත්වය ප්‍රායෝගිකව ගොවියා දැනගත්තත්, සීතකාමරවල සිටිනා උපදේශකවරුන් වටහාගෙන නැහැ. මෙන්න මේ හේතුව නිසා තමයි ගොවියාත් රජයත් අතර ප්‍රශ්න ඇතිවුනේ. ඒ නිසා මේ සම්බන්ධව ගොවියා සමග එක්ව ඔවුන්ගේ සහයෝගය ඇතිව කොම්පෝස්ට් පොහොර යෙදීමෙන් කෙරෙනා කෘෂිකර්ම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න. ස්තූතියි.

:       5       33

jayath Sunday, 24 October 2021 08:23 AM

ඔබ හරි දේ කරනවානම් ප්‍රශ්නයක් නැහැ 69 ලක්ෂයක් එහෙම හිතුවෙත් දැන් පෙන්නේ තියන විදියට නම් කොරපු මොකද්ද හරියට කොරේ කියනඑක අර 69 ලක්ෂේටත් ප්‍රශ්නයක් නෙව. මම හූනා කිව්වවගේ එකෙක් කියන්නම් මහත්තයෝ මම ජීවිතේ නායකයෝ නායිකාවෝ අනාගන්න හැටි ගොඩක් දැකල තියන කෙනෙක් හැබැයි ඔබ මේ පෝර පරශ්නේ ආපහු අනිත් ඒවා වගේම රිවර්ස් නොකරොත් අනාගන්නේ මාර අනාගැනිල්ලක් මේක ලංකා ඉතිහාසයේ දරුණුම ව්‍යසන වලින් එකෙක් වෙනවා වෙනවා මයි.

:       3       29

Tiron Sunday, 24 October 2021 08:41 AM

ඔච්චර ජනාතාව ගැන හිතන ඔයාට ඇයි අනේ ඕක මේක වාරිකේ ගෙවන්න ලන් වෙද්දිම ඔලුවට ආවේ. ඇයි ඉතින් පලවෙනි සැරේ කොවිඩ් ආපුවම පොඩි නියමු ව්‍යාපෘතියක්වත් කරන්න මතක් උනේ නැත්තේ. පෝර ගෙනාවොත් ණය ගෙවන්න සල්ලි නැතුව යනවනේ. එතකොට රාජපක්ෂ ලෙගසිය සවුත්තු වෙනවනේ. ඒක මතක් වෙද්දි නේ ජනතාවගේ වකුගඩුව මතක් වෙන්නේ...

:       6       25

sam Sunday, 24 October 2021 08:43 AM

අනාගත පරපුර වෙනුවෙන් වැඩ කරනවා නම් රටේ දේවල් විකුනන්න, විකුනපු දේවල් නැවත පවරාගෙන, විවිධ මිනිස්සු හොරකම්කරපු රටේ සම්පත් පවරාගෙන රට දියුණු කරන්න.

:       5       24

Jude perera Sunday, 24 October 2021 08:43 AM

හරි විදිහට හරි දේ කරන්න ඕන නාඩගම් නැතුව.

:       6       21

Lionel Sunday, 24 October 2021 10:05 AM

මහින්දානන්ද සහ ජොන්ස්ටන්ගේ අනුශාසනා නිවැරදිව පිළිපදින්න හරියට ජනතාවට සේවය කරන්න ඕන නම්.

:       3       22

Hafeel Sunday, 24 October 2021 11:37 AM

එහෙම තව සෙට් එකක් ඉන්නවා අනුශාසනා දෙන්න.

:       4       9

Andy Arachige Sunday, 24 October 2021 11:27 AM

“මට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීමයි“ උදාහරණයක්- ජනතා අධිකරණය තීන්දුව තුළ මිනීමැරුම් චෝදනා වරදකරු බවට පත් දුමින්ද බේරා ගැනීම හා ඔහුව සභාපති තනතුරක් දීම!

:       3       28

siri Sunday, 24 October 2021 11:55 AM

ඒක ඇත්ත නැවත ඡන්දෙ ලැබෙයි කියන එක නම් අවිශ්වාසයි.

:       4       21

Bamunuarachchi Sunday, 24 October 2021 02:46 PM

අපේ මිනිසුන්ට හරිදේ තේරුම් ගන්න බැරිකමයි තිබෙන්නේ? හරි දේ තේරුම් ගත්තා නම් 1977 ජේ.ආර් බලයට එන්නේ නැහැ. හැබැයි ජෙප්පන් තේරුම් ගන්න බවක් පෙනෙනවා. ඒ නිසයි 3%ට වැටුනේ...

:       14       5

Naushi Sunday, 24 October 2021 06:31 PM

බමුණු උන්නැහේට හොඳට තේරුම් ගිහින් වගෙයි. ඔයා හොඳටම සර්ව තේරුම් අරන් තියෙන්නේ. අපරාදේ කියන්න බැහැ...

:       3       7

nuwan Sunday, 24 October 2021 02:50 PM

ඔබතුමා කරනා දෙය නිවැරදියි... එහි විවාදයක් නැහැ. නමුත් කරන විදිහේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කෘෂිකර්මය ගැන තීන්දු ගද්දී දෙපාර්තමේන්තුවේ සහයෝගයත් පොඩ්ඩක් ඕනෑ වෙනවා. එයාලා මේ වැඩේට එක හෙලාම විරුද්ධයි. එයාලා කියන්නේ 50%ක් කාබනික නම් එක කන්නයක් එහෙම කරන්න ඕනෑ ගොවියෝ කාබනික පොහොර හදාගන්න පුරුදු කරන්නත් එක්ක... එ්කේදී මාලු පොහොර දියරය, ජීව මෘත වගේ කාබනික පොහොර ගොවියන් අතරට යවන්න ඕනි... කෘෂි නිලධාරීන් හරහා. ඊට පස්සේ 100% යන්න පුළුවනි.

:       0       8

naleen Sunday, 24 October 2021 03:13 PM

වැඩේ හොඳයි. ඒ වුණාට පිළිවෙලකට සහ වැඩේ ගැන දැනුමක් තියෙන, උනන්දුවක් තියෙන අය යොදාගෙන ඕක කළා නම් හරි. නැත්නම් මිනිස්සුන්ට කාබනික ගොවිතැනත් එපාවෙයි. මේකට හොඳ වෙළෙඳපළක් තියෙනවා කියලා මිනිස්සුන්ට කියලා දීලා ගමකට කීපදෙනෙක් මේක කරලා පෙන්නුවා නම් අනික් මිනිස්සු නිකම්ම කරනවා. මොනවා වුණත් අපි මෙච්චර කල් කාල තියෙන්නේ පුදුම වස තොගයක් කියන එක නම් උද්ඝෝෂණ වලින්ම පේනවා...

:       1       12

[email protected] Monday, 25 October 2021 12:24 AM

අදහස් දැක්කහම හිතෙනවා තාමත් වහල්ලු ඉන්නවා කියලා.තව බඩු මිල වැඩි කරන්න

:       0       0

Ruwan Monday, 25 October 2021 06:09 AM

එහෙනම් මුලින්ම මේ රටට කරැමයක් වු මහින්ද, බැසිල් ඉවත් කර පෙන්වන්න. දැන් පොර ටෝක් කරන්නෙ යටින් ගේ්ම්... අපිව රවට්ටන්න බැ මහත්ත⁣යෝ.....

:       0       0

nanda Monday, 25 October 2021 06:18 AM

චන්දෙ ලැබෙන එකකුත් නෑ .රට දියුණු වෙන එකකුත් නෑ මේ විදියට ගියොත් 69 ලක්ෂයේ අපේක්ෂාවන් හරි හැටි තේරුම් නොගෙනීම අවාසනාවක්

:       0       0

PA - RA Wednesday, 27 October 2021 06:55 PM

කාබනික පොහොර සහ රසායනික පොහොර දෙවර්ගය සමානව අඩු කිරීමට සහ කාබනික පොහොර වැඩි කිරීම ක්‍රම ක්‍රම යෙන් කල යුක්තක්, යම් දෙයකට හුරු උනා නම් එයින් එකවර අයින් කිරීම ඉතා බැරෑරුම් ක්‍රියාවක්, එම නිසා කරුණු කාරනා පහදා දී කැමති අයට කැමති ආකාරයට වැඩ කිරීමෙන් අන් අය ගේ පලදාව අනුව ඔවුනොවුන් වෙනස්වේ. " ආසියාවේ විශාලතම යූරියා කර්මාන්ත ශාලාව 1980 කේලොග් ඔවර්සීස් නම් ඇමරිකන් කම්පැණිය සපුගස්කන්දේ අවුරුදු 3ක් පමන අති විශාල මුදල් සම්භාරයක් වියදම් දරා සවිකල එම මැශින් ගැන අද කවුරුත් කතා සහ දන්නේද නැත." (ඇයි වැහුවේ කවුද වැහුවේ, එය යකඩ බරට විකුණුවාලු පකිස්ථාන් ජාතකයකුට, නමුත් අන්න ඒ මැශිම (ප්ලාන්ට් ) එක අබුඩාබි රුවේස් වල නිශ්පාදනය තරනවා, ගූගල් හරහා "අබුඩාබි රුවේස් යූරියා ප්ලාන්ට්" කියා බලන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2803 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2029 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2893 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2898 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 658 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1306 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36035 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site