IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘‘මට මගේ අම්මා හොයා දෙන්න‘‘

(ගයාන් සූරියආරච්චි)

වසර 14 ක් තිස්සේ තම වැදූ මව සොයන ජර්මනියේ වෙසෙන ශ්‍රී ලංකික තරුණියක් නැවත වරක් තම මව සෙවීම සදහා ඉකුත් දා ලංකාවට පැමිණියාය.

ඇය නමින් ජානා බෙකර්ය. ඇයගේ උප්පැන්න සහතිකයේ සදහන් ලංකාවේ නම වනුයේ වාසනා මල්කාන්ති ය.

ඇයට සති තුනක් පමණ වන විට වැදූ මව විසින් ජර්මන ජාතික යුවළකට ඇය හදාගැනීම සදහා බාරදී තිබේ. ඇය ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ ජීවත්වේ.

ඇය 1990 වසරේ අප්‍රෙල් මස 20 වැනි දින පෙරවරු 7.30 ට කොළඹ කාසල්වීදිය රෝහලේ උපත ලබා ඇති අතර ඇය ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවකම කාසල් රෝහල අසලට යාමට අමතක නොකරන්නේ කොයිම මොහොතක හෝ ඇගේ මව කාසල් රෝහල අසල හිදීවි යන විශ්වාසයෙන් බව ඇය පවසන්නීය.

ඇය පවසන්නේ ඇයගේ මව සොයා ලංකාවේ බොහෝ නගරවල සොයමින් ඇවිද ගිය බවය. ගුවන්විදුලිය, රූපවාහිනිය සහ පුවත්පත්වල ද විස්තර ලිපි පළකලද ඇය පිළිබදව තවමත් නිශ්චිත තොරතුරක් ලබාගැනීමට නොහැකි වූ බවය.

ඇයගේ බලාපොරොත්තුව ඇයගේ මව එක පාරක් බලාගැනීම බව ඇය කියයි. ඇගේ වැදූ මවගේ අඩුව නිතරම දැනන බවත් එක පාරක් ඇය සමග කතාකරන්න, තුරුලටවී සිටින්නටත් ඇය ආස කරන බවද ඇයි කියන්නීය.

කෙසේ වෙතත් විවිධ කාන්තාවන් ඇය ගේ මව බව පවසමින් ඉදිරිපත් වන හෙයින් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකර නිශ්චිතව ඇයගේ මව ද යන්න සනාථ කරගැනීමට ද ඇය කැමැත්තෙන් සිටින්නීය.

1990 වසරේ අප්‍රේල් මස 20 වැනි දින පෙරවරු 7.30 ට කොළඹ කාසල් රෝහලේ දී උපත ලැබූ දැරියක ජර්මන් ජාතික කාන්තාවකට හදාගැනීම දී ඇත්නම් 0711 31 78 33 අංකයට අමතන ලෙස ඇය ඉල්ලා සිටින්නීය.

 



අදහස් (3)

‘‘මට මගේ අම්මා හොයා දෙන්න‘‘

චතුර Tuesday, 09 April 2024 11:52 AM

කොච්චර වේදනාවක් ඇත්ද ඔය හිතේ. පව්, ඔබේ පැතුම ඉක්මනින් ඉටුවේවා!

:       0       38

kam Tuesday, 09 April 2024 02:56 PM

අනේ, පුලුවන් කෙනෙක් උදව් කරන්න. ඇය මිය ගිහින් වෙන්නත් පුලුවන්, ඔබ ලැබෙන විට අවිවාහකව සිටියා නම්, ඇය ඉදිරිපත් නොවෙන්නත් පුලුවන්.

:       0       21

Weerasingham Tuesday, 09 April 2024 07:27 PM

ඇත්තටම මධ්‍යම රජයේ පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව 1987 වර්ෂයේ ඇතිකල පලාබබාල නිසා අහෝසි නොවුනත් බලතල එක් එක් පළාත් සභා සදහා බෙදීගියා සාමාන්‍යයෙන් දරුවෙකු විදේශීය පුරවැසියකුට දරුකමට දෙන විට එම වාර්තා විනාශ වීම හෝ කිරීම මෙයට හේතුවක් වෙනවා ඒ සමගම මෙයට කලකට පෙර රාජ්‍ය ආයතන උඩදාගෙන නටපු එලදායිතාවය නැමැති සෙල්ලම නිසා රජයේ ආයතන සතුව තිබූ ඉතාමත් වටිනා ලේඛන බොහොමයක් විනාශ කරපු බව පේනවා එම කාලයේ රාජ්‍ය සේවයට පැමිණි අපි ලොක්කො කියලා හිතාගෙන වැඩකල අයගේ නොදැනුවත්කම මහ කල ක්‍රියාවන් තවත් හේතුවක් වුණා..

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1501 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1612 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1237 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1896 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 572 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 278 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38309 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25237 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site