IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘මට රට යන්න දීපන් නැතිනම් මරණවා‘‘

(නිමන්ති රණසිංහ)

‘‘මට ලංකාවේ කෑම කන්න බෑ. මේ රටේ මට ඉන්න බෑ. මට මගේ රටට යන්න ඕන. මට යන්න නොදුන්නොත් මම කවදාහරි උඹව මරණවා’’ යැයි රෝසා නෝනා ඔනේෂ් මහත්තයා එක්ක රණ්ඩු කරමින් පැවසූ බව ඔවුන්ගේ නිවසේ සේවිකාවක ප්‍රකාශයක් දෙමින් පවසා ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

ඔපෙක්ස් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වූ හතළිස් පස් හැවිරිදි ඔනේෂ් සුබසිංහ මහතා ඉකුත් ජනවාරි මස 05 වැනිදා ඉන්දුනීසියාවේ දී මියගිය සිද්ධියට අදාළව ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේ දී මෙම කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය බී වාර්තාව මඟින් එලෙස අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මරණයට පත්වූ ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ සහෝදරයාවන සුභාෂ් සුබසිංහ මහතාගේ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත්, එහිදී මරණකරුගේ මෙහෙකරුවන් පස් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

ඒ අනුව, පැමිණිලිකාර සුභාෂ් සුබසිංහ යන අයගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගත් අතර, තම සහෝදරයා වූ ඔනේෂ් සුබසිංහ බ්‍රසීල ජාතික කාන්තාවකවන රොසැලියා නස්කිමොන්ටෝ කාර්ඩෝසෝ ද සිල්වා නමැත්තිය සමඟ විවාහ වී සිටි බවත් ඔවුන් දෙදෙනාට අලීෂා සුබසිංහ නම් සිවු හැවිරිදි දියණියක් ද සිටින බවත් එහි සඳහන්ව ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

එම දියණිය බොරැල්ල – ඇල්විටිගල මාවතේ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි අතර, තම සහෝදරයා බිරිඳ සහ දරුවා ද සමඟ කොළඹ රොස්මිඩ් පෙදෙසේ මහල් නිවාසයේ ජීවත්ව සිටි බවත් පැමිණිලිකරු ප්‍රකාශකර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මරණකරුගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයාවන ශ්‍යාම ලාල් අරවින්ද යන අය ප්‍රකාශයක් දෙමින්, ‘‘ඔනේෂ් සහ ඔහුගේ බිරිඳ නිතර නිතර ආරවුල් ඇතිකරගෙන තිබූ බවත් ඔනේෂ් බිරිඳගෙන් දික්කසාද වීම සඳහා සැලසුම්කරගෙන සිටි බවටත්’’ සඳහන් කර ඇතැරයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

මරණකරුගේ නිවසේ සේවය නියුතු සේවිකාවකවන දේවදාස මේගලා කාන්ති යන අය ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇත්තේ, තම ස්වාමි දියණිය වූ රෝසා නෝනා නිතරම ඔනේෂ් මහතා සමඟ රණ්ඩු වෙන බවත්, ‘‘මට ලංකාවේ කෑම කන්න බෑ. ලංකාවේ ඉන්න බෑ. මට මගේ රටට යන්න ඕන. මට යන්න නොදුන්නොත්, මම කවදාහරි උඹව මරනවා’’ යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් බනින බවත් යන්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

‘‘නෝනා කවදාහරි මහත්තයාව මරා දමාවි යන බිය ඔනේෂ් මහත්තයාගේ හිතේ තිබුණු බවත්, ඒ හේතුවෙන් දිනක් තමාවත්, නිවසේ තවත් සේවිකාවකවන ප්‍රියංගනී යන ඇයවත් කාමරයට කැඳවා ඔනේෂ් මහතා, නෝනා ළමයව අරගෙන බ්‍රසීලයට යයි. පොඩ්ඩක් කල්පනාවෙන් ඇහැ ගහගෙන ඉන්න’’ යනුවෙන් පැවසූ බවත් එම සේවිකාව සිය ප්‍රකාශයෙන් දක්වා ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණටය කරුණු වාර්තා කර තිබිණි.

එම නිවසේ සේවිකාවකවන දේවගේ පුෂ්පරාණි නමැත්තිය ද ප්‍රකාශයක් දෙමින්, තමන්, මේ දෙපලගේ දරුවා රැකබලාගත් අය බවත්, දරුවාගේ වයස අවුරුද්දක් පමණ ගිය පසු නෝනා සහ මහත්තයා නිතර නිතර රණ්ඩු සරුවල් කරන්නට පටන් ගත් බවත් සඳහන් කර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

තමන් නිවසේ සේවිකාවක ලෙස සේවය කරන අතර, රෝසා නෝනා ‘‘කවදාහරි දවසක ඔනේෂ් මහත්තයාව මරණවා’’ යැයි කියනවා තමාට ද ඇසුණ බවත්, දෙදෙනා නිතරම රණ්ඩු වෙමින් සිටින බවත් ජයසිංහ මුදියන්සේලාගේ ප්‍රියංගනී චන්ද්‍රලතා යන අය ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇතැයිද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මෙම ඝාතනය සඳහා ශ්‍රී ලංකාව තුළ සිට කුමන්ත්‍රණය කළාද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය සමඟ කියැවෙන 113 සහ 296 වගන්ති ප්‍රකාරව වැරදි සිදුව ඇත්දැයි එහිදී පරීක්‍ෂණ සිදුකරන බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.



අදහස් (3)

‘‘මට රට යන්න දීපන් නැතිනම් මරණවා‘‘

පිටිගල මිලානෝ Tuesday, 21 February 2023 02:38 AM

බහුතරයක් විවාහක පවුල්වල තිබෙන දෙබසක් තමයි මෙතනත් ඇතිවී තිබෙන්නේ. ඔය කියන විධියට මරාගත්තානමිි අද ලෝකයේ සීඝ්‍රයෙන්ම ජනගහනය වදවී යන රටක් තමයි ලංකාව. අනිත් එක මේ මමත් ලංකාවට අවුරුද්දකට දෙතුන් සැරයක් එන එකේ මේ ගෑණිට හැම මාසෙම බ්‍රසීලෙට යන්න පුලුවන් වත්කමක්නෙ තියෙන්නේ…… අනිත් එක මේ වගේ අය නිතර ට්‍රැවල් කර කර තමයි ඉන්නේ. ඒනිසාම විශේෂ කෑම ප්‍රශ්නයක් මේගොල්ලොන්ට නැහැ. මට හිතෙන්නෙම මේ මෝඩ ප්ලෑන් එක ලංකාවෙ එක්ස්පෝෂර් එකක් නැති මෝඩ කෙනෙක්ගේ…. මට නම් හිතෙන්නෙම මල්ලිගෙ සහයෝගයක් ඇති බවකි. බලමු කතාව එලිවෙනකොට…

:       3       7

සිරිලක දේ සිරිසැප දේ Tuesday, 21 February 2023 07:34 AM

කුරුම්බා බීලා කෝම්බ ගෙදර ගෙනාවම මෙහෙම වෙනවා..

:       1       22

sampath Wednesday, 22 February 2023 09:49 PM

යා දෙක නොරත රත... සමග පෑහීමක්ද නැත... කියනවනේ... ඒ කියන්නේ රත්වූ යකඩයක්, රත් නොවූ යකඩයක් එක්ක පාස්සන්න බැහැ කියලයි... ඉතින් මෙතැනත් පේන්නේ ඉතාමත් නොගැලපෙන සම්බන්ධයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2338 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 569 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1126 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5981 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 798 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4976 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 298 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site