IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මතුගම අනතුරු දෙකකින් 2ක් මරුට

(ලක්මි කුඩලිගම)

මතුගම පොලිස් වසමේ දී අද (01)  සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.

මතුගම කළුතර මාර්ගයේ වැල්කන්දල හංදියේදී යතුරු පැදියක් බස් රථයයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මියගොස් ඇත්තේ  මතුගම අළුත්ගම මාර්ගයේ අළුත්ගම සිට මතුගම දෙසට ධාවණය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් බදුගම හන්දිය අසල නවතා තිබු  ලොරි රථයක පටවා තිබු ලී කොටයක ත්‍රිරෝද  රථය ගැටීමෙන් බව පොලිසිය කියයි.  

යතුරු පැදි අනතුරෙන් මියගොස් ඇත්තේ පැදිකරු වන වැල්කන්දල හංදිය, පාන්තිය, මතුගම යන ලිපිනයේ පදිංචි පල්ලිගොඩ විතානගේ ශාන්ත කමල් (අවු.58) යන අය වන අතර  ත්‍රී රෝද රථ ලොරි රථ අනතුරෙන් මිය ගොස්  ඇත්තේ ත්‍රිරෝද රථය පැදවූ ගලබඩයා ගෙදරවත්ත ඕවිටිගල මතුගම  පදිංචි ළමා හේවගේ සුගත්(අවු 49) යන අයවලුන්ය

මෙම අනතුරුවලින්  බරපතල තුවාල ලබා දෙදෙනා  වෑත්තෑව දිසා රෝහලට ඇතුළත් කිරීමේදි  මියගොස් ඇති බව පොලිසිය පවසයි.

අනතුරු සම්බන්ධයෙන් බස් රථය පැදවු රියදුරු සහ ලොරි රථය පැදවූ රියදුරු  අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීය.

මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත රථවාහන අංශය අනතුරු පිළිබඳව පරික්ෂණ පවත්වයි. 



අදහස් (0)

මතුගම අනතුරු දෙකකින් 2ක් මරුට

ඔබේ අදහස් එවන්න

දියත

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 499 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1031 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 732 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 845 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1576 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 1392 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site