IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘මත්තල ගුවන්තොටුපොළේ මාසික පාඩුව කෝටියයි‘

(සුජිත් හේවාජුලිගේ )

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසයකට රුපියල් කෝටියකට වැඩි පාඩුවක් ලබන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මත්තල ගුවන් තොටුපොළ කිසිවිටෙක නොවිකුණන බව  පැවසූ අමාත්‍යවරයා ගුවන්තොටුපොළ ප්‍රතිව්‍යූහගත කර හොඳ ආයෝජකයකු සමග සාමූහික ගිවිසුමකට පැමිණ රජයේ සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ලාභ ලබන තත්වයට පත්කර ගැනීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා (11) සහභාගී වෙමිනි.

අද වනවිට කිසිදු ගුවන් යානයක් නොපැමිණෙන මෙම ගුවන් තොටුපොළට සේවකයන් පන්සිය හතළිස් පස් දෙනෙකු (545)අනියුක්ත කර සිටින  බවත්  සමහර සේවකයන් කොළඹ සිට මත්තලට බස් රථයකින් දිනපතා  ප්‍රවාහනය කෙරෙන බවත් මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.

මත්තල ගුවන්තොටුපොළ අද   නඩත්තු කරන්නේ කටුනායක ගුවන්තොටුපොළ   උපයන මුදලින් බව  පැවසූ අමාත්‍යවරයා මත්තල ගුවන්තොටුපොළ ඉදි කිරීමට  චීනයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් කෝටි 21 ක ණය   මුදලේ වාරික ගෙවීමට  ඇති බවද ප්‍රකාශ කළේය.

කොපමණ පාඩු ලැබුවත් මත්තල ගුවන් තොටුපොළ පවත්වාගෙන යා යුතු බවද හෙතෙම පැවසුවේය.

 

 



අදහස් (15)

‘මත්තල ගුවන්තොටුපොළේ මාසික පාඩුව කෝටියයි‘

siri Sunday, 12 June 2022 02:24 PM

සුදු අලි දැකලා නැත්නම් බලාගන්න.

:       0       34

චන්දිම ෆොන්සේකා Sunday, 12 June 2022 02:52 PM

මෙතන වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ට මොන ක්‍රමයකට හරි තියෙන සම්පත් කළමනාකරණය කර ගන්න බැරිකම. අර බලන්න ඔය විදියට පාඩුයි කියලා විකුණලා දාපු හම්බන්තොට වරායෙන් චීනා අද ඩොලර් තොග ගානේ අරන් යනවා. අපේ ඔය අපේ රටේ ඉන්න කළමනාකරන විශේෂඥයින් කියන මිනිස්සුන්ට බැරිද මොනවා හරි සැලැස්මක් ඉදිරිපත් කරන්න? හැමදාම ඔහේ බලන් ඉන්නවා...

:       10       21

siril Sunday, 12 June 2022 02:54 PM

සාටක පවුල පුම්බන්න කරපු වැඩ නිසා ජනතාවගේ කරපිට පැටවෙන දේවල්...

:       0       39

swissSunday, 12 June 2022 03:51 PM

නෑ සුනිල් මහත්තයෝ.. අපේ කාළකණ්ණි කොල්ලන් කවුරු හරි දෙනකම්ම බලාගෙන හිටපු යුගයේ අවසානය තමයි අද මේ රට දකින්නේ..! සාටක පවුලටවත්.. රනිල කුලයටවත්... ලැවරියා හාමුලාවත්... හනුමා රාලලාටවත් දැන් දොස් කියලා වැඩක් නැහැ..! රටේ අඩුපාඩු ලෝකෙටම කියවනවා ඒත් තමන්ගේ කම්මැළිකමේ අදක්‍ෂතා අකර්මන්‍ය බව කාටවත් කියන්නේ නැහැ..!

:       12       10

විපරමා Sunday, 12 June 2022 05:34 PM

දේශපාලුවන්ට ඕනෑ අයව පත් කරගෙන, උගත් බුද්ධිමත් විෂය දැනුම අයට තැනක් නොදීම, නිසි කළමනාකරණයක් නැතිකම... අපේ රටේ මොනතරම් දක්ෂ අය ඉන්නවාද? දූෂිත දේශපාලුවන් වැඩක් ගත්තෙත් නැහැ. තැනක් දුන්නෙත් නැහැ.

:       0       12

සුරංග Sunday, 12 June 2022 04:17 PM

ඔය කියන එක කෙනෙකුගේ නමින් තියෙන එකක් නේද? ඉතින් අයිතිකරුගේ දේපළ විකුණා හෝ අලාභය අයකළ යුතුයි. එහෙම නැතුව ජනතා මුදල් එවැනි දේවල් සඳහා කාබාසිනියා කිරීමට ඉඩදීමට නොහැක. එයට අකමැති නම් වහාම එහි දැක්වෙන නම මකා දමන්න...

:       0       20

සනත් Sunday, 12 June 2022 04:31 PM

පටු දේශපානය තමයි හැම ව්‍යාපෘතියක්ම ආසාර්ථකයි කියලා කියන්න හේතුව.. මත්තල ගුවන් තොටුපල හැදුවේ මේ රටේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙසින්... එය මුලින් වීරවිලට, එයට බූන්දල කුරුළු පරාදීසය ගැටළුවක් වුණා. දෙවනුව හඳපානාගලට එයටත් දන්න තරමින් කඳු ගැටළුවක් වුණා. ඊට පස්සේ අඟුණකොළපැලැස්ස එරමිණියායට එයත් කුමක් හෝ නිසා අතහැරියා.. පසුව තමයි මත්තලට ගුවන් තොටුපල පැමිණියේ. හම්බන්තොට සිට පැරණි බදුලු මාර්ගය වැටී තිබූ ඉසව්ව එක්කම තමයි ගුවන් ධාවන පථය සකස් සකස්වුණේ මේ සියල්ල මේ රටේ ගුවන් තොටුපළ දැනුමැති අයගේ නිර්දේශ හා උපදෙස් මත දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක කරන්න ඇති. මත්තල ආරම්භ කළාට පස්සේ ලෝකයේ සෑම ජාත්‍යන්තර ගුවන් සමාගමක ගුවන් යානා මත්තලට ආවා. ගුවන් මගීන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයත් සිදුවුණා. යහපාලන ආණ්ඩුව පැමිණි පසුව එම ගුවන් ගමන් සියල්ල නතර කරලා වී ගබඩා කළා ඊට පස්සේ ගුවන් යානා වෙනුවට ආවේ වී ලොරි... දැන් නිමල් සිරිපාල ගිහිල්ලා කියනවා පාඩුයි කියලා බදුල්ල පැත්තේ ගුවන් තොටුපල හදලා තිබුණා නම් පාඩු නැහැ. හොඳයි. මෙය තමයි දේශපාලන කුහකකම.. අපේ නොහැකියාව විදේශ ආයෝජකයින්ට රටේ ව්‍යාපෘති තෝතැන්නක්...

:       34       5

කුමාරSunday, 12 June 2022 07:02 PM

ගල් පැලෙන බොරු කියන්න එපා. ඕකට ආවේ සීමිත ගුවන් යානා ටිකක්... මැද පෙරදිග තියන බජට් එයා ලයින් දෙක තුනක් ආවා. ඒවත් නැවතුනා කුරුල්ලන් නිසා ඇතිවුණු අනතුරු නිසා. එන්ජින් එකකට කුරුල්ලෙක් ගියොත් ඩොලර් මිලියන ගාණක් පාඩුව.

:       1       27

C.K.LankaputhraMonday, 13 June 2022 07:18 AM

පටු දේශපාලනය, ඇස්බැන්ඳුම් වැඩ සහ ගරානාව සහ ජනතාවගේ නහය විදීම. දැන් ටිකටික අවසන් වෙමින් යනවා. නමුත් රටට වෙන්න ඕනෑ දේ වෙලා හමාරයි...!

:       0       1

chandana Monday, 13 June 2022 02:33 PM

මෝඩ දේශපාලකයින් වගේ බොරු කියන්න එපා. ඕකට ගුවන් යානා ආවේ නැති නිසා වී ගබඩා කලේ, ඒක ගොන් වැඩක්..., ඕනෑම කෙනෙක් වාණිජ ඉදිකිරීමක් කරන්නේ ලාභ බලාගෙන. එහෙත් මේක තමන්ගේ උපන් ගමට සහ තමන්ගේ නම දාගන්න කරපු වැඩක්.... එවකට හිටපු ඇමැතිවරු සහ රජයේ නිලධාරින් මේවාට උඩගෙඩි දුන්නා. දැන් අපි විඳවනවා..!

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 12 June 2022 08:08 PM

රට කෑ දූෂිත පවුල් පාලනය නිසා මේ රටට සිදුවූ හානිය මෙතෙකැයි කියා කිව නොහැකිය.

:       0       21

Dk Sunday, 12 June 2022 08:31 PM

ඕක පුද්ගලීකරණය කරන්න. එක්කෝ ගුවන් යානා එන විදිහට වැඩපිළිවෙළක් හදන්න. නැවත වී ගබඩා නොකර... ඒවගේ දුෂ්ඨ වැඩ එපා... වඩාත්ම හොඳයි පුද්ගලික අංශයට දෙනවා නම්...

:       2       7

Rohana Sunday, 12 June 2022 09:05 PM

රාජපක්ෂලා සුදු අලි ඇතිකරල‍ා රටට ඩොලර් අහිමිවීමේ ප්‍රතිඵල අද ජනතාවට විඳවන්න සිදුවෙලා.

:       2       24

Rocky Monday, 13 June 2022 05:09 AM

බිම කොටලා පොළව සකස්කොට මඤ්ඤොක්කා හිටවන්න.

:       0       1

swene Monday, 13 June 2022 06:51 AM

තමන්ගේ බඩ වඩා ගන්නත්, නම කොටාගන්නත් තමන්ගේම උපදේශකයොත් අරගෙන රාජපක්ෂලා නිලධාරීන් හරහා ක්‍රියාත්මක කළා. ඇතැම් නිලධාරින්ද දූෂණයට පැටලෙන්න ඇති. අදත් රාජපක්ෂ වන්දනාවේ යෙදෙන අය කොතරම් ඉන්නවාද? මත්තල සිට අධි වේගයකුත් හදපු එක කටුනායක ගුවන් තොටුපල තිබියදී මත්තල ගුවන් තොටුපල දැවැන්ත නාස්තියක්. මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාවටත් කොතරම් ණය වුණාද? අදත් නඩත්තුවට කොතරම් වියදම් කරනවාද? දැන් ජනතාවට ඩොලර් වලින් ණය ගෙවන්න සිදුවී ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 56 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 202 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 25 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 3087 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2608 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 979 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1798 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site