(නිමන්ති රණසිංහ)
කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම්වලින් ලබාගත් හෙරොයින් කූට ලෙස විකිණූ බව කියන සිද්ධියට අදාළව එම කාර්යංශයේ තවත් පොලිස් නිලධාරීන් 12දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(02) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම 12දෙනා අතර, පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු ද සිටින බව අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පිරිසට, පොලිස් නිලධාරීන් 16දෙනෙක් සහ එක් සිවිල් පුද්ගලයෙක් ඇතුළත් වෙති.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ තවත් 12ක් අත්අඩංගුවට
palitha Thursday, 02 July 2020 06:03 AM
දැන් වැඩේ නියෙමෙට යනවා, අර දරුණු අපරාද ගනයේ කියලා හිරේ ඉන්න අයටත් ඔහොමම වගේ කිව්වානම් හරිනේ.
සමන් - ඕමානයThursday, 02 July 2020 07:32 AM
නියමයි මේ ආණ්ඩුව කරන මෙහෙයුම. ඔක්කොම වැරදි කාරයින් අල්ලලා උපරිම දඬුවම් දෙන්න ඕනෑ. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය නවත්වන්න ඉන්න මේ උදවියම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ ඉන්නවා නම්... පරණ කියමනක් මතක් වුණා "වැටත්, නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව" !!!
පහන්Thursday, 02 July 2020 09:15 AM
නාකොටික් එකෙන් අල්ලන කුඩු කිලෝ දහස් ගණන් වලට කරන්නේ මොකක්ද කියලා කවදාවත් පොලීසිය හෝ අණ්ඩුව කියන්නේ නෑ. ඉඳලා හිටලා උසාවියේ නඩු ඉවර වුණු කුඩු විනාශ කරනවා පෙන්නනවා. නමුත් ඒවා කුඩුද, පාන්පිටිද කියලා දන්නේ නෑ...
ranja33 Thursday, 02 July 2020 06:04 AM
ඇත්තටම ඡන්දයක් ලංවෙනකොට හම්බෙන දේවල්.
raheem Thursday, 02 July 2020 06:06 AM
හොරුන්ගෙත් හොරු කම්බා හොරු.
Ruhunu Thursday, 02 July 2020 06:34 AM
ලංකාවේ රාජ්‍ය ආයතනවල වැඩිහරියක් ඉන්නේ ගන්න වැටුපට හරියට සේවයක් නොකරන, මිනිසුන් රස්තියාදු කරන, පගාවට වැඩ කරන අධම කොට්ඨාශයක් තමයි.
Suga Thursday, 02 July 2020 06:41 AM
අගය කළයුතු දෙයක්. නමුත්, කුඩු ලංකාවට ගේන්‍කොට අහු වුණාම මෙතරම් උනන්දුවෙන් පරීක්ෂණ කරන්නේ නැත්තේ ඇයි? කුඩු ගෙන්නන කෙනා අහුවෙයි කියලා බයේද?
Asanka Thursday, 02 July 2020 06:43 AM
ඡන්දයකට කරන්න පුළුවන් දේවල්...
sena Thursday, 02 July 2020 06:56 AM
දැනුයි ඇත්ත තේරෙන්නේ... නාකොටික් එකෙත් කුඩු මුදලාලිලා ඉන්නවා. කොහොමත් අල්ලන කුඩු හොරපාරෙන් එළියට යනවා වගේ... ඡන්දෙ ඉවර වුණාම මේ උදවියත් ආයෙත් නාකොටික් එකේම වැඩ බාරගනියි.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 02 July 2020 07:05 AM
මෙවැනි වැටලීම් කොට මේ දූෂිතයන් අත්අඩංගුවට ගැනීම් වලට ස්තූතියි..! මෙවැනි තවත් දූෂිතයින් සිටියි නම් ඔවුන්ද අල්ලා පොලීසියේ කීර්තිය ආරක්ෂා කරගත යුතුයි. එසේම දූෂිත බන්ධනාගාර නිලධාරීන්ද ඇල්ලිය යුතුයි.
විපරමා Thursday, 02 July 2020 12:18 PM
එහෙම නොවෙන එකනේ සිද්ද වෙන්නේ... පහුගිය කාලවල මොනතරම් ඇල්ලුවද? මේ දේවල් පිටිපස්සේ ඉන්නේ දේශපාලුවන්.., බලපුලුවන්කාරයින්...
fairoos Thursday, 02 July 2020 07:24 AM
මේවා නිකන් ඡන්ද ප්‍රතිඵල විතරයි.
janahithaThursday, 02 July 2020 09:44 AM
සර්ව අසුබවාදී මනසක් එහෙම නම් ඔක්කොම නැවතත් යමුද? ගෝඨාභය නම් පුද්ගලයා කිසිවක් අත හරින කෙනෙක් නොවේ... පුළුවන් නම් කියලා බලන්න.
මුනසිංහThursday, 02 July 2020 09:50 AM
මේ වගේ හිතන අයත් රටක සිටිය යුතුයි. නැත්නම් කුඩුකාරයින්ට පැවැත්මකුත් නැහැනේ...
Raveendra Thursday, 02 July 2020 07:44 AM
දුප්පත්, අහිංසක මහජනතාවගෙන් එකතුකර ගන්න බදු මුදල්වලින් තුන්වේල යහමින් ගිල දමමින් සුරසැප විඳින මෙවන් කාලකන්නින්ගේ සියලු වතගොත හඳුනා ගැනුමට ඡායාරූප සමගම පල කරනමෙන් සියලුම ජන මාධ්‍යවලින් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.. මේ අයට කන්නට, අඳින්නට දෙන මහජනතාවට මේ පිළිබඳව සියලු තොරතුරු දැනගැනුමට අපට අයිතියක් නැද්ද යන්න අදාළ අායතනවලින් අප විමසීමට කැමැත්තෙමු.
සරත් Thursday, 02 July 2020 08:37 AM
මේ මත්ද්‍රව්‍ය ගෙන්වන අයට, එහෙමත් නැත්නම් ඔය කියන සපෝට්එක දෙන අයට නම් කිසිම කරදරයක් වෙන බවක් පෙනෙන්න නෑ. අනික, මේ දවස්වල වැටලීම් යන වේගය වැඩිද මන්දා...
රවී Thursday, 02 July 2020 09:16 AM
දැන් තේරෙනවනේ... කසිප්පු, කංසා, හේන් අල්ලපු ගමන් විනාශ කරන්නයි. කුඩු අහුවුණාම ඒ වෙලාවේම විනාශ කරන් නැති එකෙයි වෙනස..
gamini Thursday, 02 July 2020 09:16 AM
එල්ලන්න...
janahitha Thursday, 02 July 2020 09:42 AM
මෙවන් කාලකන්නින්ගේ සියලු වතගොත හඳුනා ගැනුමට ඡායාරූප සමගම පලකරන මෙන් සියලුම ජන මාධ්‍යවලින් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 03 July 2020 01:52 AM
නාකොටික් අය ටික්ටොක් කරලා අන්තිමට කුඩුත් අරන් ටුක් ටුක් එකේ ගිහින් වගේ...