(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් බවට තීරණය කර අධිකරණය විසින් මරණ දඬුවම් නියම කරනු ලැබ සිටින සිරකරුවන් එල්ලා මැරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට එරෙහිව මරණ දඩුවම් නියමව සිටි රැඳවියන් පිරිසක් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර් මස 06 වැනිදා සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද(11) තීන්දු කළේය.
හිටපු ජනාධිපතිවරයාගේ එම තීරණය ක්‍රියාත්මක වීම වළක්වමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ද සැප්තැම්බර් මස 07 තෙක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට ද අධිකරණය නියම කළේය.
විජිත් මලල්ගොඩ , එල්. ටී.බී.දෙහිදෙනිය, මුර්දු ප්‍රනාන්දු ,එස්.තුරෙයිරාජා, සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් යුතු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැදවිණි.ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව තීන්දු කරනු ලැබුවේ මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී ය.
දැනට මරණ දඬුවම නියමව සිටින එස්.ගනේෂ් , මොහොමඩ් මිතාර් , හනීෆා ප්‍රහීම් නවාස් , එස්.ඒ සුරේෂ් කුමාර් , සුබ්‍රමනියම් ප්‍රනියමූර්ති ,කේ.එච් .ගමගේ චන්ද්‍රදාස ,එච්.කේ ජයතිලක , එන්.ඒ නිශාන්ත අල්විස් යන නැමැත්තන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය , මහාචාර්ය සී.ගුණරත්න , ආචාර්ය කළණ සේනාරත්න යන සිවිල් ක්‍රියාකාරීන් විසින් මෙම පෙත්සම් ගොනු කරන ලදී.
මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , අධිකරණ අමාත්‍යවරයා , ජනාධිපති ලේකම් , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්ම මහත්මීන් නම් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කිහිපවරක් ප්‍රතිඥා දී ඇතිබව පෙත්සම්කරුවෝ කියති.මේ වනවිට මරණ දඬුවම නියම වූ 1600ක් සිටින බව බන්ධනාගාර සංඛ්‍යාලේඛන වල සඳහන් වේ.මේ අතර එවකට සිටි ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය චෝදනා වලට වරදකරුවී මරණ දඬුවම ලැබූ සිරකරුවන් සිව්දෙනෙකු එල්ලා මැරීමට අස්සන් කර ඇති බවට ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කෙරිණි.එහෙත් මේ පිළිබඳ පැහැදිලි තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත.
මෙම ක්‍රියාව ශ්‍රී ලංකාව අත්සන් කර ඇති අන්තර් ජාතික ප්‍රඥප්තීන් උල්ලංඝනය කිරීමකි.මෙලෙස මරණ දඬුවම ලැබු සිරකරුවන් අතරින් සිව්දෙනෙකු තෝරා මරණ දඬුවම නියම කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.එබැවින් මෙම ක්‍රියාව තුළින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන එම්.ඒ සුමන්තිරන්, සංජීව ජයවර්ධන යන මහත්වරු පෙනී සිටියහ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති නීතීඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටියේය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්ද්‍රව්‍ය චෝදනාලද්දන් එල්ලා මැරීමට එරෙහි පෙත්සම සලකා බැලීම සැප්තැම්බර්යේදී
Raveendra Thursday, 11 February 2021 10:32 AM
ඇත්තෙන්ම එල්ලා මැරීම සුදුසු නැහැ.. ජලයේ ගිල්වා මියයනතෙක් ශරීරය තැබීම වඩාත් යෝග්‍යය. එබැවින් නීති වෙනස් කිරීමට හැකි නම් කොතරම් අගේද?