(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක නිරත වූ විශ්ව විද්‍යාල සිසුන් පස්දෙනකුගෙන් සැදුම්ලත් කල්ලියක් රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනා විවිධ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බවත් නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
මත් මුද්දර, මත්කරල්, කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් හා සියුම් කිරුම් මිනුම් සඳහා භාවිතා කරන කුඩා තරාදි දෙකක් සමග පෞද්ගලික විශ්ව විද්‍යාලය සිසුන් පස්දෙනකු මෙලෙස ඊයේ(24) අත්අඩංගුවට ගෙන ඇත.
විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ඉලක්ක කර ගනිමින් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක නියැලෙන පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් සිටින බවට ලද රහසිගත තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මාලඹේ පිහිටි පෞද්ගලික විශ්ව විද්‍යාලයක් අසලදී මත් මුද්දර කීපයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර පරීක්ෂණයේදී සැකකරු මගින් මෙම ජාවාරමට හවුල් කල්ලිය පිළිබඳව ලබාගත් තොරතුරු මත ඉතිරි සැකකරුවන් සිව් දෙනාද සඟවාගෙන සිටි මත්ද්‍රව්‍ය තොගය ද සමග අත්අඩංගුවටගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට