IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මත්ද්‍රව්‍ය මඩින්න අධි බල ලේකම් කාර්යාලයක්

(අංජුල මහික වීරරත්න)

මෙරට මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පූර්ණ බලතල සහිත ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා වෙත උපදෙස් ලබාදී ඇත.

ඊට අදාළ සාකච්ඡාවක් ඉකුත් සතියේ අගහරුවාදා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවත්විණි.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායට ශක්තියක් වීම වෙනුවෙන් මෙම විශේෂ කාර්යාලය පිහිටුවීමට නියමිතය.

පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් විශේෂ පනතක් යටතේ මෙයට අදාල බලතල ලබාදීමට සැලසුම් කර තිබේ.

රටට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට මෙන්ම රට අභ්‍යන්තරයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් කොටු කිරීම ආදි කටයුතු වෙනුවෙන් වෙනම ආරක්ෂක කොට්ඨාශයක් ස්ථාපිත කිරීම ආදි කරුණු මුල් කර ගනිමින් මෙම කාර්යාලය පිහිටවනු ඇත.

මේ වන විට ඊට අදාල බලතල සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡා ආරම්භ වී තිබේ.



අදහස් (7)

මත්ද්‍රව්‍ය මඩින්න අධි බල ලේකම් කාර්යාලයක්

මල්ලි Saturday, 07 January 2023 05:24 AM

මොනවද මේ 134 නායකයගේ ගොන් ටෝක්ස්; දැන් ඕකට පත්කරන එවුන්ට වාහන පඩි නඩි, ඔහේගෙ සාක්කුවෙන්දදෙන්නෙ. හලෝ අර අනුර කොල්ල කියන විදියට ගුවන් තොටුපලෙයි, මුහුද වටෙයි රැකවල් තර කරනව , දේශ පාලුවො තමයි ඔය හැම දෙයක්ම ඉස්සරහ ඉන්නෙ.උන්ගෙ සල්ලි තමයි චන්දෙදි ඔහේලට වියදම් කරන්නෙ. ඉතින් හලෝ කොහොමද මේ රට දියුනු වන්නෙ.

:       15       21

Kumara Saturday, 07 January 2023 06:01 AM

අල්ලයි අල්ලයි තියෙන පඩංගු කලිසම්වලට වැටෙන්ඩ නොදී තියාගන්නද කාර්යාල තියා ගන්නේ.

:       8       14

කිරිපුතා Saturday, 07 January 2023 06:59 AM

ඔක්කොම කරලා ඒක දේශපාලනය කරන අයගෙ අනසකට යටත්වුණාම පුස්ස බින්ඳා වගේ තමයි.

:       7       16

AB Saturday, 07 January 2023 08:00 AM

රටට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට සහ කොටු කිරීම සදහා ඉන්දියාව සමග එක්ව ය රට තුලට පැමිණීම නවත්වා ගැනීම සදහා satellite technology යොදා ගැනීම පිලිබදව සොයාබැලීමක් කල යුතුවේ.

:       0       17

menaka Saturday, 07 January 2023 08:51 AM

පළමුව ලන්සා ඔබගේ කාර්යාලයට එන එක නවත්වන්න

:       5       16

mahinda Saturday, 07 January 2023 02:39 PM

ඕකේ සභාපති හැටියට කන්ජිපාණි ඉමරාන් පත්කරමු.

:       3       8

ganegoda Saturday, 07 January 2023 03:10 PM

ලෝකයේ හුඟක් රටවලට තරුණ තරුණියෝ හෙරොයින් ගහලා මං මාවත්වල වැටිලා මරණයට පත්වෙනවා. සමහර රටවල්වල ලංකාවේ මනුස්සයින්ව ඒ නිසා පිළිකුල් කරනවා. මේ හෙරොයින් ඒ රටවල් වලට අරගෙන යන්නේ අපේ විදේශ සංචාරකයෝ. ඒත් විදේශිකයෝ දොස් කියන්නේ අපේ මුළු රටටම.

:       3       9

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 750 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 736 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 732 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 497 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 461 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4249 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25190 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18851 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1841 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site