(සුජිත් හේවාජුලිගේ )
නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති සැර මත්පැන් නිෂ්පාදන සමාගමක් සුරාබදු දෙපාර්තමේන්තුවට 2022 වර්ෂයේදී රුපියල් කෝටි 275 ක පමණ බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එම සමාගම මෙසේ ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන්නේ රුපියල් කෝටි 129 ක බදු මුදලක් සහ එම බදු මුදලට අදාළ කෝටි 145 ක ප්‍රමාද ගාස්තුය.
නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබු මෙම සැර මත්පැන් නිෂ්පාදන සමාගමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට රුපියල් කෝටි දහයක මුදලක් ගෙවීමට සහ ඉතිරි මුදල වාරික 24කින් ගෙවීම සඳහා 2021 ජුනි ජුනි 23 දින ගිවිසුම් ගතව තිබිණ.
ඉන් මූලික ගෙවීම වාරික දෙකක් යටතේ ගෙවීමට අවස්ථාව සලසාදී තිබූ අතර පළමු වාරිකය 2021 ජුනි 30 ගෙවීමට කටයුතු ආරම්භ කර තිබියදී අමාත්‍ය මණ්ඩල තීරණයක් මත නිෂ්පාදන නැවත අත්හිටුවීමට කටයුතු කර තිබිණි.
ඉන් අනතුරුව එහි නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට 2022 වර්ෂයේ අනුමැතියදී තිබූ බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් 55 දෙනකු එම දෙපාර්තමේන්තුවට ලක්ෂ 63 ක ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
ණය ගෙවීම පැහැර හැර ඇති මෙම පිරිසට මියගිය නිලධාරීහු අට දෙනෙක්ද සේවයෙන් පහකළ නිලධාරීහු දස දෙනෙක්ද විශ්‍රාම ගිය නිලධාරීහු 19 දෙනෙක් සහ වැඩ තහනමට ලක්වූ නිලධාරීහු 18 දෙනෙක්ද ඇතුළත් වෙති.
මියගිය නිලධාරියකුගෙන් සහ විශ්‍රාම ගිය නිලධාරියකුගෙන් ලැබිය යුතු රුපියල් හාර ලක්ෂයකට වැඩි මුදලක් වසර දෙක තුන අතර කාලයක සිට හිඟව පැවතුණු බව විගණන නිලධාරීහු පවසති.
තවද සේවයෙන් පහකළ නිලධාරීන් පස් දෙනෙකුගෙන් සහ වැඩ තහනමට ලක් වූ නිලධාරීන් දෙදෙනකුගෙන් රුපියල් හය ලක්ෂයකට වැඩි මුදලක් වසර 5 කට වැඩි කාලයක සිට හිඟව පැවතුණු බව එම නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.
මේ තොරතුරු සඳහන් වන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්පැන් සමාගමකින් කෝටි 275 ක පොල්ලක්
latha Monday, 19 June 2023 01:15 PM
අයියෝ කමක් නැහැ... ඔක්කොම පුද්ගලික අංශයේ සේවකයන්ගෙන් බදු අයකර ගන්න... ලේසිම වැඩේනේ...
Chathuranga Monday, 19 June 2023 01:36 PM
පොල් ගෙඩියක්, අඹ ගෙඩියක් හොරකම් කරන අයගේ නම් ගම් ජාතකේ එක්කම ප්‍රසිද්ධ කළාට මේ වගේ කෝටිගණන් හොරා කන දේශපාලුවන්ගේ ගජ මිතුරන්ගේ නම් ගම් එළියට දාන්න මේ සාධාරණ මාධ්‍යය කියා ගන්නා ආයතනවල ඉන්න අයත් බයයි. මොකද ඔය හොරුන්ගෙන් යැපෙන අය ඕවාගේත් ඉන්න නිසා..
Sunil Monday, 19 June 2023 03:59 PM
අහන්න දෙයක් නැහැ... අපේ මහ බැංකු හොරුන් ගෑවිලා ඇති...
මහසෙන් Tuesday, 20 June 2023 08:44 AM
ඇමති හොරාට ජය වේවා ! අපි ගෙවන්නම්.