(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ මූල්‍ය ප්‍රශ්නය සමනය වන තුරු අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර පහකට නවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
රටේ තියන වාහන හොඳටම ප්‍රමාණවත් බවද ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය ඇතුළු බදු නියෝග කිහිපයක් පිළිබඳ විවාදයේදීය.
මත්පැන් මත්ද්‍රව්‍ය නොමැතිව ඇගපත වෙව්ලන දරුවන් රටේ සිටින බවද මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයාටත් කුඩුකාරයන්ගෙන් තර්ජනය එල්ල වෙලා තියෙනවා කියලා වාර්තාවක් මම දැක්කා. මාව මරන්නත් කුඩුකාරයන් එදා නොයෙක් දේවල් කළා. මම කුඩුකාරයන්ට මරණ දඬුවම නියම කළා.
මත්පැන් සිගරට් බදු වැඩි කිරීම හොඳයි. මත්ද්‍රව්‍ය නිවාරණයට වැඩි අවධානය යොමු කළ යුතුයි. පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලින් බේරා ගත යුතුයි. මත්පැන් මත්ද්‍රව්‍ය නැතුව ඇගපත වෙව්ලන දරුවන් අද රටේ ඉන්නවා.
අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර පහකට නවත්වන්න කියලා ඉල්ලනවා. රටේ මේ තියෙන වාහන හොඳටම ඇති. අධි සුඛෝපභෝගී වාහන සඳහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් යනවා. විදේශ වත්කම් පහත වැටෙන්න ඒක ප්‍රධාන හේතුවක්. පළාත් පාලන මැතිවරණයට ඉල්ලූ රාජ්‍ය සේවකයන් විශාල පිරිසකට මාස පහක් තිස්සේ වැටුප් නැහැ. මේ පිරිසෙන් ඉදිරි කාලයේදී සිය දිවි නසා ගැනීම් වාර්තා වෙන්න පුළුවන්. රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.
ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය නැවතිලා තියෙන්නේ. රජය මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද. ඒ වැඩපිළිවෙල නැවත ආරම්භ කළ යුතුයි
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෛත්‍රීගෙන් රජයට යෝජනාවක්
mahinda Tuesday, 23 May 2023 03:12 PM
අනේ හුටන්, ඔබලා ඔය මහජන මුදලින් විඳිනා අසීමිත සැප සම්පතුත් ඔය කියන වසර පහට නවත්තපල්ලකෝ... අධි සුඛෝපභෝගි වාහන,මහජන මුදලින් නඩත්තුවන මහා මන්දිර, මහජන මුදලින් ආහාරපාන මෙකී නොකී අසීමිත සැප සම්පත්... මේ කිසිඳු අසීමිත වරප්‍රසාදයක් භුක්ති නොවිඳිමින් තම පුද්ගලික නිවසේ තම සැඳෑසමය ගතකරමින් අසනීපව මහනුවර මහ රෝහලින් නේවාසිකව ප්‍රතිකාරගත් ගරු විශ්‍රාමික ජනතා වාදී ඩී. බී විජේතුංග වැනි උතුමන් පූර්වාදර්ෂය දී ඇත. එවැනි උතුමන් සිටි රටක හාල් පාරුවන් සිටීම අප අවාසනාවකි.
Nimal Tuesday, 23 May 2023 04:17 PM
හරි බොස්... තේරුණා..!
දාස Tuesday, 23 May 2023 04:26 PM
කොල්ලො ඔයාගේ තියෙන වාහන රොත්තත් සේල් එකට දාන්න.. රටේ සල්ලි නැති හින්දා..!
Bunny Preena Tuesday, 23 May 2023 04:29 PM
බලය තියෙනකොට ඔලුව නැහැ... ඔලුව තියෙනකොට බලය නැහැ...
Prabha Tuesday, 23 May 2023 06:44 PM
කතාව හරියට මරුටියේ යනවා වගේ... අනේ යන්න හිටන් යන්න...
JAYALATH WITHARANA Wednesday, 24 May 2023 07:39 AM
කිඹුල් කදුලු හෙලනවබොරු පුරාජේරු