IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මුතුරාජවෙල තෙත් බිම අභයභූමියක් ලෙස වහා ගැසට් කරන්නැයි උපදෙස්

(විනීතා එම් ගමගේ)

හදිසි අවශ්‍යතාවයක් සේ සළකා මුතුරාජවෙල තෙත්බිම   මැන අභය භූමියක් ලෙස  ගැසට් කරන්නට කටයුතු කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද (18) උපදෙස් දුන්නේය.

එම ඉඩම් ඉක්මණින්මමැනීමට  කටයුතු කරන්නැයි මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.

ගැසට් පත්‍රය නිකුත් වූ වහාම මුතුරාජවෙල ඇති අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත්කිරීමට කටයුතු යොදන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මහින්ද අමරවීර මහතා මේ අදහස් පළ කළේ මුතුරාජවෙල ප්‍රදේශයේ ඊයේ කල සංචාරයකින් පසුවය.

මුතුරාජවෙල අභයභූමිය සුරුකිීමේ සංගමය නමැති ස්වේච්ඡා සංවිධානයක් විසින් අමාත්‍යවරයාට කළ පැමිණිල්ලක් මත පරිසර හානියට  ලක්වූ ප්‍රදේශ බැලීම සඳහා අමාත්‍යවරයා එහි ගිය අවස්තාවේ තොරතුරු සොයා බැලී්මේ දී මුතුරාජවෙල අභය භූමිය මැන ගැසට් කර නැති බැවින් ඊට අයත් ඉඩම් අක්කර ගණන පිළිබඳව නිශ්චිතව පැවැසීමට නොහැකිව ඇති බව ජාඇල ප්‍රාදේශිය ලේකම් ටී අයි ඩී කේ රාජිකා මහත්මිය පැවසීමෙන් පසු අමාත්‍යවරයා මෙම උපදෙස් දුන් බව අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මුතුරාවෙල තෙත් බිමෙහි රක්ෂිත මට්ටමේ පැවැතිය යුතු භූමි බොහොමයක් අනවසර ඉදිකිරිම් හෝ ඉදිකිරීම් සඳහා සූදානම් කර ඇතැයි එහි දී අමාත්‍යවරයා දැක බලා ගත් බවත් ගොඩ කිරීම් විශාල ප්‍රමාණයක් සිදුකොට තිබු බවත් හෙතෙම කියා සිටියේය.

මෙම දැවැන්ත විනාශයෙන් එකී තෙත් බිම මුදවා ගැනීමට නම් ඉක්මණින්ම භූමිය මැන ගැසට් කළ යුතු බවත් ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙසත් අදාල නිලධාරින්ට අමාත්‍යවරයා උපදෙස් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.  



අදහස් (3)

මුතුරාජවෙල තෙත් බිම අභයභූමියක් ලෙස වහා ගැසට් කරන්නැයි උපදෙස්

Dimuthu Sunday, 18 October 2020 02:24 PM

රෙස්පෙක්‍ට් 'සර්' ... දැන් ඒකත් හරි. අපිට නම් හරිම ආඩම්බරයි.

:       0       0

Kamal Koyrala Monday, 19 October 2020 05:39 AM

බොහොම වැදගත් තීරණයක් සහ මුතුරාජවෙල වැදගත් කම ඉතිහාසයෙන් සහ සමාජ අධ්‍යයන පොතින් ඉගෙන ගත්තා නම් හැමෝම එහි වටිනාකම දන්නවා.

:       0       5

නිලුපුල් කහපෙල අරච්චි Monday, 26 October 2020 02:56 PM

ඉතා වැදගත් තීරණයක්, නමුත් රජපක්ෂ වරුන්ගෙ හිතවාදින්ට මෙය දැඩි ලෙස දැනුන දාට එදාට මහින්ද අමරවීරගෙ ඇමති දූරය ගැලවෙයි. නැත්නම් කරගෙන යන්න බැරි විදියට පාර කපයි. මෙම මජර දෙශපාලනයෙ සොබාවය එයයි. එහෙම නොවේවායි ප්‍රර්ථනා කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 148 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1388 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 490 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1477 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 162 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1003 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site