IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයක් කළ ගැසට්ටුව බල රහිත කරන්නැයි පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මුතුරාජවෙල ⁣තෙත්බිම පරිසර සංවේදී කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ යටි අරමුණ වන්නේ එම තෙත්බිම තුළ සුඛෝපභෝගී හෝටල් , ගෝල්ෆ් ක්‍රීඩා පිටි ආදිය ඉදිකිරීම සදහා අයෝජකයින්ට අවස්ථාව සලසා දීමක් වන බැවින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසරය සුරැකීමේ සංවිධානයක්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ සභාපති අනිල් ලක්පුර ජයමහ සහ එහි ලේකම් දොන් සේනාරත්න වනසිංහ යන මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති , අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 24 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

නීතීඥ නිලංග පෙරේරා මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කාර සංවිධානය 2017 වසරේදී මුතුරාජවෙල තෙත්බිමෙහි නීතිවිරෝධී ලෙස වැලි ගොඩ දැමීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි.මෙම පෙත්සම විභාගයට ගැනීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මුතුරාජවෙල තෙත්බිමේ මායිම් නිවැරැදි ලකුණු කරන ලෙස වන සංරක්ෂණ ජනරාල්වරයාට නියෝග කළේය.

මෙම නඩුව විභාගය වන අතරතුර නීතිපතිවරයා විසින් තෙත්බිම තුළ වැලි ගොඩ දැමීම සිදු නොවන බව සදහන් කරමින් නඩුව අවසන් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීය.

ඊට විරෝධය පළ කළ පෙත්සම්කාර සංවිධානය තෙත්බිමේ මායිම් ලකුණු කිරීමේ  ක්‍රියාවලිය අවසන් වී නොමැති බව අධිකරණයට දැනුම් දුන්නේය.ඉන්පසු නීතිපතිවරයා මුතුරාජවෙල තෙත්බිමේ මායිම් ලකුණු කිරීමේ  ක්‍රියාවලිය හැකි ඉක්මනින් අවසන් කරන බව දැනුම් දුන්නේය.

කෙසේ නමුත් මේවනතුරුත් මෙම ක්‍රියාවලිය අවසන් වී නොමැති.

මුතුරාජවෙල තෙත්බිමේ තවදුරටත් නීතිවිරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ ජාවාරම සිදු වේ.මේ ගැන විෂය බාර ඇමැතිවරයාට සහ පොලීසියට පැමිණිලි කර ඇත.

මේ අතර මුතුරාජවෙල තෙත්බිමේ තුඩුව ප්‍රදේශයේ හෙලිකොප්ටර් අංගනයක් , සුඛෝපභෝගී හෝටලයක් , සහ ගෝල්ෆ් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව පෙත්සම්කාර සංවිධානය⁣ට දැන ගන්නට ලැබී ඇත.මේ සම්බන්ධයෙන් අදාළ ලිපිද හුවමාරු වී ඇතැම් ව්‍යාපෘතීන් සදහා පාරිසරික වාර්තා සදහාද අනුමැතිය ලැබී ඇත.

මේ තත්ත්වය තුළ 2248/44 දරණ අතිවිශේෂ  ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදි කලාපයක් බවට ප්‍රකාශයට පත් කළේය.

කෙසේනමුත් මෙම ⁣ව්‍යාපෘතියට මිනුම් සැලසුම්ක්ද නොමැත.මෙම ගැසට් නිවේදනයේ යටි අරමුණ වන්නේ හිතවත් දෙස් විදෙස් ආයෝජකයින්ට මුතුරාජවෙල ⁣තෙත්බිම තුළ සුඛෝපභෝගී හෝ⁣ටල් , ගෝල්ෆ් ක්‍රීඩා පිටි , හෙලිකොප්ටර් අංගන සහ රාත්‍රී සමාජශාලා ඉදිකිරීමට අවස්ථාව සලසා දීමයි.දැනටමත් මේවාට අදාළ බලධාරීන් ගේ අනුමැති ලැබී ඇති බව දැන ගන්නට ලැබේ.

මේ සම්බන්ධයෙන් පෙත්සම්කාර සංවිධානය මානව හිමිකම් කොමිසමටද පැමිණිල්ලක් සිදු කර ඇත.

එබැවින් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් ද , එය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු නියෝගයක් ද නිකුත් කරන ලෙස පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමින් ඉල්ලා සිටී.



අදහස් (1)

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයක් කළ ගැසට්ටුව බල රහිත කරන්නැයි පෙත්සමක්

sharm warn Monday, 22 November 2021 01:58 PM

අනේ ඉතින් නැතුව මෙතන රටට, ජාතියට තියෙන කැක්කුමට ගැසට ගහනවා කියලද හිතන් ඉන්නේ..? ඒ අයට විකුණා ගන්න අත තියන්න පුළුවන් තැනට දාලා තමයි සේරම ඉඩකඩම් වික්කේ.

:       4       8

ඔබේ අදහස් එවන්න

දියත

සෞඛ්‍ය
2024 නොවැම්බර් මස 19 8 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 913 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2010 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 269 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 152 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 843 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26647 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site