IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


’’මුතුරාජවෙල හෝටලයක් හදන්න පුද්ගලයෙක් මා හමුවෙන්න ආවා ’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මුතුරාජවෙල වගුරු බිමේ අක්කර සීයක් ගොඩකර හෝටලයක් හැදීමට එක්තරා පුද්ගලයෙකු ඔප්පුද රැගෙන පසුගිය දිනෙක  තමා හමුවීමට පැමිණියේ  යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී  අද(9) හෙළි කළේය.

මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ කිසිම ගොඩ කිරීමක් නොකරන බවද ඔහු සඳහන් කළේය.

මහින්ද අමරවීර මහතා එහිදී මෙසේද කීය.

"මුතුරාජවෙල සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට අපි දැනටමත් පියවර ගෙන තිබෙනවා.අපි කිසිසේත්ම  තෙත් බිම් ගොඩ කරන්නේ නැහැ.මේ කලාපයේ හෝටල් ඉදි කරන්න , ගොල්ෆ්  ක්‍රීඩා පිටි ඉදිකරන්න අපි කොහෙත්ම අවසර දෙන්නේ නැහැ. අපිට එක එක යෝජනා එනවා.මුතුරාජවෙල වගුරු බිමේ අක්කර 600ක් ගොඩ ගරලා හෝටලයක් ගහන යෝජනාවක් එක පුද්ගලයෙක් ගෙනාවා.ඔප්පු අරගෙන ආවා.මාව හම්බවෙන්නත් ආවා.ඔහු විවිධ තැන්වලට ගියා. අපි ඒවට ඉඩ දුන්නේ නැහැ .මුතුරාජවෙල ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි පැහැදිලි වැඩපිළිවෙලක ඉන්නවා.එය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් සඳහා මේ රජය කිසිසේත්ම  කටයුතු කරන්නේ නැහැ.මම ඉතා  වගකීමෙන් කියනවා"

"නාගරික සංවර්ධන අධිකාරිය පවර ගන්නේ ඇයි කියලා මෙතන ප්‍රශ්නයක් තිබුණා .ඒ අධිකාරියට තමයි මේ කටයුතු පහසුවෙන්ම කරන්න පුළුවන් වුණේ.ඒ වගේම ප්‍රතිපාදන තිබුණේත් එතන.මෙය සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස වනජීවියෙන් ගැසට් කරලා තියෙනවා.

"අපිට හංගලා කරන්න දෙයක් නෑ.ඒ වගේම වහගෙන කරන්න දේකුත් නෑ. මේ එන ව්‍යාපෘතිය ඉතා වැදගත් එකක්. බලාගාරයට සුදුසු ස්ථානය ලෙස මේ ස්ථානය හඳුනා ගත්තා. අපි තෙත්බිම් කලාපයේ කිසිම ගොඩ කිරීමක් කරන්නේ නැහැ. අපි කාදිනල්තුමාටත් ඒක කියනවා.
මේ වගේ ව්‍යාපෘතියක් බලහත්කාරයෙන් කිරීමට වුවමනාවක් නෑ. මේක පරිසර හිතකාමි විදුලි ව්‍යාපෘතියක්.මේ වගේ ව්‍යාපෘතිවලින් පරිසරය ආරක්ෂා වෙනවා.
 



අදහස් (0)

’’මුතුරාජවෙල හෝටලයක් හදන්න පුද්ගලයෙක් මා හමුවෙන්න ආවා ’’

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 624 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 302 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 265 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1070 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1420 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1608 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site