( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කර "රැම්සා" තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ඉකුත් ඔක්තෝබර් 07 නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලබන අප්‍රේල 08 වැනිදා තෙක් පියවරක් නොගන්නා බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) එකගත්වය පළ කලේය.
එම ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද හේෂාන් ජයවර්ධන, සහ එම ප්‍රදේශයේ පදිංචි ධීවරයකු ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූඅවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරිය මෙම එකගත්වය පල කළාය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සදහා කල් ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය .
එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කසීම් මහතා සඳහන් කලේ අදාල ගැසට් නිවේදනය අනුව දවස් 30ක් ඉක්ම ගිය විට එම ඉඩම් අත්පත් කර ගැනීමේ හැකියාව ලැබෙන බවය.
ඒ අනුව එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කළ මෙම පෙත්සමට විරෝධතා ගොනු කිරීමට විශාල කාල සීමාවක් ලබා නොදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
එහිදී රජයේ නීතිඥවරිය ඊලඟ පෙත්සම කැඳවන දිනය තෙක් ගැසට් නිවේදනය අනුව පියවර නොගැනීමට එකගත්වය පල කලාය.
පෙත්සම අප්‍රේල් මස 08වැනිදා කැඳවීමට නියම කෙරිණ.
මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කර "රැම්සා" තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව ජනාධිපතිවරයා ඉකුත් ඔක්තෝබර් 07 නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් , අදාළ ගැසට් නිවේදනය අනුව කටයුතු කිරීම සහ ඉදිරි පියවර ගැනීමෙන් වගඋත්තරකරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , එම ගැසට් නිවේදනය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා තිබිණි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස නාගරික සංවර්ධන සහ නිවාස ඇමැති අගමැති මහින්ද රාජපක්ෂ, රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා, එම අමාත්‍යාංශ ලේකම් වරයා, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර, වත්තල, මීගමුව, ජා ඇල ප්‍රාදේශීය ලේකම් වරු, නීතිපතිවරයා ඇතුළු 14දෙනෙකු නම් කර තිබිණි.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුතුරාජවෙළ