IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්

(අංජුල මහික වීරරත්න)

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය  ලැබී ඇත.

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති වශයෙන් දැනට සේවය කරනු ලබන ගනේෂ අමරසිංහ මහතා සේවා අවශ්‍යතාව මත වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, ඒ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමටත්, ඒ හේතුවෙන් පුරප්පාඩු වන මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට, දැනට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන  සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ඕපාත විතාන චන්දන තිලකරත්න මහතා පත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විදින් අනුමත කරන ලදී.



අදහස් (1)

මාතරටත් අලුත් දිසාපති කෙනෙක්

SaraBoy Wednesday, 05 February 2025 10:27 PM

පසුගිය කාලේ අපේ රටේ මිනිසුන් මාලිමාවට කැම්පේන් කරද්දි කියපු පොදු දෙයක් තියෙනවා.ඒක තමයි අපි මාලිමාවට වැඩ කරන්නේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන් නොවේ කියන එක. මේ වදන මිනිසුන්ට වගේම රාජ්‍ය නිලදාරනිටත් පොදුවේ භාවිත වුණ එකක්. ඒ වගේම මාලිමාව නිතර කියපු දෙයක් තමයි අපි දේශපාලන පලිගැනීම් කරන්නේ නැහැ ...අපි පසුගිය ආණ්ඩු වගේ නිලදාරින් දඩයම් කරන්නේ නැහැ කියන එක. තව දෙයක් තමයි පවතින රජයන් තමයි නිලදාරින් පත් කරන්නේ..නමුත් පසුගිය රජයන යම් තනතුරු සඳහා දේශපාලන පත්වීම් කරා. ඒ වගේම සැබෑ දක්ෂයන්ටත් තැන දුන්නා. ඒ වගේම පහුගිය ආන්ඩු තමන්ට රිසි නැති නිලදාරියෙක් ඉවත් කරේ ඔහුට වෙනත් ස්ථානයක තනතුරක් දීලා. බොහොම අඩුවෙන් තමයි සංචිතයට දැම්මෙ. ඒ වගේම පහුගිය ආන්ඩු මාරු වුන අවස්ථාවල ප්‍රධාන ලේකම් වගේ අයෙක් කවදාවත් සංචිතයට දැම්මෙ නැහැ. ඔවුන්ට ඊට සරිලන තනතුරක් දුන්නා. අත්තනොමතික විදිහට මේ මාරු කරන නිලදාරින් වසර ගණනාවක් මේ රටේ පුරවැසියන් වෙනුවෙන් වැඩ කරපු අය. අතලොස්සක් ඉන්නවා අයථා වැඩ කරපු අය. නමුත් මාලිමාවට ඒ අය අහුවෙලා නැහැ. ඒ අය මොන ආන්ඩු ආවත් ජාමෙ බේරගෙන ඉන්නවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 91 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 297 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 481 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 420 4

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 617 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 767 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 518 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site