IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


මෛත්‍රීට කැඩුණු අත හදාගන්න බැරි වේ

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී කණ්ඩායම පක්ෂයට නැවත එකකර ගැනීම සඳහා ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් අටදෙනකු ආණ්ඩුවට එක්ව කැබිනට් හා රාජ්‍ය ඇමති තනතුරු දරන අතර,ඔවුන් නැවත පක්ෂයට එක් කර ගැනීමේ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී ඉකුත් දා පැවැත්විණි .

ආණ්ඩුවේ කැබිනට් හා රාජ්‍ය ඇමති තනතුරු දරන නිමල් සිරිපාල ද සිල්වා,ලසන්ත අලගියවන්න ,ජගත් පුෂ්පකුමාර ,චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර ,පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂාන් විජයලාල් ද සිල්වා, සාරථී දුෂ්මන්ත මිත්‍රපාල සහ අංගජන් රාමනාදන් යන මන්ත්‍රීවරුන් සහභාගි වී ඇත.

ආණ්ඩුවේ තනතුරු දරන නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ තනතුරු අත්හිටුවාඇති අතර ,ඔවුන්ට එම තනතුරු නැවත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

එසේ වුවද ඔවුන් ආණ්ඩුවේ තනතුරු දරමින් තවදුරටත් පක්ෂයේ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කරකරන බැවින්, ආණ්ඩුවේ සිටියදීම නැවත පක්ෂයට සම්බන්ධ කරගත නොහැකි බව ශ්‍රීලනිප දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.

මෙම තත්වය හමුවේ ඔවුන් නැවත පක්ෂයට එක් කර ගැනීමේ සාකච්ඡා අසාර්ථක වී ඇතැයි දැනගන්නට තිබේ.

 



අදහස් (3)

මෛත්‍රීට කැඩුණු අත හදාගන්න බැරි වේ

Sunil Sunday, 23 April 2023 10:40 AM

පාස්කු ප්‍රහාරයට වසර හතරයි.... මේ ප්‍රහාරය පිළිබඳව විදේශ බුද්ධි අංශ කල්වේලා ඇතුව දැනුම් දී තිබියදීත් එය වළකා ගැනීමට නොහැකි වූයේ මෝඩ පාලනය නිසයි. රටේ දේශපාලන වේදිකාවෙන් අතුගා දැමිය යුතුයි.

:       1       30

PODDA Sunday, 23 April 2023 12:09 PM

අත කැඩුවේ මරා... අත දෙකට කැඩුවේ මසිරිපාල...

:       1       23

චන්දිම ෆොන්සේකා Sunday, 23 April 2023 05:36 PM

අනේ ඇත්තට මේ දේසපාලුවෝ දන්න තරම් හැම උප්පරවැට්ටියක්ම දාන්නේ ආයේ ආයෙමත් බලයට එන්න මිසක් මේ රට දියුනුකරලා මිනිස්සුන්ට යහපතක් කරන්නනම් නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 406 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 553 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


නව විගණකාධිපති කවුද? තීරණය 22
2025 අප්‍රේල් මස 19 494 0

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා
2025 අප්‍රේල් මස 19 1205 0

කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම


පියාගේ ටිපරයට යටවී සිඟිත්තා මරුට
2025 අප්‍රේල් මස 19 496 0

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක


වැල්ලවාය - බෙරගල මාර්ගයේ ධාවනය බාධා
2025 අප්‍රේල් මස 19 309 0

වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 88 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site