IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මාතරට යළි ගංවතුර:ශිෂ්‍යත්ව දරුවන්ටත් පණිවිඩයක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

නිල්වලා ගගේ ඉහල නිම්නයට තව දුරටත් වර්ෂාව ලැබීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ගං වතුර මට්ටම යළි ඇති වීමේ අවධානමක් මතුව ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා මධ්‍යස්ථානය පැවසීය.

එම නීසා ගංවතුර තත්වය පහව ගොස් ඇතැයි සිතා කටයුතු නොකරන ලෙසත් පහත් බිම් වල ජනතාව තව දුරටත් විමසිල්ලෙන් සිටින ලෙසත් එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතා සදහන් කලේය.

මාලිම්බඩ,කද්දුව,වෙනිඅකුල,වැල්ලේතොට,කපුදුව ආදී ප්‍රදේශ වලද අඩු වෙමින් තීබු ජල ධාරිතාවය යළි ක්‍රමයෙන් ඉහල යමින් තිබුණි.

එම ප්‍රදේශවල ගමනාගමන කටයුතුවලට යුද හමුදාව හා නාවික හමුදාව බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබුණේය.

ඊට අමතරව ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාගශිලීන් පැමිණ උදවු උපකාර කරන අයුරුද දැක ගත හැකි විය.

තවදුරටත් ගං වතුර පැවතීම නිසා අකුරැස්ස අතුරලිය හරහා කඹුරුපිටිය, මාතර දීයගහ, අකුරැස්ස සියඹලාගොඩ, මාතර කද්දුව, අකුරැස්ස කඹුරුපිටිය හරහා හක්මන මාර්ග වල බස් ධාවනය ඇණ හිට තිබුණේය.

මාතර ගොඩගම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව ජයන්ති පාලම අසල ද ජලයෙන් යට වී තිබෙන අතර එම ස්ථානයෙන් ගමන් කල නොහැකි ඇතැම් සැහැල්ලු වාහන කපුදුව පිවිසුම හරහා නැවත මාතර නගරයට පැමිණෙන අයුරු දැක ගත හැකි විය.

කෙසේ වෙතත් ලබන 15 වැනි දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට එම ප්‍රදේශ වල ගංවතුර තත්වයක් පවතින්නේ නම් ආසන්නතම විභාග මධ්‍යස්‌ථානයක් කිට්ටුව ඥාතී නිවසක කල් ඇතිව නතර වන ලෙසට ද හදීසි අවශ්‍යතාවයක් මතු වුවහොත් 041-2234134 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

ඒ වෙනුවෙන් දිස්ත්‍රික්කයට පුරා වෙනමම ආරක්ෂිත වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ.



අදහස් (0)

මාතරට යළි ගංවතුර:ශිෂ්‍යත්ව දරුවන්ටත් පණිවිඩයක්

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 24 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 674 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 169 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 3397 10

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 2680 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 459 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39903 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25904 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1277 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site