(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර බන්ධනාගාරයේ සිර මැදිරියක් කඩා ගෙන රැදවියන් පිරිසක් පලා යාමට උත්සාහ කිරීමත් සමග එම බන්ධනාගාරය තුල දැඩි නොසන්සුන්කාරී තත්වයක් හට ගත්තේය
එම තත්වය පාලනය කිරීම සදහා බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඇති බවද වාර්තාවේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මිදිගම ප්‍රදේශයේ රැදවියකු මාතර බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට උත්සාහ කිරිමේ සිද්ධියක් මුල් කර ගෙන වාට්ටු වල සීටි රැදවියන් ඉබි අගුළු කඩා ගෙන පිටතට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව කියති.
එසේ පලමුව පිටතට පැමිණි රැදවියන් තවත් වාට්ටු කීහිපයක රදවා සිටි රැදවියන්ගේ වාට්ටු වල ඉබි අගුළු කඩා ඔවුන් ද පිටතට ගෙන තිබේ.
ඊට අමතරව බන්ධනාගාරය තුල සිට රැදවියන් කලු ගල් ප්‍රහාර කිහිපයක් පීටතට එල්ල කර ඇති බවද දැන ගන්නට ඇත.
මාතර බන්ධනාගාරය අසල නිවසක පදිංචිකරුවකු ෙ ප්‍රකාශ කලේ බන්ධනාගාරය තුලින් වෙඩි ශබ්ද කිහීපයක් ඇසුණු බවයි.
කෙසේ වෙතත් මාතර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තහවුරු කිරීම සදහා පොලීසිය,පොලිස් විශේෂ යතුරුපැදි බලකාය,පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා තිබුණි.
තවද ඔවුන්ගේ සහායට යුද හමුදාවේ සහාය ද ලබා ගැනීමට නියමිතව තිබුණේය.
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාතර බන්ධනාගාරයේ කලබලයක්
රම්බොඩ Tuesday, 22 April 2025 10:00 PM
මතකද මාලිමා පචයින් නැටුවා මැගසින් බන්ධනාගායේ කලබලයක් වුණු වෙලාවෙ ? මේවා පාලනය කරන්න හුරතල් කරලා හරියන්නෙ නෑනෙ. සේරම ඉන්නෙ නරක මිනිසුන් .