IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මාතර සහ ගාල්ල ගම් රැසක් ජලයෙන් යටවේ

(ක්‍රිෂාන් ජීවක ජයරුක්, යසන්ත ආරියසේන සහ හේමපාල ලියනගේ) 

මාතර දිස්ත්‍රික්කයට ඇති වී තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් අද (07) වන විට පවුල් 5755 කට අයත් පුද්ගලයින් 22012 දෙනෙකු ආපදාවට ලක්ව ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂක ලුතිනල් කර්නල් කණ්ඩම්බි මහතා ප්‍රකාශ කලේ ඊට අමතරව ගංවතුර හේතුවෙන් දෛනික කටයුතු සිදු කර ගත නොහැකිව පවුල් 11692 කට අයත් පුද්ගලයින් 41726 දෙනෙකු කොටු වී සිටින බවයි.

කොටු වී සිටින ජනතාව වෙනුවෙන් ආහාර පාන සපයා ගැනීමට බෝට්ටු සේවාවන් ක්‍රියාත්මක කර තිබෙන බවද ඔහු කීය.

ඊට අමතරව ආපදාවට ලක් වු අයට පිසූ ආහාර සහ වියලි ආහාර ලබා දීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.

මේ වන විට නිවෙස් ජලයෙන් යට වීම හා ආපදාවට ලක් වීම හේතුවෙන් පවුල් 414 ක පුද්ගලයින් 1376 දෙනෙකු තාවකාලික සුරක්ෂිතතා මධ්‍යස්ථාන වලට ද යොමු කර ඇත.

පවතින අයහපත් කාලගුණික තත්වය මත තව දුරටත් අධික වර්ෂාව ලැබුනහොත් නිල්වලා ගගේ වේලී වලින් ජලය පිටාර ගොස් මහ ගංවතුර තත්වයක් ඇති විය හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් ද නිකුත් කර තිබේ.

මේ නිසා පහත් බිම් වල ජනතාවට අවසානයේ හා විමසිල්ලෙන් සිට තම ජීවිත හා දේපොල ආරක්ෂා කර ගන්නා ලෙසට ද දැනුවත් කර ඇත.

මාතර,තිහගොඩ,කඹුරුපිටිය,අකුරැස්ස,මාලිම්බඩ,අතුරලිය ,දෙවිනුවර,දික්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ජනතාව වැඩි වශයෙන් මෙම ව්‍යසනයට මුහුණ පා තිබේ.

මීට අමතරව දිස්ත්‍රීක්කයේ මාර්ග රැසක ගමනාගද ඇණහිට ඇත.

 

ඡායාරූප ක්‍රිෂාන් ජීවක ජයරුක්

හේමපාල ලියනගේ

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර



අදහස් (0)

මාතර සහ ගාල්ල ගම් රැසක් ජලයෙන් යටවේ

ඔබේ අදහස් එවන්න

දියත

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1040 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 692 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 253 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1944 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1760 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 545 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site