( රවින්ද්‍ර විරාජ් අබයසිරි)
සේවය තාවකාලිකව අත්හිටවු මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් රැගෙනගොස් ඇති ඔහුගේ නිල කැබ් රිය , තවත් කාර් රියක් ඇතුළු කාර්යාල උපකරණ ලබන (02) වන දිනට පෙර නැවත භාර නොදුන්නොත් ඔහුට විරුද්ධව නිතිමය පියවර ගන්නා බවත් නාගරික කොමසාරිස් සමන් කළුආරච්චි මහතා පැවසීය.
හිටපු නගරාධිපතිවරයා විසින් විවිධ දුෂණ හා අක්‍රමිකතා සිදු කර ඇති බවට උපනගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩුකාරවරයාට සිදු කර ඇති පැමිණිල්ලක් හේතුවෙන් නගරාධිපතිවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා මහනගර සභා ආත්ඥාපනතේ (252) අදිකාරය 277(1)වගන්තියේ සදහන් වැරදි නගරාධිපතිවරයා විසින් සිදු කර ඇත්තේද යන්න පිළිබද විශ්‍රාමලත් අධිකරණ නිළධාරීනි සරෝජනී කුසලා වීරවර්ධන මහත්ම විසින් පරික්ෂා කර ඒ පිළිබද වාර්තාවක් මාස තුනක් ඇතුළත ලබා ගැනිමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත.
සේවය තාවකාලිකව අත්හිටුවා ඇති මාතලේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාගෙන් විමසීමේදී ඔහු සදහන් කළේය.
මම පසුගිය (28) හා (29) යන දිනයන්හි වාහන දෙක හා කාර්යාල උපකරණ මාතලේ නාගරික පරිපාල නිළධාරී හරහා භාර දිමට උත්සහ කළත් මේ වන තුරු එම භාණ්ඩ බා ගැනිමට කිසිම නිළධාරියෙක් කටයුතු නොකළ බැවින් නාගරික මධ්‍යම පළාත් ආණ්කාඩුරවරයාට මාතලේ නාගරික කොමසාරිස්වරයාට හා මාතලේ පොලිසිය වෙත ලිඛිතව දැනුවත් කර ඇති බව පැවසීය.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාතලේ හිටපු නගරාධිපතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න යයි
Asanga Monday, 31 August 2020 11:28 AM
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයිලු. තාත්තා කරපු දේ පුතණ්ඩියත් කරන්න එපැයි.
Rohana Monday, 31 August 2020 11:31 AM
එතකොට කුරුණෑගල නගරාධිපතිට මොකද කරන්නේ?