IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මැතිවරණයක් ඉල්ලීම කාලකන්නි හැඟීමක්

(අංජුල මහික වීරරත්න)

මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලමින් හඬ තැලීම කාලකන්නි හැඟීමක් බව ජනතාව තේරුම් ගත යුතු යැයි ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

දැන් අංක එක විය යුත්තේ බංකොලොත් භාවයට පත්වූ රට එයින් මුදා ගැනීම බව කී රත්නප්‍රිය මහතා බංකොලොත් වූ රටක  මැතිවරණයකට  වියදම් කිරීම ප්‍රශ්නයක් බව සියලු දෙනා අවබෝධ කර ගත යුතුව තිබෙන බව පැවසීය.

පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සමන් රත්නප්‍රිය මහතා මෙි බව කීය.



අදහස් (20)

මැතිවරණයක් ඉල්ලීම කාලකන්නි හැඟීමක්

එතෙර අපි Monday, 16 January 2023 03:54 PM

මට මේ කියන ඒවාට පිටිපස්සෙනුත් හිනායනවා..

:       0       13

ranjith Monday, 16 January 2023 04:01 PM

මැතිවරණයක් ඉල්ලීම නම් එවැනි ස්වභාවයක් ගන්නේ නැත. එහෙත් මොහුගේ මුහුණ නම් එවැනි ස්වභාවයක් ගන්නවා...

:       0       17

Lakmal Monday, 16 January 2023 04:04 PM

ඔයගොල්ලො හින්දා තමයි මෙහෙම වෙන්නේ...

:       0       12

හර්ෂ Monday, 16 January 2023 04:06 PM

මෙවැන්නෙකුට එසේ සිතීම අරුමයක් නොවේ...

:       0       16

dilan Monday, 16 January 2023 04:09 PM

පිරිමි නර්ස්ගේ වැඩක් බලාගත්තා නම් හොඳයි. මැතිවරණය මූලික මිනිස් අයිතිවාසිකමක්...

:       1       18

senaMonday, 16 January 2023 05:50 PM

මේ මනුස්සයාට තේරෙන්නේ නැහැ මැතිවරණයක් ඉල්ලන්නේ රට විනාශ කරපු කාලකණ්ණි ටික එළවන්න කියලා...

:       0       20

sunetyh Monday, 16 January 2023 04:18 PM

නුඹලා වගේ හැම පැත්තටම පනින ගෙම්බෝ හින්දා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ..

:       1       20

චන්දන Monday, 16 January 2023 04:28 PM

මේ වෙනකොට රාජපක්ෂ පාලනයක් තිබුණා නම් මැතිවරණය ඕනෑ නේද? මේ වගේ ජනතාව පාවලා දෙන වෘත්තිය සමිති කාරයින්ට තවතවත් අහුවෙනවාද?

:       0       19

Hafeel Monday, 16 January 2023 04:31 PM

ජනතාව හෝ කිසියම් පාර්ශවයක් හෝ මේ මොහොතේ ඡන්දයක් ඉල්ලන්න ඕනෑ නැහැ. ව්‍යවස්ථාව අනුව ඡන්දය පැවැත්විය යුතු කාලය මැතිවරණ කොමිසම දන්නවා. එක කොමිසන් කාර්යබාරය. දැන් ඔයාගේ රනිල් අගමැති වෙලා මාස දහයක් වෙනවා... ජනාධිපති වෙලා මාස හයකට ආසන්නයි. ඔහු ආවේ රටේ ආර්ථිකය ගොඩ දානවයි කියලා. නමුත් ඔයා ඇතුළු මේ ආබ්දුව අදටත් කියන්නේ රට බංකොළොත් කියලා. එහෙම නම්, කොයි කාලයට ඡන්දයක් තියන්නේ? අනික ඔයා හෙද වෘත්තිය පැත්තට දාලා, ජනාධිපති උපදේශක තනතුරු ඇතුළු රජයෙන් වැටුප් දෙකක් සහ දීමනා අරගෙන, මෙහෙම දේශපාලනය කරන විට, රට බංකොළොත් වෙන්න මිස රට ගොඩදාන්න පුළුවන්ද?

:       1       20

සඳුන් Monday, 16 January 2023 04:34 PM

දිනක් හෝ පාර්ලිමේන්තුවට නොපැමිණ මහජන බදු මුදලින් මන්ත්‍රී වාහන පර්මිට් එක ලබාගැනීම වැනි නීලකාස අල්ලසක් කොච්චර තුච්ඡද?

:       0       20

නිහාල් Monday, 16 January 2023 05:16 PM

දවස් හතරක් පාර්ලිමේන්තු ඇවිල්ලා වාහන ගන්න එක කාලකන්නි නැද්ද?

:       0       18

Gunasinghe Monday, 16 January 2023 05:53 PM

නරකද එජාපය සහ සජබය සමගි වෙලා එකතු වුණොත්...?

:       5       6

සෙනෙවිරත්න Monday, 16 January 2023 09:36 PM

එහෙම උනොත් එක වල්ලෙ පොල් කියල දෙකම පැත්තකට කරන්න ලේසියි.,මොකද ඔය දෙකේම ඉන්නෙ එක ජාතියෙ බඩු , ඔය හාදයො අර කුණු ගොඩින් අනිත් කුණු ගොඩට පනිනව විනා හොඳ තැනකට යාමක් නැහැ.

:       0       1

Sunil Monday, 16 January 2023 06:28 PM

කවුද රට බංකොළොත් කළේ..?

:       0       6

මැක්ස් Monday, 16 January 2023 07:16 PM

ගෝඨා එක්ක කල් මැරෙන්න හැදුව ඡන්දෙ ඉල්ලලා. දැන් පදේ වෙනස් කරලා.

:       0       6

Ariyathilaka Monday, 16 January 2023 10:47 PM

ජනමත විචාරණ ඇතුළු සියලු මැතිවරණ නිදහස් හා සාධරණ ලෙස පැවැත් වීමට ඉල්ලීම් කිරීමට අවශ්‍ය නැත; මැතිවරණ ප්‍රකාසයට පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත බලය මතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි ජනතාව සතු පරමාධිපත්‍යය ඡන්ද බලය සක්‍රීය කොට, බල ගන්වන්නේ මැතිවරණ පැවැත්වීමෙනි. ජනමත විචාරණ ඇතුළු මැතිවරණ ප්‍රකාශයට පත් කිරීම, මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීම, ඡන්දයකදී ඡන්ද දායකයාගේ ඡන්ද අයිතිය නිසි ලෙස සුරැකීම, කුමන ඡන්දයකදී වුව (ජන්මත විචාරණ ඇතුළු) ද නිදහස් හා සධාරණ ලෙස ඡන්ද විමසීම් පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම, සහ මැතිවරණ සම්බන්ධ සියලු කටයුතු පිළිබඳව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලත් බලධරයා, මැතිවරණ කොමිෂන් සභාව ය.

:       0       0

Ariyathilaka Monday, 16 January 2023 10:50 PM

නීතියට එකඟව ගන්නා ලද තීරණයකින් හෝ යන හේතුවක් නොවේ නම්, මැතිවරණය පැවැත් වීමට, නිරායාසයෙන් මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමි වේ. ජනමත විචාරණයක් ප්‍රකාශයට පත් කළ විටකදී ද මේ ලෙස ය. එය කිසිවෙක් විසින් ඉල්ලීමට අවශ්‍ය නොවේ. මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙස පැවත්වීමට නිසි කාලය මැතිවරණ කොමිෂන් සභාව මත පිහිටි විට, මැතිවරණ පැවැත් වීමට මැතිවරණ කොමිෂන් සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැදී සිටී. මෙයට බාහිරව කටයුතු කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වනවා ඇත. මැතිවරණ කොමිෂන් සභාවට හිමි බලය මත, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන අවස්ථාවක " මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලමින් හඬ තැලීම කාලකන්නි හැඟීමක් බව ජනතාව තේරුම් ගත යුතු යැ"යි කවරෙකු විසින් හෝ පවසනවා නම් ඒ පැවසීම කවුරු අරභයා කියන්නේ දැයි එසේ කියන පුද්ගලයා විසින් පැහැදිළි කළ යුතු ය. මැතිවරණය ප්‍රකාශ කිරීමේ කාර්ය රටේ පුරවැසියාගේ කටයුත්තක් නොවේ. එය මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යයකි.

:       0       0

Ariyathilaka Monday, 16 January 2023 10:52 PM

හැඟීමක් බව ජනතාව තේරුම් ගත යුතු යැ"යි ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතීය පතිබාහනය කිරීමට උත්සාහ කිරීමක් බව කිව යුතු ය. විශේෂයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (ඇ) ඡේදයේ:- 33 .ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ යම් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතව ම තමා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට- (ඇ)මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැතවීම සඳහා උචිත වාතාවරණයන් ඇති කිරීම තහවුරු කිරීම සඳහා බලය ඇත්තේ ය; යනුවෙන් ව්‍යවස්ථාපිතව තිබිය දී ජනාධිපතිවරයාගේ "මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලමින් හඬ තැලීම කාලකන්නි හැඟීමක් බව ජනතාව තේරුම් ගත යුතු "යැයි ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින්, පැවසීම බරපතල කාරණයකි.

:       0       0

jayasekara Tuesday, 17 January 2023 09:46 AM

මෙයාව උදේට දැක්කොත් දවසම කාලකන්නි.

:       0       0

Ariyathilaka Tuesday, 17 January 2023 10:38 AM

විශේෂයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (ඇ) ඡේදයේ:- 33... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ යම් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම තමා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට- (ඇ) මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණයන් ඇතිකිරීම තහවුරු කිරීම සඳහා බලය ඇත්තේය.. යනුවෙන් ව්‍යවස්ථාපිතව තිබියදී "මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලමින් හඬ තැලීම කාලකන්නි හැඟීමක් බව ජනතාව තේරුම් ගත යුතු "යැයි ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සිටිමින් පැවසීම බරපතල කාරණයකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 2015 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2253 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 836 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2217 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 250 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1467 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site