IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මැතිවරණ නීති කැඩීම ගැන බරපතල චෝදනාවක්

(යොහාන් භාසුර)

ජනාධිපතිවරණයේදී රාජ්‍ය බලය සහ සම්පත් අවභාවිත කිරීම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ සහ මැතිවරණ කොමිසමේ නියෝග ප්‍රතික්ෂේප කිරීම බරපතල තත්වයක් බවත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා අද (6) පැවසීය.

ඇතැම් වෘත්තීන්වල නිතරව සිටින විශේෂයෙන් කාන්තාවන් ඇතුළු ලක්‍ෂ තුනකට පමණ ඡන්ද අයිතිය අහිමිවීම ද විශාල ගැටලුවක් බව කී පරාක්‍රම මහතා රට සිටින ජනතාව ඇතුළු පුරවැසියන් සියයට 10 කට පමණ ඡන්ද අයිතිය අහිමිවී ඇතැයි ද සඳහන් කළේය.

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය කොළඹදී අද (6) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා එසේ පැවසීය.

මන්ත්‍රීවරු දෙවැනි ගිනිඅවියත් ඉල්ලා සිටීම, වැඩබලන පොලිස්පතිවරයෙක් පත්නොකිරීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට යෝජනා කිරීම සහ ජනාධිපතිවරයාට පක්‍ෂ නැති රාජ්‍ය අමාත්‍යවරු ඉවත කිරීම ආදිය රාජ්‍ය බලය පාවිච්චි කිරීමට උදාහරණ බවත් ජනාධිපතිවරයා හෙලිකොප්ටර් පාවිච්චි කරන්නේ ජනාධිපතිවරයා ලෙසද, ජනාධිපති අපේක්‍ෂකයෙක් ලෙස ද යන ගැටලුව ද මතු වන බවත් ඒ මහතා කීය.

ජනාධිපතිවරයා මෙන්ම ජනාධිපති අපේක්‍ෂකයා වීම පිළිබඳව නීතිමය ගැටලුවක් ව්‍ය්‍යවස්ථාවෙන්ම නිර්මාණය වී ඇති බව කී පරාක්‍රම මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත් කළ ඇමතිවරුන් දෙදෙනාට එම අමාත්‍යංශවල උපදේශක තනතුරු දීම විශාල ගැටලු මතු කරන බව ද සඳහන් කළේය.

ඡන්දය නොදුන හොත් ගෑස් නැතිවෙයි යැයි ප්‍රකාශ කිරීම තර්ජනයක් බවත් ජනාධිපති අපේක්‍ෂකයන්ට පෞද්ගලිකව අපහාස කිරීම නීති විරෝධී බවත් පරාක්‍රම මහතා පැවසීය.

මැතිවරණවලදී මීට පෙර වාර්තා වූ ශාරීරික ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වුවද ව්‍යුහාතමක තත්වයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ක්‍රියාත්මක වන බව කියන පරාක්‍රම මහතා පැවසුවේ මැතිවරණ කොමිසම කරන දැනුම්දීම් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත්ය.

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානීන් වන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ උදය කළුපතිරණ යන මහත්වරු සහ හනා ඊබ්‍රාහිම් මහත්මිය මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ. 



අදහස් (5)

මැතිවරණ නීති කැඩීම ගැන බරපතල චෝදනාවක්

විජිත් Friday, 06 September 2024 05:21 PM

ජනතාවගේ ඡන්දයෙන් "තේරී පත්නොවුන" පිනා ජනාධිපති මොලේ අවුල්වෙලා කරන මේ " නීති විරෝධී " වැඩවලට 21 වෙනිදා රටේ මිනිස්සු නිසි පිළිතුරු දෙනවා. රනිල් අනිවාර්යයෙන්ම ඔහු" එතෙක් මෙතෙක් "කළ නීති විරෝධී මිනීමැරුම්, බැංකු මංකොල්ල, දූෂිත ගනුදෙනු,...ඇතුළු සියලුම දූෂණ වලට අධිකරණය ඉදිරියට පමුණුවා දඬුවම් ලබනවා නියතයි. 21 වෙනිදා පත්වන නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා !!! # මාලිමාවට ඡන්ද කෝටියක් #...

:       8       25

Prabha Friday, 06 September 2024 06:24 PM

සිලින්ඩර් සීයා කවද්ද නීතියට ගරු කරන්නේ?

:       8       26

Swene HaputhantirigeSaturday, 07 September 2024 04:58 AM

එයාට බලය නැති වුණාම නීතිය හොයනවා... මතකයිනේ දින 52 දී නීතියේ පිළිසරණ හොයපු හැටි...

:       1       2

Ravin Saturday, 07 September 2024 12:32 AM

මේ වාර්තා සියල්ලම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට යවන්න. ඒවගේම දැනටමත් මෙහි පැමිණ සිටින විදේශීය මැතිවරණ නිරීක්ෂකයින්ට ලබාදෙන්න...

:       0       1

Rohana Saturday, 07 September 2024 08:09 AM

රනිල්ගේ ජනාධිපති සිහිනය බොඳවේ යන බියෙන් දැන් ඔහුගේ මොලය හොඳටම අවුල් වෙලා. ඒකයි මේ පිස්සු කතා සහ පිස්සු වැඩ කරන්නේ...!

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1411 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1785 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5581 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1507 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5906 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5531 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17795 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site