IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මත්වලට එරෙහි වූ පී.එච්.අයිගේ පුතාට පහරදීලා

(සිතුම් චතුරංග)

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශන පාසල්වල  නොපවත්වන ලෙස පියාට දැණුම්දෙන්නැයි තර්ජනය කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ පුත්‍රයකුට පහරදී ඇතැයි සිලාවතුර පොලිසිය කියයි.

පහරදුන් බව කියන බාලවයස්කාර පාසල් සිසුන් ඇතුළු සැකකරුවන් හයදෙනකු මන්නාරම , සිලාවතුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව ද සිලාවතුර පොලිසිය පවසයි.

පහරකෑ සිසුවා මේ වන විට මන්නාරම රෝහලට ඇතුලත් කොට ඇති බවද පොලිසිය පැවසීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයට පැමිණි පිරිස ඔහුගේ පුත්‍රයා නිවසින් පිටතට රැගෙන ගොස් පියා විසින් පවත්වන මත්ද්‍රව්‍ය නිවාරණ දේශන නවතා දමන ලෙසත් පාසල් තුල පැවැත්වෙන එවැනි දේශනවලට නැවත සහභාගී නොවන ලෙසට ඔහුට පවසන ලෙසත් ප්‍රකාශ කරමින් සැකකරුවන් මෙම පහරදීම සිදුකොට ඇති බවට පහරකෑ පුත්‍රයා ප්‍රකාශ ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළේය.

එලෙස පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතකොට ඇත්තේ වයස අවුරුදු 15ක පාසල් සිසුවකු වේ.

පහරදීමෙන් තුවාල ලැබූ සිසුවාගේ තත්වය බරපතල නොවන බවත් මන්නාරම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

පොලිසිය පැවසූයේ මෙම පහරදීම මත්ද්‍රව්‍ය දේශන පැවැත්වීම හා මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළුවක්ද නැතිනම් වෙනත් පුද්ගලික කාරණාවක්ද යන්න සොයාබැලීම සඳහා විමර්ශන පැවැත්වෙන බවයි.

 



අදහස් (0)

මත්වලට එරෙහි වූ පී.එච්.අයිගේ පුතාට පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 766 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site