IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මැතිව්ස් - දුෂ්මන්ත හෙට තරගයට නෑ

(යොහාන් භාසුර )

ඇන්ජලෝ  මැතිව්ස්  සහ දුෂ්මන්ත චමීර  ඉන්දියාවට පැමිණිය ද නෙදර්ලන්තයට එරෙහිව හෙට (21) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොමැති බවත් එම ක්‍රීඩකයන් දෙදෙනාම මේ දක්වා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව නොමැති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවැසීය.

ආබාධයකට ලක්ව සිටින මතීෂ පතිරණගේ ස්ථානයට වෙනත් ක්‍රීඩකයෙක් ආදේශ කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්ෂණික කමිටුවෙන් මේ දක්වා ඉල්ලීමක් කර නොමැති බව කී එම නිලධාරියා එවැනි තත්ත්වයක් තුළ මැතිව්ස්ට හෝ දුෂ්මන්තට හෙට තරඟයට ක්‍රීඩා කිරීමේ කිසිදු අවස්ථාවක් නොමැති බවද එම නිලධාරියා සඳහන් කළේය.

ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර මේ වන විට ඉන්දියාවට පැමිණ සිටින අතර කෙසේ වෙතත් අද පස්වරුව දක්වා සංචිතයට එකතු වී සිටියේ නැත. 



අදහස් (6)

මැතිව්ස් - දුෂ්මන්ත හෙට තරගයට නෑ

de silva berlin Friday, 20 October 2023 03:59 PM

මම 90 දශකයේ අර්ජුන , ගුරුසිංහ , අරවින්ද , මුරලි ,සනත් යන මහත්වරු ක්‍රීඩා කරන තරඟ නැරඹීමට වාසනාවන්ත විය , එම සොඳුරු මතකයන් මගේ සිතේ තවම ඇත , ඔවුන්ට ඉදිරියටත් ශක්තිය බලය සහ දිර්ඝායුෂ ප්‍රර්ථනා කරන අතර , ඔවුන්ට ක්‍රීඩා පිටියෙන් පිටත සිට ධෛර්යය දුන් ආන පුංචිහේවා මහත්මයා සහ ටෝනි ග්‍රෙග් මහතාත් අමතක කල නොහැකි බව සදහන් කරන්න ඕනේ , බුකි කාරයන් විසින් පාලනය කරන බහුතරයක් මහත් හොරු ක්‍රීඩා කරන හෙට තරඟය බැලීමෙන් මම වැලකෙමි , ඕක බැලුවොත් අවසානයේ ඉතුරු වෙන්නේ හිතේ දුකකි , මිට වැඩිය යෝන්දඊ මේ කාලය යොදවා youtube එකේ අපේ පරණ වීරයෝ ක්‍රීඩා කරන පරණ ක්‍රිකට් තරඟයක් නරඹන එක .

:       0       26

Dinesh Friday, 20 October 2023 07:12 PM

ඇත්ත .වගකීම් විරහිතව ක්‍රීඩා කරන තුරු සියලු තර්නග බැලීමෙන් ප්‍රේක්ෂකයන් වැළකිය යුතුයි

:       0       0

sarath Friday, 20 October 2023 06:58 PM

90 දශකයේ මැච් එකක් youtube එකේ බැලුවහම හිතට හරිම සතුටක් ලැබෙනවා , කොල්ලෝ සෙට් එක අර්ජුන අරවින්ද වටා රොක් වෙමින් , උපරිම ජවයක් යොදවමින් රට වෙනුවෙන් ක්‍රීඩා කරන ආකාරය දකින කොට , කුමාර දර්මසේනගේ උනන්දුව , උපුල් චන්දනගේ පන්දු රැකීම් , කලුගේ විකට්ටුව පිටුපස සිට කරන කෑ ගැසීම් හරිම ලස්සනය , හරිම චමත්කාර ජනකය

:       0       0

de silva berlin Friday, 20 October 2023 07:48 PM

90 දශකයේ අපට මොන ස්කෝර් එක දුන්නත් එළවලා ගහනවා , අර්ජුන රණතුංග එම දිනවල බඩ තිබුනත් නායකත්වයේ වගකීම කරට අරන් ඇවිද ඇවිද එක දෙක බැගින් ලකුණ ලකුණ හරි අරන් ලකුණු රැස් කරමින් , අනෙක් ක්‍රීඩකයන්ට දිරියක් දෙමින් පිටිය මැද ඉන්නවා ගොන් ෂොට් ගහල දැවිල යන්නේ නැහැ , මෙහෙම මැදපෙළ කඩ වැටීමක් තිබුනේ නැහැ , අන්තිමට එන මුරලිත් ලකුණු ගහනවා , ඔපෙනින්ග් පෙයර් එක පලවෙනි ඔවෙර් 5 නොදැවී බැට් කලොත් , ප්‍රතිවධි බොලර්ල ගේ ඔලුව නරක වෙලා මානසිකව වැටෙනවා , ඕවර් 10 හිටිය කියන්නේ ප්‍රතිවධිට මල්ටි බැරල් රොකට් ප්‍රහාරයක් වැදුන වගේ , දැන් මැද පෙළ ඉන්න සුපර් ස්ටර්ලට වැඩිය හොඳට වාස් ලට බැට් කරන්න පුළුවන් , දැන් වගේ පෝෂණය පිලිබඳ ලෝක පුජිත උපදේශකයෝ නැති වුනත් ක්‍රීඩකයෝ ලෙඩ වෙන්නේ නැහැ , ලෙඩ උනත් කොර නොන්ඩි ගගහ , හතී දම දමා හරි මැච් එක දිනනවා

:       0       0

alwis Saturday, 21 October 2023 01:05 AM

තුවාලය ඔඩු දුවලා ඉවරයි. දැන් antibiotic දුන්නාට වැඩක් වෙන්නේ නැහැ.

:       0       2

sarath Saturday, 21 October 2023 01:18 PM

90 දශකයේ සිටියේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයෝ.දැන් ඉන්නේ රේන්ජ්රෝවර් වලින් යන මුදලාලිලා ඔවුන්ගේ අරමුණු වෙනස්.මුලින් උනන්දුවෙලා සෙල්ලම් කරනවා සල්ලි ඉල්ලම පෑදුනාට පස්සේ වැඩේ ගොඩ ,ඕනේ පිස්සුවක් නටන්න පුළුවන් ,මණ්ඩලේ පාලනය කරන්නේ ලංකාවේ ලොකුම බුකී කාරයාගේ ගෝලයෝ උන නාකි සල්ලාලයෝ ,කිසිම විනය පාලනයක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 863 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1827 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 970 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 322 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1483 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1051 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39787 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25849 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1254 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site